Wednesday, June 19, 2013

බැරිදා විග්‍රහය..! උඩ බලාගෙන කෙළ ගසා ගැනීම

යම් හොඳක් කරද්දී.. යම් නරකක් ද විය හැක.. අප තෝරා ගත යුත්තේ හොඳම විකල්පයයි..

අප මහ බෝසතුන්ට සිය ඉසුරුමත් හා පරිපූර්ණ පවුල් ජීවිතය ද බුද්ධත්වය ද කියා තෝරා ගන්නට සිදු විය.. උන් වහන්සේ තෝරා ගත්තේ ලෝකෝත්තර මාර්ගයයි.. එයින් යසෝධරාව, සුදොවුන් රජ සහ රහල් කුමරු.. සෝකයට හා තැවුලට පත් වූ තරම කෙතරම්දැයි අමුතුවෙන් කිව යුතු නැත.. බහුතර ජනයාගේ යහපත වෙනුවෙන්.. තමාගේත්.. තම හිතවතුන්ගේත් සුඛ විහරනය අමතක කළ අවස්ථා බෝසත් සිරිත තුළ එමටය..

එතරම් කැපවීම් කර ලබාගත් අවබෝධය තුළින් බුදුන් වහන්සේ අපට දෙසූ දහම නම්.. බුදු දහමයි.. එම දම් දෙසුම් සහ සිවුවනක් පිරිස බුද්ධ ශාසනයයි.. මුල් කාලයේ මුඛ පරම්පරාවෙන් ගෙන ආ ශ්‍රී සද්ධර්ම දේශනා පසු කලෙක ග්‍රන්ථාරූඩ කළ ද, බුද්ධ ශාසනයට සබැඳි භෞතික හා සංස්කෘතිකමය බොහෝ දෑ.. උපාය මාර්ගිකව හෝ බලෙන් විකෘති කිරීමට හෝ විනාශ කිරීමට තිබූ බලවේග මෙතෙකැයි කිව නොහැකි තරම්ය..

බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා.. දිවි පරදුවට තබා කැප වූ අය බෞද්ධ ඉතිහාසය පුරා හමු වේ..
මිහිඳු හිමි ආගමනයෙන් නිර්මිත හෙළ බොදු සංස්කෘතිය තුළ බුද්ධ ශාසනය රැකීමේ වගකීම හෙළයා බාරගෙන ඇති බව මගේ වැටහීමයි.. ඒ අනුව.. හෙළ-බොදු යන දෙ වදන ගසට පොත්ත මෙන් බැඳුණු අයුරකි.. (බොදු දර්ශනය අතරමඟදී හින්දු හා විවිධ ප්‍රාදේශීය ඇදහීම් වල සංයෝජනයටද ලක්ව හෙළ-බොදු සංස්කෘතිය ලෙසින් ඉදිරියට ආ බව පෙනේ)

කෙසේ වෙතත් හෙළයා විනාශ වෙන්නට යන හැම විටකම වාගේ.. බොදු හිමිවරුනගේ සහාය හෙළයිනට ලැබුණු අතර.. බොදු සංස්කෘතික විනාශයට එරෙහිව නැගී සිටියෝ හෙළයෝම විය..
ඇතැම් විට හෙළයා රකින්නට බොදු භික්ෂුව සටන් පෙරමුණට ආ තැන් ඉතිහාසයේ එමටය.. උන් වහන්සේලා අපේ ජාතික වීරයෝය..

අදත් හෙළයාට සිදුවන අසාධාරණයට එරෙහිව බොදු භික්ෂුව සටන් පෙරමුණට ආ කල.. ඔවුහූ.. අන්තවාදියෝය.. ජාතිවාදියෝය.. ආගම්වාදියෝය...

බොදු භික්ෂුව හෙළයා වෙනුවෙන් සටන් කළ යුතුයැයි මම නොකියමි.. එය පැහැදිලිවම.. බොදු පුතෙකුගේ කාර්‍යභාරය නොවේ.. එහෙත් එය හෙළයකුගේ කාර්‍ය භාරය වේ.. චීවරය පසෙකට විසිකොට හෝ.. මේ සටන කළ යුතුය..

අනෙක් අතට.. වත්මනෙහි හෙළයා වෙනුවෙන් හඬ නඟන භික්ෂුව.. අන්තගාමී නම්.. ජාතිවාදී නම්.. ආගම්වාදී නම්.. ඇස්. මහින්ද හිමි... කුඩාපොළ හිමි.. ඇතුළු හෙළ සටන් පෙරමුණෙහි මූලිකත්වය දැරූ සියළු හිමිවරු මේ ඝණයට අයත්ය..

