Wednesday, July 3, 2013

ධාර්මික, සෞඛ්‍යමය, ප්‍රතිපත්තිමය, සමාජයීය හා ජාතික අවශ්‍යතා සඳහා...

පසුගිය දිනෙක මම මිතුරෙකු සමඟ දොඩමළු වීමි. එය ඉතා වැදගත් සාකඡ්ඡාවක් විය. අප එහිදී තීරණ කීපයකට එළඹුනෙමු.. එම තීරණ ධාර්මික පදනමින් හෝ සෞඛ්‍යය පදනමින් හෝ ප්‍රතිපත්තිමය පදනමින් ගත් තීරණ විය. ඔබටත් මෙම තීරණ වලට එළැඹෙන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු..

1. මිළ ඉහළ ගිය විදුලි බිල නොගෙවා සිටීම හා එයට සහායක් ලෙස.. ටෙලිෆෝන් හා වතුර බිල් ද නොගෙවා සිටීම(වෘත්තීය ක්‍රියා මාර්ගයකට සහාය දැක්වීම අරබයා)
2. හරක් මස්, කුකුළු මස්, බිත්තර, හාල්මැස්සෝ, කරවල ආදී සියළුම ආකාරයේ සත්ව ආහාරයෙන් වැළකී සිටීම (ධාර්මික පදනම යටතේ) *.
3. මත්පැන් ආදී දුසිරිත් වලින් වැළකී සිටීම (ධාර්මික, සෞඛ්‍යය හා සමාජයීය පදනම්) *
4. කිරිපිටි වලට වස විස මුසු කර ඇති නිසා..කිරි ආහාර නොගෙන සිටීම. (සෞඛ්‍යය)
5 තිරිඟු පිටි සහ ඒ ආශ්‍රිත නිශ්පාදන යොදා නොගැනීම සහ ඒ වෙනුවට සතොස ආයතනයේ තිබෙන රුපියල් 45 ගුල්ලො ගැසූ රතු හාල් යොදා ගැනීම.(සෞඛ්‍යය හා දේශීය සහල් කර්මාන්තය නඟා සිටුවීම)
6. ඇතැම් අන්තවාදී රෙදි කඩ කාරයින්ට සිංහලයින්ගේ බලය පෙන්වීම සඳහා අදාල කඩ වර්ජනය කිරීම . හා වඩාත් ලාභදායී සිංහල වෙළඳසැල් වලින් රෙදි මිළට ගැනීම හෙවත් රෙදි මිළට නොගෙන සිටීම.(ජාතික අවශ්‍යතා) එනම් පරණ ඇඳුම් වැඩි කලක් පාවිච්චියට හුරු වීම.
7. එළවලු වලට වස විස කළවං කර ඇති නිසා.. ගෙදරම වවා ගත් එක එළවලුවක් හෝ සමඟ ආහාර ගැනීම (සෞඛ්‍යය).
8. අපට කොයි වෙලෙත් කෙණෙහෙලිකම් කරන ඉන්දියාවෙන් ගෙන්වන බජාජ් බයික්, මරුටි කාර්, ටාටා, ලේලන්ඩ් බස් වෙනුවට විකල්ප ලෙස පයින් හා පාපැදියෙන් ගමනට හුරු වීම (ජාතික අවශ්‍යතා).
9. හින්දි ෆිල්ම් නොබලා සිටීම හා ඉන්දියාවේ නළු නිළියන් සිටින ලංකාවේ චිත්‍රපට නොබලා සිටීම.
10. උපත් පාලනය කිරීම සඳහා ~!@#$%^&*(   නෑ.. නෑ.. එහෙම දරුණු කේස් එකක් නෙවෙයි ආරක්ෂාවට  සෑම කාන්තාවකටම අහවල් එකක් පළඳින්නට කීම.. (එවිට රබර්, පෙති හෝ ගබ්සා වල අවශ්‍යතාවයක් පැන නොනඟී..) (සෞඛ්‍ය හා ලිංගික සුවය)

සැ.යු * ලකුණ දමා ඇත්තේ අදාල කරුණු මංගල උත්සවයක්, කිසිවෙකුගේ ආරාධනයෙන් පැවැත්වෙන සාදයක් ආදියෙහි දී අදාලත්වයක් නැති බවයි...

ප. ලි.
ඉහත ලියා ඇති කිසිම තීරණයක් ආර්ථික අපහසුතා මත ගත් තීරණ නොවන බැවු කාරුණිකව සළකන්න..

6 comments:

  1. අප්පේ මේවා කරන්න පුළුවන් යැ චතුර මල්ලි. මේ වර්ජනය කලොත් අපිට රටෙන් යන්න වෙයිනෙ, වැඩිපුර ලමයි හදන්නෙ කොහොමැයි?

    ReplyDelete
    Replies
    1. නොකර බෑ නොව අක්කේ... ආස්චර්‍යය නොවැ..

      Delete
  2. මෙතන තියෙන හුඟක් දේවල් නම් දැන් මිනිස්සු අතින් අනිවාර්යෙන් කෙරෙනවා. ලයිට් බිල් වතුර බිල් ගෙවල ළමයිගෙ ඉගෙනීම් වැඩවලට වියදම් කරාම හුඟක් මිනිස්සු මුළු මාසෙම කෑවය කියන්න තමා කන්නෙ.
    ලයිට් බිල් වතුර බිල් නම් නොගෙව ඉන්න හැටියක් නෑ, අනිත් ඔක්කොම හබක් වෙනව ඒව කපල ගියොත්. ආයෙ ගන්නත් දඩත් ගෙවල තව ගානකුත් ගෙවන්න එපෑයැ. අපේ ගෙදර ගිය මාසෙ යුනිට් 133 කට රු. 3060.40ක් ලයිට් බිල. ඒ මදිවට ඊට කලින් මාසෙ රු. 702.66 ක් ආයිත් බිලට එකතුකරල වැඩිකරපු ගාන. එකමාසෙට 3800 ක් ලයිට් බිලට. උන් සුර සැප විඳින ගමන් මිනිස්සුන්ව හූරගෙන කන මුං මැරුණට පස්සෙ කොහේ යයිද මංදා.

    ReplyDelete
    Replies
    1. අනේ මංදා මල්ලි.. මට හිතෙනවා.. මළා ට පස්සෙත් උං අපිට වඩා සැප විඳියි කියලා. මොකද උං අපි තරං ද්වේෂ කරන්නෙ නෑනෙ.. (ශෝකය කියන්නෙ ද්වේශයේ එක් ස්වරූපයක් හොඳේ..)

      Delete
  3. වර්ජනයට ජයවේවා...

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..