Wednesday, July 24, 2013

වාසනාව අහිමි තරු..

අපේ අසිරිමත් ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙ හුඟාක් තැන් වල විවිධ ක්ෂේත්‍ර වල හුඟාක් අය තමන්ට නිසි ගෞරවය ලබන්ට තරම් වාසනාවක් ලබන්නෙ නෑ.. ක්‍රිකට් ක්‍රීඩකයො මේ අතින් සුවිශේෂයි.. මං අද පෙන්වන ක්‍රීඩකයො කීප දෙනාත්.. සෑහීමකට පත්වෙන තරම් දස්කම් තමන් ලද අවස්ථාවලදී පෙන්නුවත් පොරෝජනයක් වෙලා නැති උදවිය..

1.  Lalithamana Fernando මෙයා 1989 අවුරුද්දෙ කැන්ගරු කණ්ඩායමට විරුද්ධව එක්දින තරඟයකට සහභාගී වෙන්ට අවස්ථාව ලබපු දකුණත් මඳවේග පන්දු යවන්නෙක් සහ දකුණත් පිතිකරුවෙක්.. පළමු තරඟයේ  ඔහුට පන්දු හයක දී ලකුණු අටක් තමයි ලබාගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. ඒත් ඉතිං  අලුත් පිතිකරුවෙක් පරදින්න යන තරඟයක අංක අට පිතිකරුවා විදිහට ඇවිත් අර්ධ ශතකයක් ගහයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ නෙ. පන්දු යැවීමෙදි ඔහු ඕවර 3 ක දී.. ලකුණු 16කට එක කඩුල්ලක් ලබාගෙන තියෙනවා.. විශේෂත්වය නම්.. මෙයා දවාගෙන තියෙන්නෙ සුපිරි ඕස්ට්‍රේලියානු පිතිකරුවෙකු වූ ඩේවිඩ් බූන් ව. තරඟ විස්තරේ බලන්නකො.. කොහොම උනත් මෙයාට මේ තරඟයට පස්සෙ කිසිම තරඟයකට නම් සහභාගී වෙන්ට ලැබිලා නෑ.. 


2. Dinusha Fernando දිනූෂ නම් සමහර විට තවමත් ක්‍රීඩා කරනවා ඇති.. මොකද තවම මෙයාට වයස අවුරුදු 33යි.. මෙයත් දකුණත් මඳවේග පන්දු යවන්නෙක්.. මෙයාටත් එකම එක එක්දින තරඟයකට විතරයි සහභාගී වෙන්ට ලැබිලා තියෙන්නෙ.. හැබැයි ඊට පස්සෙ ටෙස්ට් තරඟ දෙකකටත් අරගෙන තියෙනවා.. කොහොම උනත්.. මෙයාගෙ එක්දින තරඟෙදි ප්‍රතිවාදි රට උනේ එංගලන්තෙ.. දඹුල්ලෙදි එංගලන්තෙට දුවන්ට ගහපු දවසක දිනූෂ එක් අන්තයකින් පන්දු යැවීමත් පටං ගත්ත කෙනෙක්..චමින්ද වාස් එක්ක හරි හරියට පන්දු යවපු දිනූෂ.. පන්දු ඕවර 7ක් තුළ ලකුණු 13කට දවා ගත්තු කඩුළු දෙකත් එසේ මෙසේ දෙන්නෙක්ගෙ නෙවෙයි.. එක්කෙනෙක් ඇන්ඩෲ ස්ට්‍රෞස්.. අනෙකා මයිකල් වෝගන්.. තරඟ විස්තරේ මෙතන තියෙනවා.. මෙච්චර හරියක් කරපු මේ කොල්ලව අවුරුදු දහයක් යනකල් පැත්ත පළාතෙ නොගෙනෙන්ට අපේ තේරීම් කමිටුව හරි වෙන කවුරු හරි වග බලාගෙන තියෙනවා...


3. Michael Vandort මයිකල් වැන්ඩෝට් කියන නම නම් ටිකක් මතකයි.. මොකද මෙයා ටෙස්ට් තරඟ 20 කට සෙල්ලම් කළානෙ.. තරමක් උස වමත් පිතිකරුවෙක් වන වැන්ඩෝර්ට් තමන්ගෙ එකම එක්දින තරඟයට මුහුණදුන්නෙත් කැන්ගරුවො එක්කම තමා. අංක තුන පිතිකරුවා විදිහට පිටියට එන වැන්ඩෝට් ට එදා උනේ ප්‍රබල ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉදිරියෙ තමන්ගෙ කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් එකා පිට එකා දැවෙද්දි.. පුළුවං හැටියට පැත්තක් අල්ලගෙන ඉන්න එක. ඒත් ඉතිං වැන්ඩෝට් එදා පන්දු 117 කින් ලකුණු 48ක් රැස් කළේ ලකුණු 319ක් හඹා යන වෙලාවක කියන එකත් අමතක කරන්ට බෑ. කොහොම හරි එදායින් පස්සෙ වැන්ඩෝර්ට් ටත් ආයෙ එක්දින තරඟ වලට කැඳවීමක් නම් ලැබිලා නෑ.. මේ තියෙන්නෙ තරඟෙ විස්තර


මං මේ කිවුවෙ.. සිද්ධි කීපයක් විතරයි.. තව සිද්ධි එමට.. මට නිකං හිතුණා.. මෙයාලව පොඩ්ඩක් මතක් කරන්න..

8 comments:

  1. හරි අපරාධයක්නේ .... උන්ටත් දෙයියනේ කියල කෝටි දහයක් දොළහක්වත් හොයාගෙන බඩට කාලා ඉන්න තිබුනු චෑන්ස් එක.

    ReplyDelete
  2. හද පතුලට..හදපතුලෙන්---මතකය අවදි කරන ලිපියක්.ලලිතමාන නම් ගොඩාක් කල් මගේ හිතේ.ලිපි පෙලක් හැටියට ගෙනියන්න බලන්න.

    ReplyDelete
    Replies
    1. 89 කිවුවහම ටිකක් කල් තමයි.. ජයසූරියලගෙ සමකාලීනයෝ.. ඔවු.. ලිපි පෙළක් ලියන්න හිතෙනවා..

      Delete
  3. ඇත්ත මචං මේ වගේ වෙච්ච උන් තව ගොඩක් හිටියා.. ඒත් දැන් නම් අමතකයි.සජිවද සිල්වටත් ඔය දේම නේද වුණේ.

    ReplyDelete
    Replies
    1. සජීව ගොඩක් කල් සෙල්ලම් කලා.(සාපේක්ෂව)

      Delete
    2. ඔව් රාජ්... මා කිවේ එක වරම අතුරුදන් වුණා වගේ කියන කතාවයි.

      Delete
    3. සජීව හොඳට දස්කම් පෙන්වපු කෙනෙක්... ඒ වගේම තිලාන් තුෂාරත්.. මේ අය සාපේක්ෂව වැඩි තරඟ ගනණක් සෙල්ලම් කළත් ඔවුන් පෙන්නපු දස්කම් වල හැටියට තවත් අවස්ථා ලැබෙන්න තිබුණු අය..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..