උඩ බලාගෙන කෙළ ගසා ගැනීම වත්මන් හෙළයාගේ විනෝදාංශය බැවු පෙනේ..

29 comments:

  1. //අසාධාරණයට එරෙහිව බොදු භික්ෂුව සටන් පෙරමුණට ආ කල.. ඔවුහූ.. අන්තවාදියෝය.. ජාතිවාදියෝය.. // කවුද මෙහෙම කියන්නේ උන් අවස්ථාවාදියෝ ය. මොන වාදය කරන්නත් කලින් රටයි ජාතියයි ආගමයි බේරගන ඉන් පස්සේ කතා කරමු ජාතිවාද ගැන. කොටියා ගෙන ගියේ ජාතිවාදයක් නොවේ මේ මිනිස්සුන්ට.

    ReplyDelete
  2. අපේ හමුදුරු කෙනෙක් මේව කතාකලාම තමා හැමටම රිදෙන්නෙ. අපේ මිනිසුන්ගෙ හැටි. අනෙක් උන් කෑ ගහනකොට ඇස් ,කන් වහගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. ඇයි අපේ එවුංම අපට විරුද්ධව වැඩ කරන්නෙ කියන එකයි ලොකුම අවුල..

      Delete
  3. ශිෂ්ට මිනිසුන් සහ අශිෂ්ට මිනිසුන් ප්රශ්ණ වීසදන ආකාර වෙනස් බව ඔබ දන්නවාද

    ReplyDelete
    Replies
    1. අපොයි ඔවු... ශිෂ්ඨ මිනිසුන් සහ අශිෂ්ඨ මිනිසුන් දෙපැත්තට බෙදන රේඛාව තමයි මට පැහැදිලි නැත්තෙ..

      Delete
  4. තමන් අවට ඉන්නේ මිනිස්සු බවත් ඔවුන්ට එකිනෙකා අතර වගකීමක් තිබිය යුතු බවත් ශිෂ්ට මිනිසා දන්නවා

    ReplyDelete
    Replies
    1. වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියලා කියනවා වගේම විසෙන් විස නසනු කියලාත් පැරැන්නෝ කියලා තියෙනවා නෙ නේද?

      එක කොට්ඨාශයක්.. තවත් කොට්ඨාශයක් සතු දෑ කූඨ ලෙස හා උපක්‍රමශීලීව කොල්ලකනවා.. (එය ශිෂ්ඨ ද? අශිෂ්ඨ ද?)

      කොල්ලකෑමට ලක්වූ පිරිසෙන් කොටසක් කොල්ලකෑමට විරුද්ධව නැගී සිටිනවා...(එය ශිෂ්ඨ ද? අශිෂ්ඨ ද?)

      කොල්ලකෑමට ලක්වූ පිරිසේම තවත් කොටසක්..කොල්ලකෑමට විරුද්ධව නැඟී සිටි අයට විරුද්ධව දැඩි ලෙස පහර එල්ල කරනවා.. (එය ශිෂ්ඨ ද? අශිෂ්ඨ ද?)

      Delete
  5. වෛරයෙන් වෛරය නොසන්සිඳේ මෙහෙම කිව්වේ බුදුන් වහන්සේ මිනිසුන්ට අදාලවයි
    විසෙන් විස නසනු මේක අදාල පැරණි සර්ප විෂ වෙදකමට
    මා දන්නා ආකාරයට නම් සර්පයන් සහ මිනිසුන් එක සමාන නැහැ
    අවසාන තර්ක 3ම ඔබට වඩා හොඳින් කාර්ල් මාර්ක්ස් පැහැදිලි කර තිබේ නමුත් ඔබ ලිපිය ලියන්නේ ජාතිය සහ ආගම පදනම් කරගෙනය් ලිපියක පදනම ඔබට ඕනෑ ඕනෑ විදියට වෙනස් කරන්න පුලුවන්ද මම දන්නා විදියටනම් බැහැ

    ReplyDelete
    Replies
    1. මා එය පැහැදිලි කළේ නෑ.. ඔබගෙන් පැනයක් ඇසුවා පමණයි.. අනික කාල් මාර්ක්ස් වගේ කෙනෙක් එක්ක මං මොන හාල්පාරුවෙක්ද..?

      මං මේ ලිපිය ලියන්නේ මගේ රට, ජාතිය හා ආගම පදනම් කරගෙනයි.. ඔවු.. ඒත් ලිපිය ලියන්නේ මම නම් ලිපියේ අන්තර්ගතය හා පදනම තෝරාගන්නේ මමයි.. හැබැයි ඒ පදනමේ කරුණු වෙනස් කිරීමට නම් මට අයිතියක් නෑ.. මං එහෙම කරලා තියෙනවද?

