Tuesday, May 14, 2013

සුමිත් අයියා සහ දේශද්‍රෝහියෝ..


සුමිත් අයියා නම් මහ පුදුම මිනිහෙක්.. බලන්ටකො තියෙන නිරහංකාර කම.. හැමෝත් එක්කම හිනාවෙලා.. වචනයක් හරි කතා කරලා නෙව යන්නේ.. 

ඒ විතරක්ද මළ ගෙයක් දානෙ ගෙයක් වරද්දන්නෙ නෑ.. අපි වගේ නිකං ගිහිං කුට්ටම හොල්ල ඉඳලා එන එකක්ය.. අඩු ගානෙ රුපියල් පන්දාහක් වත් ගෙදර ඇත්තන්ට දීලා තමයි එන්නෙ.. වෙන මොකක් හරි අඩුපාඩුවක් කියන්ට.. ටක් ගාලා තමන්ගෙ සැට් එකට කියලා වැඩේ කරලා දෙනවා.. 


ඒකටත් එක්ක සයිමොං මාමා.. ඒ කිවුවෙ.. සුමිත් අයියගෙ මාමා කාරයා.. අමු කුණා.. අර උඩහ කන්දට යන පාර ලොකු කරන්ට දුන්නෙ ම නෑ නෙව.. නඩු කියලා, හූනියං කරලා කොච්චර නං හදි කළා ද..? ඒ වුණාට නඩුව දින්නට වැඩක් වුණාද..? සුමිත් අයියා ඇවිත් වචන දෙකයි කිවුවේ.. සයිමා නිකංම සයිලන්..


අර මැගි නැන්දගෙ දුව කුමාරි.. *ක කහ ගන්ට නියපොත්ත නැති වුණාට.. *** නළලෙ තියාගෙන හිටියෙ.. සුමිත් අයියා බැස්සා ගේමට.. කෙල්ල සැරෙන්ඩර්.. ආයෙ මොනවද.. දැං ඉතිං කෙල්ලට රජ සැප..නේ.. 


=============================================
අනේ පලයං බං යන්ට.. අපි නොදන්න සුමියා.. ඕකා මරිසියට කාටත් කෙහෙල් ඇවරිය දැම්මට.. ඕකා හෙණ දසයා.. 

බලහං.. ඕකා අඩු ගානෙ.. ඕ ලෙවෙල් වෙනකං ඉගෙන ගත්තද? හැබැයි දැං මුදල් ඇමති තුමාගෙ උපදේශක. ගමේ එවුවන්ට කසිප්පු පොවලා හම්බකරන සල්ලි මළ ගෙවල් වලට මිසක් පොඩි එවුන්ට චොකලට් ගන්ට වියදං කොරන්නෙ නෑ බං..

ඌ පාර කපාගත්තෙ කන්දෙ එවුවන්ට තියෙන ආදරේට වෙන්ටෑ.. අනේ නිකං ඉඳහං.. උගෙ හොර වැඩ ටික පාඩුවේ කොර ගන්ට ගමේ එවුංව ෂේප් කරගන්ට තමයි ඕකා ඔය පාර කැප්පුවේ.. අනික උගෙ හොර ගෑණිගෙ ගෙදරත් කන්දෙ නෙ බං තියෙන්නෙ..

කුමාරි ලැජ්ජා බයට හැදුණු එකියක් කියලා තමයි මාත් හිතං උන්නෙ.. ඒකිත් අපට දාන්ට තියෙන ඔක්කොම පාට් පෙන්නලා.. මුගෙ අතිං සල්ලං වුණා.. කන්ට බොන්ට අඳින්ට නං තාම තියෙනවා.. ඒත් බං රටේ ගස් ටික කපලා, නිධං ටික මංකොල්ල කාලා, කසිප්පු ටික ගමේ එවුන්ට විකුණලා, ඇමතින්ට වන්දිභට්ට කං කොරලා හම්බ කරන සල්ලි කොච්චර කල් යා දෙයි ද කියලා කවුද දන්නෙ..
================================================
උඹලා හිතන්නෙ ඉතිං නුහුරටමනේ.. උඹලා වගේ එවුවන්ට තමයි බං දේශද්‍රෝහියො කියන්නේ..

20 comments:

  1. මං මුලින්ම හිතුවේ මේ ලියල තියෙන්නේ අපේ බ්ලොග් ලියන සුමිත් නිරිඇල්ල ගැන ද කියලා...
    අදයි මේ පැත්තට ආවේ..

    ReplyDelete
    Replies
    1. සුමිත් නිරිඇල්ලලා අපි ඉතිං දේශද්‍රෝහියො නෙව..

      බොහොම ස්තුතියි නලීන් මේ පැත්තට ඇවිත් අදහසක් දැම්මට..

      Delete
    2. අම්මපා....! මාත් බැලුවෙ මට මඩක්වත් දෝ කියලා....:D

      Delete
    3. අයියෝ සුමිත්.. මං එහෙම මඩ ගහන කෙනෙක් නෙවෙයි නේ..

      Delete
  2. කිසිවක් නිරපේක්ෂ නැත.

    ReplyDelete
    Replies
    1. සියල්ල සාපේක්ෂ නැත.. නිරපේක්ෂ එක් දෙයක් ඇත.. එය මා සතුව නැත..

      බොහොම ස්තුතියි.. පළකළ අදහසට මිතුර...

      Delete
  3. වර්තමානයේ "ප්‍රභූවරුන්" බිහිවෙන්නෙ ඔහොම තමයි....

    ReplyDelete
    Replies
    1. මේක මෙහෙම තිබුණට.. ඔය කතාවෙ ඇත්තම කොටස් ගොඩාක් තියෙනවා.. ඔයා කියන කතාව ඇත්ත..

      Delete
  4. ඒවල අවසානයක් ළඟදීම ඒවී... දැන් මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නේ....

    ReplyDelete
    Replies
    1. උඹට පිස්සුද මාතලන්. මේක ලංකාව.

      Delete
    2. අපි අවසන් වීම තමයි මේවා අවසාන කරන්ට පුළුවන් සුවර්ම විදිහ.. නේද?

      Delete
  5. මේවායේ කෙලවර් සොයා ගියහොත්, හැමදාම යන්න වෙන්නේ එක තැනකට.

    ReplyDelete
    Replies
    1. මේවායේ කෙලවරවල් හොයන්න බෑ මිත්‍රයා.. අචින්ත්‍යයි...

      Delete
  6. කලින් කල පින් පල දෙන කල් යා දෙනවා.ඒක නිසා මේ වෙලාවේ නම් කිසි දෙයක් වෙන්නේ නෑ.යතින් ඉඳී...

    ReplyDelete
    Replies
    1. පවු කරන්ටත් වාසනා ගුණයක් තියෙන්ට ඕනලු නේ..

      Delete
  7. මාත් මේ බැලුවේ සුමිත් ගැනදෝ කියල ..

    ReplyDelete
    Replies
    1. ඔවු සුමිත් ගැන තමයි.. හැබැයි අපේ එකා ගැන නෙවී..

      Delete
  8. good job thank's............

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..