Wednesday, May 22, 2013

ගං ඉවුරේ ඇන්ද රටා..

ගං ඉවුරේ
ඇන්ද රටා
එදා ආදෙරෙන් තුරුළුව
හිමින් හිමින්
නෙවෙයි මැකුණෙ
ඒකයි පුදුම...
අපට අපව
දුරස් වුණේ
සැණෙකින් කොහොම..
..............................................
එදා වගේ
දොඩමළු වී
කතා කළේ
නැහැයි කියල'
අපි මෙතරම් දුරයි කියල'
කියන්නෙ කොහොම..
මට නං
ඔබ අමතක නෑ
මතකයි තවම.....
.............................................
මතකෙන් නොම ගිලිහුණාට
ලෙංගතු කම් පැවතුණාට
එදා තිබුණු ආදර හිත
හොයන්නෙ කොහොම...
තනි උනහම
සියොළඟ නැහැ
වෙළෙන්නෙ එහෙම..
..........................................
අද අපගේ
හදවත් වල
එදා තිබුණු රාගය නෑ
ලෙංගතු කම
කියන්නෙ
ආදරයයි පරම......
කවදාවත්
මිලින නොවෙයි
ඒ පෙම් කුසුම...
.......................................

5 comments:

  1. රාගය නොමැති තැන පැවැත්මක් ද නෑ මචෝ

    ReplyDelete
    Replies
    1. රාගය නැතත්.. ලෙංගතු කම, විශ්වාසය හා උචිත බව තියෙනවා නම්.. පැවැත්මක් තියෙනවා කියලයි මං හිතන්නෙ.. ඒ පැවැත්ම නැති වෙන්නෙ මරණයෙන් වෙන්ට පුළුවනි..

      Delete
  2. සිත් පතුලේ
    ලෙංගතුකම
    හංගාගෙන
    හිනැහුණාට
    ලොවට හොරෙන්
    නුඹේ දිහා
    බලන්නෙ කොහොම ..

    සිතේ හැඟුම්
    සිත් පතුලෙම
    තිබියන් ඔහොම ..

    ReplyDelete
    Replies
    1. ලෙංගතු කම
      ඔයා ළඟම
      තියා ගන්න
      පරෙස්සමින්
      තහනම් ගහ
      නඟේ හිතට
      දැනෙන්නෙ කොහොම...
      ආස වුණත්
      ඒ ගෙඩි මං
      කඩන්නෙ කොහොම..

      නිර්මාණය තුළින් නිර්මාණ කරුවා මැවීම අපි නොකළ යුතු දෙයක් නේ නඟා.. එය කමෙන්ටුවක් පමණක්ම බව හොඳින් දනිමි.. මෙය එයට ලියූ පිළිතුරක්ම පමණක් බවත් සළකන්න.. බොහොම ස්තුතියි රසවත් කමෙන්ටුවට...

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..