Friday, July 5, 2013

සිංහලය, ඉංගිරිසිය හා සිංගිරිසිය..

ඔයාලා දන්නවනෙ.. මං ඉතිං සිංහලයට ආදරේ කරන ජාති ද්‍රෝහියෙක්, දේශ ද්‍රෝහියෙක් හා ප්‍රතිගාමියෙක් කියලා.. මං ඉතිං මගේ බස නසනවට පොඩ්ඩක්වත් කැමති නෑ.. අපි සිංහල භාෂාව ඒකෙ තියෙන රීති ටික රැකගෙන පාවිච්චි කරන්ට ඕන කියලයි මං කියන්නෙ.. ඒකෙ මොනවා හරි වරදක් කාරිය තියෙනවා නං.. ලොකු ලොකු ඇදුරුතුමාල ඔක්කොම එකතු වෙලා.. සාකඡ්ඡාවක් තියලා ... තීරණේකට ආවට වරදක් නෑ.. ඒත් එක එක්කෙනාගෙ ඕන එපාකං වලට මගේ භාෂාව රැප්/රේප් කරන්ට එපා කියන එකයි මං කියන්නේ..

ඒත්.. අපි.. ඉන්දියාව පැත්තෙ ඉඳලා ආව වචන අපේ කරගත්තා වගේ.. බටහිර පැත්තෙ ඉඳං එන ඒවත් අපේම බවට පත් කරගත්තට වරදක් නෑ.. ඒක සොබාවිකව වෙන දෙයක් මිසක්කා බලෙන් රිංගවන දෙයක් නොවෙන්ට ඕන.. දැං අහලා බලන්ට එපාය.. ඇෆ්. ඇම්. චැනල් ටික.. අමු අමුවෙ සිංහලය මර මර.. සිංගිරිසි වමාරනවා.. ඉතිං අපි වගේ එවුන්ට කාලා ඉන්ට බෑ ඕවා ඇහෙනකොට..

ඒ වගේම තමයි.. ගොඩාක් දේවල්... විශේෂයෙන්ම පරිගණක ආශ්‍රිත දේවල් (බටහිර පැත්තෙන් ආපුවනෙ..) සිංහලට පරිවර්ථනය කොරන්ට ගිහිං අනාගන්න එකත් සුදුසු නෑ.. මං නං කියන්නෙ ඒ වගේ දේවල් ඉංගිරිසි වචන ආධාරයෙන්ම උගන්නන එකයි හොඳම වැඩේ..

මට මතකයි අපි එක්තරා කාලෙක Principles of Electricity කියලා විසයක් ඉගෙන ගත්තා.. අපි ඒක හැදෑරුවෙ ඉංගිරිසි මාධ්‍යයෙන්.. ඉතිං අපට තිබුණෙ ඉංගිරිසි පොත් පත්.. අපට ඉතිං ඔය පොතේ කියලා තියෙන දේ හරියටම වටහා ගන්ට අමාරු වුණ වෙලාවක.. ඔය විසය සිංහලෙන් කරන කෙනෙක්ගෙ පොතක් බලලා තේරුම් ගන්ට උත්සාහ කොළා.. කෙළියා තමයි.. ඒකෙ තියෙන වචන දැක්කම මඤ්ඤං වගේ..

එයිට හපං පරිගණක විද්‍යාවේ තියෙන පරිවර්ථන ටික... ඕක ඔළුවට ගත්තු සමහරෙක් හැම වචනයක්ම සිංහලයට පරිවර්ථනය කරලා කියන්ට හදනවා.. ඔය වගේ කෙනෙක් හා අපේ මිතුරෙක් සංවාදයක යෙදුණු හැටියි මේ..

1. Internet  වලට කියන්නේ මොකක්ද?
2: අතුරු දැල ... නැත්නම්.. අන්තර් ජාලය..
1. එහෙනම්.. Interview එකට.. අතුරු දැක්ම නැත්නම්.. අන්තර් දර්ශනය කියලා කියන්ට බැරිද?
1: Network Engineer ට කියන්නේ..  දැල්වැඩ ඉංජිනේරු කියලද?
2: නෑ.. පරිගණක ජාල ඉංජිනේරු කියලා.. මං හිතන්නෙ..

ඉතිං ඔය වගේ ඉංගිරිසියෙන් ආපු වචන බර ගානක් තියෙනවා නෙ නොගැලපෙනවයි කියලා හිතෙන..

Air Conditioner - වායු සමීකරණය
Download - බාගත කිරීම

ඔය වගේ වචන සෑහෙන්න තියෙනවා.. මතක් වෙන්නෙ නෑ.. මං  අහන්නෙ.. නරකද ඔය ඉංගිරිසියෙන් ආ වචනය.. ඒ විදිහටම පාවිච්චි කළොත්.. ?

23 comments:

  1. පරිඝනක සම්බන්ධව නම් ඔබ කියන කතාවෙ ඇත්තක් තියනව...නමුත් ඔය වගේ දේවල් පාලනයක් ඇතුව කලයුතුයි.

