Thursday, June 6, 2013

දේව ධර්මය


මං පුංචිම කාලෙ ඉස්කෝලෙ ගියේ අවිස්සාවේල්ලෙ ශාන්ත මරියා විද්‍යාලයට.. ඒ කාලෙ මටයි අපේ මල්ලි කෙනෙකුටයි ඒ මල්ලිගෙ තාත්තා පොත් පිංචවල් දෙකක් ගෙනත් දුන්නා.. ඉන් මට ලැබුණු පොත තමයි "දේව ධර්මය" කියන්නෙ.. මේකෙ කතාව සම්පූර්ණයෙන් මතක නැති වුණාට.. ඒ කතාවෙ ඉන්න බෝසත් කුමාරයා.. විසින් රකුසෙකුට දේව ධර්මය පැහැදිලි කැර දී සිය සහෝදරයින්ගේ ජීවිත බේරා ගත් බවත්..මට මතකය.. එදා කුමාරයා දේව ධර්මය පැහැදිලි කළේ.. "පවු කිරීමට ඇති ලැජ්ජාව සහ බිය" යනුවෙන් බවත් මට හොඳටම මතකය.. එදා සිට නොයෙක් විට.. පවු යනු මොනවා දැයි මම නිතර සිතා බැලුවෙමි.. ඒ පවු කරන්නට ලැජ්ජා වුණෙමි.. බිය වුණෙමි.. ඉඳ හිට හෝ.. එයින් මිදී පවක් කළ මොහොතක මට එයට සැනෙකින් දඬුවම් ලැබුණි.. 

තව චුට්ටක් ලොකු වෙනකොට බලපු ටෙලි නාට්‍යයක කියැවුණු අදහසක් මට මතකය.. ප්‍රකාශක නළුවා.. සතිශ්චන්ද්‍ර එදිරිසිංහ මහතාය.. 
තමන් යන්ට ඕන.. ගියේ කොහේද කියලා සභාවක කියන්ට පුළුවන් තැනකට..
තමන් කරන්ට ඕන.. කළේ මොනවාද කියලා සභාවක කියන්ට පුළුවන් දෙයක්..

මේ කියමන මගේ හිතේ තදින් රැඳුණේ ඇයිදැයි නොදනිමි.. එහෙත් මා ඒ ගැන හිතන්ට පටන් ගත්තේ තවත් කාලයකට පසුවය... 

මීට වසර කීපයකට පෙර කුකුල්පනේ සුදස්සි හිමි දෙසුවේ මෙබඳු අදහසකි..
සමහරු පවු කරන්න කරන්න දිලෙනවා..
සමහරු පිං කරන්න කරන්න දිලෙනවා..
සමහරු පවු කරන්න කරන්න වැටෙනවා..
සමහරු පිං කරන්න කරන්න වැටෙනවා..

මුලිං කිවුව කට්ටිය .. සසරෙ පවු කරලා පුරුදු අය.. ඊළඟ කට්ටිය පිං කරලා පුරුදු අය.. ඊළඟ කට්ටිය පවට බරයි.. ඒත් සංසාරෙදි පුරුද්දක් විදිහට පවු කරලා නෑ..... ඊළඟ කට්ටිය සංසාරෙදි පින පුරුදු කරලා නැති තරම්..

මේ කතාව මගේ හිතේ දේව ධර්මය ගැන තිබූ පුංචිම සැකයත් අයිං කළා කියලයි මට හිතෙන්නෙ..

ඒත් දේව ධර්මය අපේ සමාජයට කොයි තරම් දුරද?

ප.ලි.
පිංතූරය ගත්තෙ මෙතැනින්.. වගේම අදාල ජාතක කතාවත් එතැනම තියෙනවා..

7 comments:

  1. පවු කරන්න කරන්න වැටෙනවා කියපු කට්ටියටද පිනට බරයි.. ඒත් පින පුරුදු කරලා මදි කියල කිව්වෙ.

    ඔය දේවධර්මය ගැන කතාව ජාතක කතාවක් නේද? අපිටත් පොඩි කාලෙ ඔය වගේ කතාවක් කියල දුන්න මතකයි. රකුසා විදියට එන්නෙ ශක්‍රදෙවියොය, කුමාරයා දේව ධර්මය අසන ගමන්ම ඊට හිලව්වෙන්න රකුසට ආහාර පිණිස ගල්කුලක් උඩ සිට රකුසගෙ කටට පනිනවය වගේ කතාවක් තිබුනෙ ඔය කතාවෙ නේද.

    මට පේන්නෙ අයියා කියන්නෙ අර දිය ගේන්න පොකුණට ගිය සහෝදරයො හොයන්න ගියපු කුමාරයගෙ කතාවද කොහෙද. පොකුණට බැස්ස අඩිපාරවල් මිස ආපසු ආව අඩිපාරවල් නොදැක කුමාරය වෙනත් වේෂයකින් හිටපු දිය රකුසාව ජීවග්‍රහයෙන් ගෙන තර්ජනය කරල තම සහෝදරයින් බේරාගත්තය කියල වගේ ඔය කතාව මට මතක. අනේ මන්දා, මොකක්ද පැටලීමක් තියෙනව වගේ. අහල තිබුනට දැන් ඒ හැටි මතකයක් නෑ.

    ReplyDelete
    Replies
    1. මල්ලි දෙවෙනියට කියපු එක තමයි.. පිංතූරෙ ගත්තු ලිංක් එකට ගියා නම් කතාව සම්පූර්ණයෙන් මතක් කරගන්ට තිබුණා..

      පවු කරද්දි පිරිහෙන මිනිස්සු සංසාරෙ පවු කරලා පුරුදු අය නෙවී.. ඒකයි උන්නාන්සෙ කිවුවෙ.. එයාලා පිං පුරුදු කරන්ට උත්සාහ ගන්ට ඕනි කියලා... එතන "පින" වෙනුවට "පව" කියලා තමයි යෙදෙන්ට ඕන.. මල්ලිට ස්තුතියි වරද පෙන්නුවට..

      Delete
    2. ස්තූතියි. දැන් ගිහින් ඒ කතාව කියෙව්ව. ඒ කතාව නම් දැන් මතක් උනා. ඒත් මම කල්පනා කරේ එතකොට අර අනිත් කතාව මොකක්ද කියල.

      Delete
    3. මට නං ඔහොම කතාවක් ගැන මතකයක් නෑ මල්ලි..

      Delete
    4. //..අපිටත් පොඩි කාලෙ ඔය වගේ කතාවක් කියල දුන්න මතකයි. රකුසා විදියට එන්නෙ ශක්‍රදෙවියොය, කුමාරයා දේව ධර්මය අසන ගමන්ම ඊට හිලව්වෙන්න රකුසට ආහාර පිණිස ගල්කුලක් උඩ සිට රකුසගෙ කටට පනිනවය වගේ කතාවක් තිබුනෙ ඔය කතාවෙ නේද...//

      මේ දහම්සොඬ ජාතකය

      Delete
    5. දහම් සොඬ ජාතකය මේ තියෙන්නෙ.. බොහොම ස්තුතියි හසිත ඔත්තුවට..

      Delete
    6. හරිනේ.. මමත් මේ දෙතුන් දෙනෙක්ගෙන් අහල යන්තම් නම හොයන් ආවා විතරයි කමෙන්ට් කරන්න. ඔය හසිත නම කියල තියෙන්නෙ. ස්තූතියි හසිත.

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..