      Delete
    2. මුල් ප්රශ්ණය ඔබ නිකමට ඇසුවා කියලා මා සිතුවේ නෑ එමගින් ඔබ කියන්නේ මොකද්ද කියලය් මට දැනගන්න ඕනෑ වුනේ අන්තිම ප්රශ්න 3 පොදු පදනමක නැතිව ඔබේ ලිපියට අදාලව අහන්න කියලය් කිව්වේ

      Delete
    3. මං මොන හාල්පාරුවෙක්ද..? ගැන පොඩි එකතුකිරීමක් සමාජ සංවාද වලදී තමාට හෝ අනෙකාට අපහාසාත්මක වචන භාවිතා නොකෙරේ

      Delete
    4. හාල්පාරුවා යැයි යෙදුවේ අපහාසයට නොවේ.. මා මටම අපහාස කරගන්නේ කුමකට ද.. හාල්පාරුවා යනු අපහාසාත්මක වදනක් හෝ කුණුහරුපයක් ලෙස වටහා ගැනීම අසන්නා හෝ කියවන්නාගේ කැමැත්තය... මා එය යෙදුවේ.. මා කාල් මාර්ක්ස් අභිමුව ඉතා ක්ෂුද්‍ර වූ මිනිසෙකු බව කියා පෑමට මිස .. මාර්ක්ස් ට හෝ මට අපහාස කිරීමට නොවේ..

      Delete
    5. මිනිසුන් හා සර්පයින් සමාන නැහැ.. ඒත් ඒ හැම විටම නොවේ..

      ඔබ විස්තර කර ඇත්තේ පොදු පදනමක පිහිටා බව පේනව.. ඒත් මා එම පැන තුන විමසුවේ.. මගේ ලිපියට අදාලවමයි..

      Delete
    6. ඔබගේ ප්රශ්ණ ඔබගේ ලිපියට අදාලව ඇහුවොත් මෙහෙම නේද

      දෙමළුන් සහ මුස්ලිමුන් .. සිංහලයන් සතු දෑ කූඨ ලෙස හා උපක්රමශීලීව කොල්ලකනවා.. (එය ශිෂ්ඨ ද? අශිෂ්ඨ ද?)

      සිංහලයන් ගෙන්කොටසක් කොල්ලකෑමට විරුද්ධව නැගී සිටිනවා...(එය ශිෂ්ඨ ද? අශිෂ්ඨ ද?)

      සිංහලයන් ගෙන් තවත් කොටසක්..කොල්ලකෑමට විරුද්ධව නැඟී සිටි සිංහලයන් ට විරුද්ධව දැඩි ලෙස පහර එල්ල කරනවා.. (එය ශිෂ්ඨ ද? අශිෂ්ඨ ද?)
      ලිපියේ පදනම මත ප්රශ්න අසනවා යනුවෙන් මම අදහස් කලේ මෙයය් අවශ්ය නම් එම ප්රශ්ණ වලට උත්තර දෙන්න පුළුවන් කොල්ලකෑම යන වචනයේ තේරුම යන වචනයේ තේරුම සුඋරා කෑම කියා සිතමි

      Delete
    7. ඔවු.. මං අහන්නේ එය තමයි.. ඔවුහූ අපේ උරුමයන් වනසනවා..නැතිනම්.. කොල්ල කනවා.. අප නිහඬව සිටියාය කියා ඔවුන් සිය ම්ලේඡ්ඡ හා කූඨ ක්‍රියාදාමයන් නවත්වන්නේ නෑ.. මා අසන්නේ ඔබගේ විග්‍රහයට අනුව ඔවුන් ශිෂ්ඨ ද අශිෂ්ඨ ද කියා තමයි..

      කොල්ල කෑම යනු කොල්ලකෑම ම තමයි.. සූරාකෑම කරන තැනුත් තියෙනවා... ඒත් වැඩිපුර තියෙන්නෙ කොල්ල කෑම.. මුහුදුමහා විහාරය,දෙවනගල, කූරගල ගැන අහලා ඇතිනේ.. මේවා සූරාකෑම් නෙවෙයි කොල්ල කෑම්..