    ReplyDelete
  2. භාෂාව කියන්නේ පරිණාමය වෙමින් ඉදිරියට යන දෙයක්. ඒක කාටවත් නීතී දාලා නවත්වන්න බෑ. අපි පොඩිකාලේ තිබුන බස් වහර නෙමෙයි අද තියෙන්නේ. අද එක නෙමෙයි හෙට තියෙන්නේ. ඒක හොඳ දෙයක්. භාෂාවක් අවශ්‍ය වෙන්නේ සංනිවේදනයට. සංනිවේදනය හරියට සිඳු වෙනවනම් එච්චරයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. තමයි.. ඒත් සන්නිවේදනය හරියට සිද්ධ වෙනවාද කියන විශ්වාශය ඇති කරගන්ට තියෙන නිර්ණායක ගැනත් පොඩ්ඩක් හිතන්ට වෙනවා..

      Delete
  3. ඕක ටිකක් විවාදාත්මක මාතෘකාවක් නේද? මමත් හිතන්නෙ ඉංග්‍රීසි වචනයම යොදා ගන්න එක හොඳයි කියල. නැත්නම් ඒවට යොදන සමහර සිංහල වචන නිසා අන්තිමට වැඩේ මහ පිස්සුවක් වෙනවා. මම ඉස්සර පාවිච්චිකරපු ෆෝන් එක තනිකරම සිංහලයෙන් දුවන්නත් පුළුවන්. ඒකෙ සිංහල ඕන් කළාම අන්තිමට මට නැවත ඉංග්‍රීසි ඕන් කරගන්නවත් යන්න තේරන්නෙ නැති තරමට මහ විකාර වචන තමා තියෙන්නෙ. අනෙක අපි සිංහලෙන් පරිගණක ඉගෙනගත්තා කියල ලැබෙන මහලොකු දෙයක් නෑනේ. ඒකෙන් වෙන්නෙ එහෙම ඉගෙනගන්න කෙනෙක්ගෙ සීමාව පටු වීම විතරයි මට හිතෙනහැටියට. බාහිර පාර්ශවයක් සමඟ අදහස් හුවමාරුවෙදි හෝ ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන පොත්පත් ලිපි අධ්‍යයනය කරන්න සිදු උනාම ඔවුන් තවත් අපහසුතාවයට පත්වෙනව. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් පාරිභාෂික වචන භාෂා දෙකෙන්ම ඉගෙනගන්න ඕන කියල. එතකොට ඒක කොහොමටත් අනවශ්‍ය වැඩක් නේ. විද්‍යා විෂයයන් ඉගෙන ගැනීමෙදිත් ඔය ප්‍රශ්නෙ තිබෙනවා තමා. ජීව විද්‍යාව වගේ විෂය කොටස්වල සමහර සිංහල වචනවලට වඩා ඉංග්‍රීසි වචන පහසුවෙන් තේරුම්ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මගේ වැටහීමත් ඕකයි මල්ලි.. ඔය අලුත් වචන හදන්ට ගිහාම සිංහල බස තවත් අපෙන් ඈතට යන එකයි වෙන්නෙ.. එෆ්. එම්. චැනල් වල ගිරවියො ටික හොඳම උදාහරණය.. එයාලා සිංහල භාෂාවෙ තියෙන වචන කොයි තරම් අඩුවෙන්ද පාවිච්චි කරන්නෙ.. අඩු තරමෙ.. ආයුබෝවන් කියන්නෙ නැතුව කියන්නෙ ගුඩ් මෝර්නිං කියලා.. කලාතුරකින් සුබ උදෑසනක් කියලා..

      Delete
  4. ඕනෑම භාෂාවකට අලුතෙන් පද එක්වන න්‍යායක් තියනවා. ඒ න්‍යායෙන් පිට පැන වචන හැදුවොත් භාෂාව විකෘති වෙනවා. ලෝකයේ සමහර රටවලට දැනටමත් ඒ දේ සිදුවී තිබෙනවා. සමහර භාෂා වල අකුරු ටිකත් නැතිවෙලා ගිහින්. ෆිලිපීන භාෂාව එක උදාහරණයක්. ඒ අය අද තමන්ගේ භාෂාවේ ශබ්ද ලියන්නේ ඉංග්‍රීසි අකුරු වලින්. ඒ කියන්නේ 'mama gedara yanawaa' වගේ ක්‍රමයකට.

    සිංහල භාෂාවට වචන එක්වන්නේ තත්සම, තද්භව, සහ නිෂ්පන්න යන ව්‍යාකරණ රීති අනුවයි. අපිට අපේ භාෂාව විහිළුවක්, විකාරයක්, අප්පිරියාවක්, වෙලාතියෙන්නේ භාෂාව ඉගැන්වීමේ ක්‍රමවේදය යල් පැනගිය එකක් වීම නිසාත් භාෂාව යනු විභාගයකට ගන්නා විෂයයක් යන සංකල්පය ඇතිවීමත් නිසයි.

