Tuesday, June 4, 2013

සුමිත් අයියා සහ දේශද්‍රෝහියෝ..3 (හෘද සාක්ෂිය)


සුමිත් අයියා සහ දේශද්‍රෝහියෝ ලිපිය ලිවුවට පස්සේ මට හිතුණනේ.. ඒකෙ දෙවැනි කොටසකුත් ලියන්ට..  ඉතිං ඊට පස්සෙ හිතුණා තුන්වැනි කොටසකුත් ලියන්ට.. තරහා නෑ නෙව..

ඇයි බං කෙලෙහිගුණ කියලා ජාතියක් උඹ දන්නෙම නැද්ද? අයියට රස්සාව දෙනකං වැඳගෙන ඉඳලා.. දැං එනවා කයිවාරු ගහන්ට..


මං එහෙම වැඳගෙන හිටියේ නෑ.. අනික සුමිත් අයියා.. අපේ අයියට ඔය රස්සාව නුදුන්නනං.. ඒක දෙයි ඊට වඩා හපං එකෙකුට.. අපේ එකා අඩුගානෙ ඕලෙවල්වත් කළා..

හරි.. උඹ කියන්නෙ උඹලෑ අයියට රස්සාව දුන්නු එක වැරදියි කියලනේ.. අපි ඒක සුමිත් අයියට කියමු.. 

ඒක ඉතිං උඹේ කැමැත්තක්.. මං කැමතියි අයියා එක එකාට කඩේ යන්නෙ නැතුව.. තමන්ගෙ හයියෙං රස්සාවක් කරනවා නං.. අඩු ගානෙ මැරෙන මොහොතෙ උගෙ හෘද සාක්සියෙන්වත් ඌට සැනසීමක් තියෙයි..

අනේ උඹෙයි මගෙයි හෘද සාක්සිය.. දැං උඹ උපාදි සහතිකේකුත් තියං බෝක්කු ගානෙ වේලෙනවා.. උඹේ හෘද සාක්සියට පුළුවං උනාද අර අම්මටයි තාත්තටයි බෙහෙත් ඩිංගක් අරං දෙන්ට..? අර හෘද සාක්සිය නැති අයියා නේද.. ඒකත් කොරන්නෙ..

ඒක නං ඇත්ත බං.. උඹ මගෙ පපුවට පිහියෙං ඇන්නා නං මීට සැපයි බං.. හ්ම්..

මට අයියට වගේ යුතුකං ඉෂ්ඨ කොරන්ට බැරි වෙයි.. ඒත් මං රටට ණය නෑ බං.. මං පහුගිය ටිකේ.. වැලි ගොඩ දාලා ගානක් එක්කහු කරන්ට ගත්තා.. කොහෙද දැං සතියට දවස් දෙකයිනෙ ඒකත් කොරන්ට දෙන්නෙ.. කොහොම හරි සල්ලි ටිකක් එක්කහු කරලා.. මං මගේම කියලා වැඩක් පටං ගන්නවා.. හොරකමයි බොරුවයි නැති..

ඉතිං මං සුමිත් අයියට කියලා පොඩි ලෝන් එකක් සැට් කරලා දෙන්නම්කෝ.. උඹ ඉක්මණටම පටං ගනිං වැඩේ..

නෑ.. බං.. මට එහෙම කරන්ට හිත දෙන්නෙ නෑ.. මං ප්ලෑන් කරපු විදිහටම කරනවා.. මහලොකු ගානක් ඕන නෑ නෙ වැඩේට.. 40,000 මට මාස තුනකින් විතර ඉතුරු කරගන්ට පුළුවං..

උඹ පිස්සු නොකර ඉඳහංකෝ.. මං වැඩේ සැට් කරලා දෙන්නං කෝ.. 

සුමිත් අයියා.. සමන්ත මළයා පොඩි වැඩක් පටං ගන්ට යනවලු.. පොඩි මුදල් අර්බුදයක් තියෙනවලු.. අපිට බැරිවෙයිද පොඩි සපෝට් එකක් දෙන්ට..
බෑයි කියලා බෑ නෙ මල්ලි.. කොහොම හරි සපෝට් එකක් දෙමු.. කීයක් විතර ඕනලුද..? 

50,000ක් විතර..

මුදලාලි අපේ කොල්ලෙක්ට පොඩි වැඩකට සල්ලි ටිකක් ඕනලු.. හෙට උදේ.. සැට් කරමුද? වැඩිය නෙවෙයි.. 75,000යි. 

ඔන්න සිරා.. 50,000 ට 60,000 ක් ම තියෙනවා.. කොළුවට ගිහිං දියං..

මෙන්න මචං.. සුමිත් අයියා 50,000 ක් ම දුන්නා උඹට.. 

ඒ මොකටද..?

ඇයි බං උඹ පටං ගන්ට යන වැඩේට.. සල්ලි මදි බව මං කිවුවා.. විතරයි මිනිහා ටක් ටක් ගාල කාට කාටද ෆෝන් කළා.. අද උදේ මගෙ අතට සල්ලි දුන්නා.. ඔන්න බලපං මනුස්සකම..

මනුස්සකම..??? උඹට පිස්සුද බං..???

6 comments:

  1. 1 සහ 2 කියවන්න නම් බැරි උනා. ඒත් අද අතර මැදියන් කවුරැත් කරන්නේ නිකං ඉඳගෙන ගාන කපාගන්න එක. අතරමැදියන් වැඩිවෙන්න් වැඩිවෙන්න අසාධාරණයට පත්වෙන්නේ මූල් පුරැකේ ඉන්න මිනිහාත් අවසාන පුරැකේ ඉන්න මිනිහාත් ය.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. ඒත් අද හුඟක් දෙනෙක් කරන්නෙ අතරමැදියන්ගෙ රාජකාරිය නේද? වෙලාවක් තිබුණොත් 1යි 2යි ත් කියවන්නකෝ..

      Delete
  2. අද රටටම විපත මේ අතර මැදියන් තමා. මේ සිද්දියම තමා රත්න ශ්‍රී විජේසිංහයන් සින්දුවක් ලෙස ලියන්නේ වලි කුකුල්ලු ඇවිදින් මැණිකේ හේනට ඇවිදින් කියලා.හොඳට ඒ ගිතය අහලා බලන්න මලයා. උඹේ ලියවිල්ල සුප්‍රා.

    ReplyDelete
    Replies
    1. හ්ම්.. සිංදුව නං මතකයි.. ආයෙ අහලා බලන්ට ඕන.. බොහොම ස්තුතියි.. ඇගැයුමට.. සොයුර..

      Delete
  3. ඔය තියෙන්නේ නියම සමාජ දේශන...

    ReplyDelete
  4. ඔන්න මනුස්සකම...
    දුක්ගන්නාරාළ මාකට් කරන "මනුස්සකම"ත් ඕකම තමයි.

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..