Monday, July 29, 2013

රසමදිරා..


අතීතය නම් මිරිඟුවට වද දී
එකතු කළ ජීවිතයෙ රස සොයමී
හිස් ම හිස් වේ බඳුන ඒ පුදුමා
කවුරු සොරකම් කළෙද රසමදිරා..

හකුරු හංගපු වක්කඩේ
කිමද මට සරදම් කළේ
දැනුණ දා ගලනා දියෙහි අරුමා
මුහුද මා වෙත රැගෙන එනු මැනවී..

තුටින නැඟි මහ ගිරි දඹේ
කෙළවරක් නොම හමු වුණේ
දෙපස ඇත්තේ මහරු කඳු පමණා
මගේ සිහි මා මුලා කළ මැනවී..

12 comments:

  1. හොරු ගෙනිච්චා ලැබුණත් ඒ තරම් වැඩක් නෑ. අලුත් දෙයක් හොයාගන්න වෙර දරන්න තමා ඕනැ.

    ReplyDelete
    Replies
    1. හ්ම්.. හ්ම්.. අලුත් විදිහට බලන්නයි ඉගෙන ගන්න ඕන..

      Delete
  2. ආයෙත් ඕං මට අර පරණ ලෙඩේ. තේරුනේ නෑ අයියෝ .....

    ReplyDelete
    Replies
    1. ඔයා නියම පොයින්ට් එකට ඇවිත්.. නොතේරෙන එක ගැන තමයි මේ ලියලා තියෙන්නේ..:D

      Delete
  3. තමන්ගේ හිතෙන්ම අහල බලන එක තමා වටින්නේ.. ලස්සන පැදි පෙලක්..

    ReplyDelete
    Replies
    1. හිත ඇතුලටම යන්න ඕන..

      Delete
  4. කවුරු සොරකම් කළෙද රසමදිරා
    මුලු නිර්මාණයේම මා සිතගත්ම පද පේලිය.මුලු කවියම නැගිට්ටවන්නේ එතැනින් කියලා මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙත් එහෙමයි.. බොහොම ස්තුතියි..

      Delete
  5. කවුරු හොරකම් කරන්නද
    මගේම තොල කට තෙමුවා මිසක...

    ReplyDelete
    Replies
    1. මගේ තොල කටත් වියැළී..ඇත..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..