Tuesday, May 21, 2013

බැරිදා විග්‍රහය ! විදුලි බිල හා ජවිපෙ


විදුලි බිල වැඩි වීම සාධාරණ ද? 
මට සිතෙන්නේ මේ මිල වැඩි වීම අසාධාරණයක් නැතැයි කියාය.. රටේ උද්ධමනයක් පවතින විට එවන් වැඩිවීමකට අප සූදානම් විය යුතුය. අනෙක් අතට මෙම වැඩි වීම අඩුවෙන් පරිභෝජනය කරන්නන් කෙරෙහි බලපාන්නේ අඩුවෙනි. නැතහොත් බලපාන්නේ ම නැත. අඩු විය යුත්තේ ගසා කෑම්ය, නීතිය වල් වැදීම්ය, ජනතාව ගොනාට ඇන්දවීම්ය, ජනතා විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාය. නීතියේ ඇති අසමානතාය.

එයට විරුද්ධව උද්ඝෝෂණය කළ යුතු ද?
විදුලි බිලට එරෙහිව මෙතරම් උඩ පැනීමක් කොහෙත්ම අවශ්‍ය නැත. උද්ඝෝෂණය කරනවා නම්.. කරන්නට කාරනා එමටය.. ජනතා නියෝජිතයෝ, උන්ගේ පැටවු කෙළින පිස්සු වලට විරුද්ධව උද්ඝෝෂණය කරන්නට කවුරුත් නැත. එහෙම කරනවා නම්.. මාත් එන්නට සූදානම්ය.

ජවිපෙ මිනී මැරූ එක හොඳ වැඩක්ද?
නැත. ඔවුන් සිතුවේත්..සිතන්නේත්.. මිනිසුන් ඉන්නේ කොටස් දෙකක්ය කියාය.. තමන්ට සහයෝගය දෙන සහ තමන්ට විරුද්ධ අය යන කොටස් දෙකයි. ඉතින් ඔවුහු.. නිහඬව සිටිය අයවත් දැක්කේ.. දකින්නේ තමන්ට විරුද්ධ අය යැයි කියාය. අද උදේ රේඩියෝ එකේ කිවුවේ.. අපේ රටේ කවුරුත් ආදරය කළ විජය කුමාරණතුංග, ප්‍රේමකීර්ති ද අල්විස්, සාගරිකා ගෝමස්, තේවිස් ගුරුගේ.. ආදී ලිස්ට් එකක්ම ජවිපෙ විසින් ඝාතනය කළ බවයි.. එය සිදු වුණේ අර කියපු සිතිවිල්ල නිසාය. කොහොම වුණත් ගිය ණුවන ඇතුන් ලවා වත් ඇද්දවිය නොහැක. ප්‍රේමකීර්ති නම් සියවසකට වරක් වත් බිහිනොවන ශ්‍රේෂ්ඨ කවියාට නැවත පණ දිය නොහැක. විජය කුමාරණතුංග නම් සොඳුරු මිනිසාට  නැවත පණ දිය නොහැක..

එහෙමයි කියා ජවිපෙට උද්ඝෝෂණයක් කිරීමට අයිතියක් නැති ද?
ප්‍රශ්නය මෙයයි. ආණ්ඩුව හිතන්නේ එහෙම අයිතියක් ජවිපෙ ට නැතැයි කියා ය. එහෙම බැලුවොත් ඒ අයිතිය වෙනත් එකම දේශපාලන පක්ෂයකට වත් නැත. හරියට හෝ වැරදියට තමන්ගෙ ජීවිත පරිත්‍යාගයෙන් ජනතාව වෙනුවෙන් අරගල කළ පක්ෂයක් ලෙස ජවිපෙට එම අයිතිය හොඳින්ම ඇත.. වරද නම්.. අරගල කළ යුතු කාරණාව තවමත් ජවිපෙට නොවැටහීමයි..

10 comments:

  1. නුඹ ගොන් රජෙකි මහ ගොන් රැලට හිත

    ReplyDelete
    Replies
    1. මම නොවෙමි ඔය කිසිවෙකු හටත් හිත

      Delete
  2. you are a person eating grass. I am sure you are a in the group robbing the public money otherwise you will not write like this.

    ReplyDelete
    Replies
    1. //you are a person eating grass. //
      I wish if I could. If so I don't need to talk or think about these matters.

      //I am sure you are a in the group robbing the public money otherwise you will not write like this.//
      That's a good news, but I wonder how could I do that.

      Anyway thanks a lot for both Ano's.. for reading my post interestingly. and keeping me alive...