      Delete
    8. කොල්ල කෑම සහ සූරාකෑම අතීතයේ සිට තිබූ දෙයක් අතීතයේ මේවා ජාතිය සහ ආගම මත පදනම්ව සිදුවුවද නුතන සමාජයේ අදාල වන්නේ ප්රාග්ධනය සම්බන්ධවය් ලංකාව වැනි අඩු දියුණු සමාජවල තවමත් ජාතිය සහ ආගම උපුටා දැක්වීමට හැකි උවත් ඇත්තම ප්රශ්නය සම්බන්ධ වන්නේ ප්රග්ධනයටය් දියුණු ධනවාදී සමාජ වල භාණ්ඩ වල ප්රමිතිය සමග බැඳුනු නීති වලින් මේවා පාලනය කෙරේ ලංකාවේ කිසිදු කාර්මික භාණ්ඩයක් නිපදවන්නේ නැති අතර නාගරික ප්රෙදේශ වල සිටින්නේ අතරමැදි යන් වන වෙළෙන්දන් සහ සේවා සපයන්නන් පමනය් භාණ්ඩ නිපදවීමට අදාල ශික්ෂිත නීති රීති ගැන මොවුන්ට වැටහීමක් නොමැති අතර එහි වැදගත්කම ගැන වැටහීමක්ද නොමැත කල හැක්කේ අදාල නැති ජාතිය ආගම වැනි දේ ඇද ගනිමින් මරා ගැනීම පමණකි
      කුරගල ගැන කියනවානම් පුරාවිද්යාව යනු බටහිර විෂයකි ලංකාවේ සාමන්ය ජනයාට එයට අදාල දැනුමක් හෝ භාවිතාවක් නොමැත

      Delete
    9. මා කීවේ සංස්කෘතික උරුමයන් කොල්ලකෑම ගැනයි.. මේ ආගම මුල් කරගෙන කරන නැගිටීමක් නොවේයැයි කියන්නට කොපමණ උත්සාහ දැරුවත්.. සත්‍යය නම් එයයි..

      පුරාවිද්‍යාව ගැන සාමාන්‍ය ජනතාව වන අපට දැනුමක් නැතිවිය හැක. එහෙත් ඒවා සුරැකිය යුතු බව දන්නෝ වෙමු.

      හොඳයි මුහුදු මහා විහාරයේ ඉඩකඩම් කොල්ල කෑම ගැන ඔබගේ විග්‍රහය කුමක්ද? ඉඩකඩම් නැතිකමට ඒවා අල්ල ගත්තාය කියා ඔබ කියනවා නම්.. ඇයි ඒ සඳහා අපේ බොදු පුද බිම් ම?

      පැහැදිලිවම මුස්ලිම් ජනයා කරන කොල්ලකෑම්.. සාමාන්‍ය ජනතාව පිට පටවන එක නම් නොහොඹී..

      Delete
    10. මහත්මයා ,මුලික ලිපිය ලිව්වේ මා නොවේ ඔබය් පාටකයන් වන්නේ අපය් අප ලිපියට අදාලව ප්රශ්නයක් මතුකළ විට ඔබ කල යුතු වන්නේ ඔබේ ලිපිය ආරක්ෂා වන පරිදි ලිපියේ කරුණු වලට අදාලව පිළිතුරු දීමය් .අපගෙන් ප්රශ්ණ ඇසීම නොවේ ඔබ දිගින් දිගටම සිදුකලේ අපගෙන් ප්රශ්න විමසීමය් ඔබගේ ප්රශ්න වලට පිළිතුරු දිය හැකි උවත් අනවශ්ය යි සිතමි දිගටම තම්බින්ගේ සහ දෙමලුන්ගේ කොල්ලකෑම එරෙහිව වැඩ කරන්න ඔබට ජය

      Delete
    11. ඔබ මේ ලිපියට දක්වා ඇති ප්‍රතිචාරයන් දුටුවිට පැහැදිලි වන කරුණක් වන්නේ.. ඔබ මෙම ලිපිය විචාරය කළා මිස කිසිදු පැහැදිලි පැනයක් නඟා නොමැති බවයි. මා සිතුවේ ඔබ මෙහිදී පිවිස ඇත්තේ සංවාදයකට බවයි. සංවාදයකදී ප්‍රශ්න නැඟීම වරදක් බව මම නොදනිමි. අනෙක් අතට යමක් ගැන පැහැදිලි කර දීමට අවශ්‍ය වූ විට ප්‍රශ්නයක් නැඟීම අප බුදුරජානන් වහන්සේ විසින් ද සිදු කරන ලද්දකි..

      මා ප්‍රශ්න ඇසුවේ සාකඡ්ඡාව පවත්වාගෙන යාම සඳහා පිළිතුරු අපේක්ෂාවෙන් මිස ඔබ රිදවන්නට හෝ පරාජය කරන්නට නොවේ..

