Thursday, May 2, 2013

බ්ලොග් කමෙන්ටුවකට ලිංක් (Link) එක ඔබන්නේ කොහොමද?


නිතරම අපට අවශ්‍ය වෙන පුංචි පුංචි දේවල් අතර බ්ලොග් එකක කමෙන්ටු දාද්දි වැදගත් දෙයක් තමයි.. Link එකක් කමෙන්ටුව අතරට අමුණන එක..

ඔබට අවශ්‍යයි කියලා හිතමු http://hadapathula.blogspot.com කියන Link එක.. "හදපතුල" විදිහට පෙන්නලා.. ඒක  Click කළාම අවශ්‍ය තැනට යන්න..

මෙන්න මේ විදිහට ඒ වැඩේ කරන්න පුළුවන්..



මෙතන තමන්ට යන්ට අවශ්‍ය තැන Link Address එක (දිගුව) http://hadapathula.blogspot.com වෙනුවට දාලා.. පෙන්නන්ට ඕන Text එක හදපතුල වෙනුවට දැම්මා නම් ලස්සනට Link එක පෙනෙයි..

මේක Blogger   වගේම  Wordpress වලත් වැඩකරන බව මට මතකයි.. දැනගත්තට පස්සෙ පුංචි දෙයක් වුණාට.. දැනගන්ට කලිං මහා ලොකු දේවල් විදිහට හිතෙන දේවල් වලිං එකක් තමයි මේක..

මේක ඉතිං පෝස්ටුවක් ලියන්ට තරං දේකුත් නෙවෙයි.. ඒත් ඉතිං ලිවුවට වරදකුත් නෑ.. මයෙ හිතේ..

19 comments:

  1. අැත්තටම මට කමෙන්ට් ඒනනට ලින්ක ඒකක් දාන්න මේ පසුගිය දවසක අවශ්‍යය වුනා.නමු.් නොදන්නා නිසා නිකං හිටියා. බොහොම ස්තුතියි දැනුවත්කිරීමට.
    ඒ කමෙන්ට් ඒක තමයි දුමින්ද සිල්වා නිදහස් වීම පිලිබද මාතලන්ගේ පෝස්ට් ඒකට දාපු කමෙන්ටුව. මට ලින්ක් කරන්න වුවමනා වුනේ භාරත ලක්ෂ්මන් ගේ අවසන් කතාව අැතුලත් වීඩියෝව.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි.. මාත් ටික කාලයක් ඕක මැජික් එකක් විදිහට දැක්ක නිසයි හිතුවේ.. හැමෝම එක්ක බෙදාගන්න එක හොඳයි කියලා..

      Delete
  2. බෙදා ගත්තට ස්තූතියි...

    ReplyDelete
  3. නිමයි සහො. මෙවා html කොඩ් වලින් ලියන්නේ. w3schools බෙබ් සයිට් එකට ගිහන් html වෙබ් ඩිසයින් භාෂාව ගැන ඉගෙන ගන්න. ඔයාගෙ හදපතුල වැනි බ්ලොග් අඩවි වල භාවිතා කර ඇත්තේ html වෙබ් ඩිසයින් භාෂාව. හැබයි වඩ්ප්‍රෙස් වගෙ බ්ලොග් අඩවි වල භාවිතා වෙන්නේ PHP වෙබ් ඩිසයින් භාෂාව.

    එහෙන් ඔන්න නෙතින් එහා මගෙ වෙබ් සයිට් එක පැත්තේ කැරකිලා යන්න එන්නකො.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. අදහස් වලට.. ඒ අදහස් බොහොම ප්‍රයෝජනවත් වේවි.. ඔයාගෙ වෙබ් සයිට් එක පැත්තෙත් ගියා ඕං..

      Delete
  4. වෑඩ වෑඩ බඩු වඩ මෙක කෝටියක් ව්ටිනව සහෝ thanku bro

    ReplyDelete
  5. මාතෘකාව මම පොඩ්ඩක් වෙනස් විදිහට තේරුම් ගත්තේ.... තමන් වෙන තැනක ලියපු කොමෙන්ට් එකකට තවත් තැනක ලින්ක් එකක් දැමීම කියන අරුත මම ගත්තේ.. චතුර කියන්නේ ලියන කොමෙන්ට් එකක් ඇතුලේ ලින්ක් එකක් දෙන්නෙ කොහොමද කියල...

    මට කාලයක් ප්‍රශ්නයක් තිබ්බා මම මුලින් කිව්ව විදිහට තමන්ගේ හරි කාගෙ හරි කොමෙන්ට් එකක් වෙතට යොමු කරන ලින්ක් එකක් දාන්නේ කොහොමද කියලා.

    මුලින්ම අපි අපට අවශ්‍ය කොමෙන්ට් එක හොයාගන්න ඕනේ.. කොමෙන්ට් එකත් එක්කම දිනය සහ වෙලාව තියනවනේ.. ඒක තියෙන්නේ හයිපර්ලින්ක් එකක් විදිහට බව පෙනේවි.. ඕනේ නම් ඒක උඩ ක්ලික් කරලා address bar එකේ තියන ලින්ක් එක කොපි කරලා ගන්න පුළුවන් නැත්නම්, ඒ දිනය/වෙලාව උඩ right click කලාම ලින්ක් එක කොපි කරන්න ඔප්ෂන් එකක් තියනවා. ඊට පස්සේ චතුර කියලා තියන ක්‍රමේ පාවිච්චි කරලා, අර අපට අවශ්‍ය කොමෙන්ට් එකටම කෙනෙක්ව යොමු කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි..ඒකත් හරි ප්‍රයෝජනවත් අදහසක්..

      Delete
  6. බොහොම ස්තූතියි ! චතුර මල්ලි, හරිම ප්‍රයෝජනයි.

    ReplyDelete
  7. Congratulations on your article, it was very helpful and successful. d689709ac423ff52cdec90ba4998d831
    website kurma
    numara onay
    website kurma

    ReplyDelete
  8. Thank you for your explanation, very good content. eac3acae5d925c7c95ed2efcf2704d8f
    altın dedektörü

    ReplyDelete
  9. Önemli giriş adreslerine buradan ulaşabilirsiniz.
    betturkey giriş
    betpark giriş
    Q6Z3

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..