Friday, May 10, 2013

Payroll Software එකක වැදගත්කම.. 2

 Payroll Software එකක වැදගත්කම.. 1 ලියලා සෑහෙන දවසක්.. ඒ කියන්නෙ මාසයක් විතරම ගියා.. දෙවැනි කොටස දාන්න ඉස්පාසුවක් ලැබුණේ අද තමයි ඕං..

C Form, Form C3 Return, R4 Form, Form II Return, PAYE Tax Deduction, T-10  වගේ අතිශය වැදගත් Statutory Reports කිහිපයක් ගැන පළමු ලිපියෙන් අපි කතා කළා..

Salary Sheet, Coin Analyze, Loan Status වගේ 
Reports වල තියෙන වැදගත්කමත්.. Payslip එක ගැනත් අපි කතා කළා..

෴෴෴෴෴අද එතැන් සිට෴෴෴෴෴෴෴෴෴෴

Salary Sheet වගේම වැදගත් 
Reports  දෙකක් තමයි.. Bank Transfer   හා Signature Sheet කියන Reports  දෙක.  Bank Transfer  Report එකේ බැංකුවට පඩිය Transfer වෙච්ච අයගේ විස්තර ටිකත්,  Signature Sheet එකේ සල්ලි වලින් පඩි ගත්තු අයගේ විස්තර සහ අත්සන දැමීමට ඉඩකුත් තියෙනවා.. පල්ලෙහා තියෙන පිංතූර දෙකෙන් පෙන්වන්නෙ මේ Reports දෙකට උදාහරණ...





ඊළඟට අපට හමුවන වැදගත්ම Reports වෙන්නෙ Payroll Summary Reports ටික. මේ ටික ගොඩක් වැදගත්  වෙන්නෙ Salary එක ගැන පොඩි විශ්ලේශනයක් කරන්න.. ආයතනයක් විශාල වෙද්දි.. මේ තොරතුරු ටික බොහොම වැදගත් වෙනවා.. මේ තියෙන්නෙ උදාහරණ Reports කිහිපයක්..





මේ වගේම විෂ්ලේශනයට ඉතා වැදගත් වෙන  Report එකක් තියෙනවා.. Salary Detail by Employee  කියන Report එක.. එමඟින් යම් කාල පරාසයක් තුළ එක් සේවකයෙකුගේ Salary එක වෙනස් වූ ආකාරය සොයා බැලිය හැකියි.. පහත දැක්වෙන්නේ.. එම Report එකේ උදාහරණයක්..


මේ වගේම Fixed/ Variable Allowances හෝ Deductions, Increments, Salary Advance, NoPay, Late, Overtime වගේ Reports වලින් ආයතනයේ දියුණුවට ඉවහල් වන තොරතුරු බොහොමයක් ඉතා පහසුවෙන් හොයා ගන්න පුළුවන්..

මෙයිට අමතරව Salary එකත් එක්ක සෘජුවම සම්බන්ධ නොවුණත්.. Active, Inactive සහ Terminated  Employee Lists ඉතා ප්‍රයෝජනවත්. Employee Profile හා Gratuity කියන Reports දෙකත් බොහොම වටින කියන 
Reports දෙකක්..

දැං බලාගෙන ගිහාම ඔක්කොම වටින කියන ඒවනෙ.. ඔවු ඉතිං වටින කියන ඒවා ගැන තමයි කියන්නේ... නොවටිනා ඒවා ගැන කියලා වැඩක්ය..

ඉතිං එහෙනං Payroll Software එකක තියෙන වටිනා කියන ගොඩාක් Reports ගැන අද ලිපියෙන් විස්තර කළා.. පිංතූර ටිකකුත් දැම්මනේ..

ඊළඟ ලිපියෙන් තවත් වැදගත් කරුණු ටිකක් ගේන්නම්...


ඉස්පාසුවක් තියේ නං විතරක්..
Perfect Software Solutions (Pvt.) Ltd.  කියන අපේ Company එකේ වෙබ් පිටුවටත් ගිහිං.. ගෙදර යන ගමං අපේ ෆේස්බුක් පිටුවටත්  ගොඩවෙලා යන්නකෝ..
 


4 comments:

  1. meke oya signature kiyana ekata danne mokadda
    kohomada eka fill karanne?

    ReplyDelete
    Replies
    1. ඔයා අහන්නේ Signature Sheet එක ගැනද? එහෙම නම්..
      Cash වලින් පඩි ගෙවන අය පඩිය ගත්තා කියලා ලේඛනයකට අත්සන් කළ යුතුයි.. අන්න ඒ ලේඛනය තමයි Signature Sheet කියන්නේ.. ඉතිං සිස්ටම් එකෙන් දෙන්නේ අත්සන් නොකළ හිස් තීරුවක්... සේවකයො පඩිය අරගෙන ගත්තයි කියලා අත්සන් කරනවා...

      Delete
  2. ah mama hithuwa meka data entry form ekak kiyala

    kohomada oya signature eka system ekata enter karanna ona unoth karanne sewakaya padiya gaththa kiyala

    ReplyDelete
  3. ඇත්තටම මලිත් එහෙම අවශ්‍යතාවයක් එන්නෙ නෑ.. Hard copy එකක තමයි.. Employee Sign කරන්නේ.. එහෙම Signatures කලිං ඇතුළත් කරලා.. තියෙන එක ප්‍රායෝගිකව කොහෙත්ම ප්‍රයෝජනවත් නැති දෙයක්..

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..