      Delete
  3. oya liyala thiyana aka hari katwath mathka naha danata aurudu 4-5 issara dewal anika ada one thnaka lait thiyanawa oya liyana karumak karayo rate sanwardanaya penne naha

    ReplyDelete
    Replies
    1. අප්පට බොළ.. මං මේ ලිපියෙන් ආණ්ඩුවට කඩේ ගිහිල්ලද?
      අපට නං අවුරුදු 4-5 කට විතරක් නෙවෙයි.. 20-30 වෙනකං මතකයි..
      මං කිවුව දේ කවුරුත් තේරුං අරං නෑ වගේ..
      මේ උද්ඝෝෂණය අත්‍යාවශ්‍ය එකක් නොවන බවට රජය විසින් පත් කර තිබියදී.. එවැනි ක්‍රියා මාර්ගයක නිරත වීම අඥ්ඥාන කමක් බවයි මං කිවුවේ..
      අනෙක එහෙම වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්න ඕන නම්.. අපේ රටේ ඕන තරම් ප්‍රශ්න තියෙන බවයි මං කිව්වේ..
      නැතුව මේ රට ආශ්චර්‍යකට යන බව පිළිගන්න තරං මට පිස්සු නෑ..
      ඇස් පනා පිට මේ රට යන්නේ වළ පල්ලට..
      ඒකෙ ආයෙ දෙකක් නෑ.. ඒත් කරන්න ඕන එක පැත්තක තියෙද්දි වෙනත් එකකට උද්ඝෝෂණය කිරීමයි වරද...
      අනෙක මේක උද්ඝෝෂණය කරලා විසඳන්න පුළුවන් දෙයක් නෙවෙයි.. මේ කාලකන්නි ටික ගෙදර යවන්න ඕන.. ඒක කරන්න ඕන ජනතාව..
      උද්ඝෝෂණය කරන්න ඕන නම්..කරන්න දේවල් එමට තියෙනවා නේ..

      රටේ බෞද්ධ සිද්ධස්ථාන ටිකට කෙලින එක, හලාල් මාෆියාව සුළුතරයක් වෙන්ට ඉන්න බෞද්ධයට දරා ගත්තැහැකි කියමුකෝ..
      දුමින්ද වගේ පාහර මිනී මරුවො නීතියට කොකා පෙන්නන එකට විරුද්ධව මුන්ට මුකුත්ම කරන්න බැරිද?
      රජ පැටවු ආතල් ගන්න ජනතාවගේ සල්ලි වලින් කාර් ද අරවද මේවද ගෙනත් පිස්සු කෙළින එකට විරුද්ධව මෙයාලට කතා කරන්න බැරිද?
      ආණ්ඩුවෙ රස්සා කරන උදවිය ප්‍රාණ ඇපකරුවො තත්වයෙන් තියාගෙන ඉන්න එකට මොනවත් මෙයාලට කරන්න බැරිද?
      බැරිකමද? ඕන නැති කමද?
      නැතුව මං රජාගෙ රඟපෑමට අහුවුණාය කියලා හෙම හිතන්ට එපා ආයුබොවං..

      Delete
  4. කතාවෙ ඇත්තක් තියෙනව.
    ඒත් මිනිසුන්ගෙ ජීවත් වීමේ ප්‍රශ්නෙ ප්‍රධානයි,

    ඔබ කියනව වගේ ආණ්ඩුව කරන්නෙ මේ වගේ ගලක් ගහල වතුර බොර කරල අර වැඩ ටික ශේප් එකේ කර ගන්න එක, අපි විදුලි බිල අල්ලගෙන ඉන්නකොට වෙන පැත්තකින් පෙරහර යනව, ඔබ කියනව වගේ පීලි පන්නන්න හැදීම ගැන අවදියෙන් සිටිය යුතුමයි

    ReplyDelete
    Replies
    1. හරියටම හරි මිත්‍රයා.. විදුලි බිල දැන් තියෙන්නෙ අරගල කරන්න ඕන තැනක නෙවෙයි කියලයි මං කිවුවෙ.. අපි විදුලි බිල ගැන අරගල කරනවද නැද්ද.. කියලා කතා කරන අතරේ වෙන පැත්තකින් පෙරහැර යනවා... ඔබ කියපු විදිහටම.. දේශපාලන ප්‍රහසන කලාව.. නොහොත් අලිබබා සහ හොරු හතලිහ කූඨප්‍රාප්තියට ලඟා වුණු කාලයක් නොවැ මේක..

      Delete
  5. එන්න, මේ තනකොල කන්න. පුන්නක්කු බොන්න... :)

    ReplyDelete
    Replies
    1. බලමු.. වෙලාවක් තිබුණොත්.. හොඳේ.....

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..