Friday, June 7, 2013

අවුරුදු 3 ක් කියන්නෙ ව්‍යාපාරයකට ලොකු දුරක්.. ද?


Perfect Software Solutions(Pvt) Ltd කියන්නෙ මගේ මූලිකත්වයෙන්,  තවත් බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් හා සහයෝගයෙන් ඇරැඹුණු  ආයතනයක්. අපි අපේ ආයතනය වෙනමම ව්‍යාපාරයක් විදිහට පටං ගත්තේ මීට අවුරුදු තුනකට කලිං.. 


අපි ව්‍යාපාරය පටං ගන්නකොට.. අපට තිබුණෙ.. එකම එක Software Product එකයි..

                                                 Payroll Software
                                                            BizPay - Payroll Solution 

ඒත් අපට QB Lanka සමාගමේ සහ Softkey සමාගමේ සහයෝගය තිබුණා.. ඒ වගේම EBS Lanka ආයතනය, SOHANEC Total IT Solutions ආයතනය වගේ සහෝදර ආයතන ගනණාවක් අපිත් එක්ක සහයෝගයෙන් කටයුතු කළා.  ඒත් ගෙවුණු අවුරුදු තුන නම් ඒ තරම් සුන්දර වුණේ නෑ.. මොකද Software  වල දේශීය වෙළඳපොල විනාශ වෙලයි තියෙන්නේ.. විවිධ ආකාරයේ වංක පුද්ගලයින් මේ විෂය තුළ අපේ පාරිභෝගිකයින් බොහොමයක් රවටා තිබෙනවා.. පාරිභෝගිකයාට අවැසි දේ වෙනුවට.. මොකක් හෝ කුණුගොඩක් ඇඟේ ගහලා මාරු වෙන අය බොහොමයක් ඉන්නවා.. අපට අවශ්‍ය වුණේ.. වත්මන් සම්ප්‍රදාය වන එකිනෙකා කපාගෙන යන ක්‍රමය වෙනුවට, බොරු කියලා පාරිභෝගිකයා රවට්ටන ක්‍රමය වෙනුවට.. පාරිභෝගිකයාට හොඳම සහ අවංක සේවයක් දීලා අපේ ව්‍යාපාරය දියුණු කරන අතර අලුත් වෙළඳ සම්ප්‍රදායක් හඳුන්වා දෙන්න. 


Job Costing, Stock Control, Loan Management වගේ නිශ්පාදන ගනණාවක් අපේ නිශ්පාදන ලැයිස්තුවට කාලයත් එක්ක එකතු වුණා.. 
Job Costing Software
Job Costing

         
Stock Control Software
Stock Control


Money Lending Software
Loan Management

මීට මාස හතරකට විතර කලිං අපට තවත් පියවරක් ඉදිරියට තියන්න පුළුවං වුණා.. ඒ තමයි Web Site Design සහ Web Application Developments ආරම්භ කිරීම.  එය කාලෙක ඉඳං අපේ හිත්වල තිබුණු හීනයක් වගේ.. 


දැං ඉතිං පොඩ්ඩක් එළියට බහින්න කාලෙ හරියි කියලා අපි හිතුවා.. ආර්ථිකේ හතරවරං වෙලා තියෙන මේ කාලෙ එළියට බහිනවා නං ලොකු discount එකක් දෙන්නත් එපාය.. ඉතිං අපි තීරණය කළා.. අපේ ප්‍රධාන නිමැයුම වෙන.. BizPay - Payroll Solution එකට 35% ක විතර ලොකූ.. ම ලොකු Discount එකක් දෙන්න.. හැමදාටම නෙවෙයි.. ලබන ජූලි මාසෙ 15 වෙනකං.. විතරයි..

Mega Discount on PSSPay

Website Design කරන වැඩෙත් මේ දවස් වල ගජ ලාබෙට කරනවා..
ඉතිං කවුද අපිට මේ Campaign එකට උදවු වෙන්නෙ.. ?

ඔයාලට මේ උදවු වලිං එකක් හරි කරන්න පුළුවන්නං අපට ලොකු උදවුවක්.. ඔයාලට ලොකු පිනක්..

1. දන්න ආයතනයකට Payroll Software එකක් හොයනවා නම්.. අපට ඔත්තුව දෙන්ට.. (පවු සිද්ධ වෙන්නෙ නෑ.. අපි සුපිරියටම විසඳුම දෙනවා..) ඉතුරු හරිය අපට බලාගන්ට බැරියෑ.. <සංතෝසමකුත් දෙන බව මතක තියා ගන්ට..>

2. දන්න කාට හරි Web Site එකක් පත්තු කරගන්ට ඕන නං.. අපේ පැත්තට හරවන්ට.. <මේකටත් පුංචියට හරි සංතෝසමක් දෙන්නංකෝ..>

3. දන්න ආයතනයකට Job Costing, Stock Control, Loan Management වගේ Software එකක් හොයනවා නම්.. ඒ ඔත්තුවත් අපටම දෙන්ට..(Construction, Machinery, Production වගේ රාජකාරි කරන ආයතන වලට අපේ Job Costing Solution එක හොඳට ගැලපෙනවා.. <හොඳ සංතෝසමක් දෙනවා මේකට නං.. >

4. ඔයාලගෙ යාළුවො අතරේ අපේ දැන්වීම්, අපේ සයිට් එක Share කරන එකත් ලොකුම උදවුවක්..

5. අපේ ෆේස්බුක්  පිටුවට ගිහිං අපට ලැයික් එකක් ගහන එකත් වටිනා දෙයක්..

6. අපේ බ්ලොග් එකටත්  Publicity එකක් දෙන්ට පුළුවන්නම් අගෙයි..

අනිත් අයට කොහොම දැනුණත්.. අපට නං.. අවුරුදු තුනක් ඇතුලෙ අපි ආපු දුර ... ලොකු දුරක්.. 




     

12 comments:

  1. ඔබේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  2. Replies
    1. බොහොම ස්තුතියි මල්ලි.. බොහොම කාලෙකින් මේ පැත්තෙ..

      Delete
  3. හැකි විදියට උදව්කරන්න අවස්ථාවක් ලදොත් කරන්නම්. පහළම තියන උදව් ටික නම් කරලා දාන්නම් අද රෑටම.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි නලීන් සොයුර..

      Delete
  4. අහන්නත් සන්තෝසයි. සුභ අනාගතයක්.

    ReplyDelete
  5. ජයවේවා! උදව්වක් කරන්න බැරිඑකට කණගාටුයි.

    ReplyDelete
    Replies
    1. ඒකට මොකද..? ඔය අන්තිම හරියේ තියෙන උදවු වලින් එකක් වත් කරන්නකෝ පුළුවන්නම්..

      Delete
  6. මේ කාර්ය‍යට ඉත සිතින්ම සුබ පතනවා චතුර මල්ලි. මටත් හැකි ලෙස උදව්වක් වෙන්නම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. අක්කා. වචනෙත් ලොකු හයියක්..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..