      මම කොච්චර දැඟලුවත් මේ පාපතර ක්‍රියා නතර වන්නේ නැති බැවු මම දනිමි. එහෙත් කොපමණ අසීරු වුවත්.. නිවැරදි මඟ තෝරා ගත යුතු බව මම විශ්වාස කරමි..
      ඉතා සභ්‍ය ලෙස මා හා සංවාද කරමින් ලිපියේ ජීව ගුණය වැඩිකරන්නට දායක වුණු ඔබට බෙහෙවින් ස්තුතියි..

      Delete
  6. බෞද්ධ රටක් වෙලත් බුද්ධාගමට ඇයි මේතරම් කෙනහිළිකම්. බුදුන්ගේ ධර්මය ගැන කිය කියා සිටීම නෙමෙයි කළ යුත්තේ. වෙනත් ආගම් මෙන් බුද්ධාගම රැක ගැනීමටත් සංගායනාවක් කර නව අණ පනත් හඳුන්වා දිය යුතුයි. මීට මහ නායකහිමිවරැ මුල්විය යුතුයි. මහ නාහිමිවරැ නිද්රාදශීලීව ඉන්න තාක්කල් ටිකෙන් ටික අනිත් ආගම් විසින් බුද්ධාගම ගිලගන්නවා. ඔය කාට කාටත් ඇස් ඇරෙනකොට කොච්චිය ගිහින් තියේවි.

    ReplyDelete
    Replies
    1. බුද්ධාගමට අදාලව අණ පනත් බුදුන් වහන්සේ හදුන්වා දී තිබෙනවා සංගායනා සිදුකරන්නේ අලුත් අනපනත් හදුන්වා දෙන්න නොවේ බුද්ධ ධර්මය වෙනස් කිරීම නිවැරැදි කිරීමටය්

      Delete
    2. ඒ බුද්ධාගම නිසාමයි.. බුද්ධාගමේ දී ඇති නිදහස නිසාමයි.. මේ කෙණෙහිලිකම්..
      බුද්ධාගම රැක ගැනීමට සංගායනාවක් කිරීම.. ඉතා හොඳ අදහසක්.. එය රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුවියයුතු දෙයක්..

      විනය නීති හැදීම සංගායනාවක් මඟින් කළ හැකි දෙයක් බවයි මගේත් අදහස..

      රට තුළ බුද්ධාගම රැකෙන අයුරින් නීති සැකසීම තමයි වඩාත් අවශ්‍ය..

      Delete
  7. රජය විසින් අනුමත කර ඇති මස් වෙළඳ සල් ගිනිතැබීම,පවුල් සෞඛය කාර්යාල වැටලීම උමතුවක් නොවේද?

    ReplyDelete
    Replies
    1. සැබැවින්ම උමතුවකි.. ජනතාව නීතිය අතට ගැනීම යුතු නැත.. එහෙත්.. ඇතැමෙකු නීතියෙන් රිංගා යද්දී.. රජයත්, පොලීසියත් අන්ධයින් හා බිහිරන් සේ හිඳීමත් යුතු නැත..

      Delete
  8. ඔබට මේ ලිපියේ සදහන් දේ ඔබේ දරුවන්ට කියා දීමට පුලුවන්ද මටනම් අවශ්ය මගේ දරුවන් සියලු දෙන සමග සහයෝගයෙන් කටයුතු කරන සුහදශීලිව ප්රශ්න විසදාගන්නා අය කිරීමටය් මෙවැනි අදහස් සමග වැඩෙන දරුවන්ගේ අනාගතය කුමක් විය හැකිද කියා ඔබට කියා දීමට පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. අදීනව ජීවත් වීම තමයි කියලා දෙන්න ඕන. වරද වරද විදිහට දකින්නත්, නිවැරැද්ද නිවැරදි ලෙස දකින්නත්.. හැම දෙනාටම නිසි ගෞරවය දීමටත් මගේ දරුවන්ට කියා දෙන්ට තමයි මං බලාපොරොත්තු වෙන්නේ.. සියලු දෙනා සමඟ සුහද වීමට කියා නිවට වෙන්නැයි මගේ දරුවන්ට මං කවදාවත් කියන්නේ නෑ..

      Delete
    2. නිවටවීම යනුවෙන් දෙයක් දියුණු පුරවැසි සමාජ වල නොමැත ඒවා ඇත්තේ ගෝත්රික නොදියුණු සමාජ වලය

      Delete
    3. වාසනාවට අප සිටින්නේ ගෝත්‍රික නොදියුණු සමාජයක විය යුතුය... අද නිවටයින් එමටය..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..