    සාහිත්‍යය සහ භාෂාව එකිනෙකින් වෙන්කර උගන්නන්න බැහැ. ඒ දෙකම නොදන්නා විට අපට පෙනෙනවා ඉංග්‍රීසි භාෂාව වඩා පහසුයි කියා. එය ඔබෙත් මගෙත් වරදක් නොවේ. අපට හරිහැටි මව් භාෂාව නොඉගැන්වීමේ අවාසනාවන්ත ප්‍රතිඵලයක්. නැත්නම් සිංහලය තරම් පොහොසත් භාෂාවක් මේ ලෝකයේ නැති තරම්. අපිට පුළුවන් සිංහලෙන් ලියන්න 'ෆොටෝ කොපි' කියලා. ඒ දැන්වීම දකින සිංහල කියවන්න පුළුවන් හැමදෙනාම එය හරියටම උච්ඡාරණය කරනවා. නමුත් එයම දෙමල භාෂාවෙන් ලිව්වම ලියවෙන්නෙත් කියවෙන්නෙත් 'පොට්ටෝ කොප්පි' කියලයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔබගේ උදාහරණයම ගත්තාම..

      Photo Copy කියන වචනේ.. ඡායා පිටපත කියලා කියනවාට වඩා.. සරලයි නේ ෆොටෝ කොපි කිවුවාම.. මං හිතන්නෙ.. ඒක එහෙම්මම භාෂාවට එකතු වෙන්ට ඇරියාම හොඳයි කියලා..

      Delete
  5. කතිකාවක් ගොඩ නැගිය හැකි මාතෘකාවක්

    ReplyDelete
  6. වැරදි කොනෙන් අල්ලගත්තෙ.

    Internet=අන්තර් ජාලය නම්
    Interview=අන්තර් දර්ශනය
    කියන තර්කය වැරදියි. එහෙම උනොත් give up කියන එකේ තේරුම ඉංග්‍රීසියෙන් ගත්තත් වැරදියිනේ.

    එච්චර නොගැලපෙන යෙදුම් තියනව තමයි. ඒත් අන්තර්ජාලය, වායු සමීකරණය, ජාල ඉංජිනේරුවා වගේ වදන්වල එච්චර ප්‍රශ්නයක් නෑ.

    ReplyDelete
    Replies
    1. වැරදි කොනෙන් නොවෙන්නම්..

      ඒ තර්කය වැරදියි ම කියන්ට බෑ.. අලුතින් එන වචනෙට අර්ථකතන දෙන්නෙ නැතුව ඒක ඒ විදිහටම බාර ගන්න එක හොඳයි කියන එකයි මගේ අදහස..
      give-up කියන්නෙ phrasal verb එකක්.. ඒක එයාලගෙ භාෂාවෙ තියෙන තාක්ෂණයක්.. මට හිතෙන්නෙ ඒ කතාව මෙතැනට අදාල නෑ..

      මට නං ඒ වචනත් නොගැලපෙන ඒවා කියලයි හිතෙන්නෙ.. මෘදුකාංග , දෘඩාංග වගේ වචන උනත් ටිකක් විකාරයි වගේ නෙ..

      Delete
    2. අපි තව හොඳයි. මට මතකයි එකපාරක් සරත් අමුණුගම මහත්තයා පාර්ලිමේන්තුවෙදි අයවැය යෝජනාවලිය කියවද්දි එකතැනක තිබුනා මෘදුකාංග කියන වචනෙ. එයා කියවගෙන ආපු වේගෙට ඒ වචනෙ පටලැවුනා. ආයෙමත් සැරයක් දෙකක් ඒ වචනෙ ශබ්ද කරන්න හැදුවත් වැඩේ හරිගියේ නෑ වගේ, එහා පැත්තෙන් කව්ද කෙනෙක් කියනව ඇහුනා සොෆ්ට්වෙයා කියල. ඊට පස්සෙ ඇමතිතුමා මෘදුකාංග අතෑරල දිගටම සොෆ්ට්වෙයා කිව්වා.

      Delete
    3. අනේ ටිකක් හිතලා බලන්න චතුර. එතකොට අපේ කියලා දෙයක් ඉතුරු වෙන්නෙම නැහැනේ. 90% ඉංග්‍රීසි වචන දාලා කතාකලොත් මොකක්ද ඒ භාෂාවට කියන නම. අපි සුද්දගේ ඇඳුම් අඳිනවා තමයි. සුද්දගේ කෑම කනවා තමයි. හැඳි ගෑරෙප්පුත් පාවිච්චි කරනවා තමයි. නමුත් අපේ කෑම වේලක රස තියෙන්නේ අතින් අනලා කනකොටයි. අපේ භාෂාවේ රස තියෙන්නේ හරියට ඉගෙනගෙන හරියට පාවිච්චි කරනකොටයි. මනාලයා කලිසම් කෝට් ඇන්දට මනමාලි ගවුම් අඳින්නේ කතෝලික අය විතරයිනේ තවම. අපි නොදන්නා මෘදුකාංග අත හැරලා විකල්ප මෘදුකාංග වලින් වැඩ කරන්න පුළුවන්. නමුත් භාෂාවක් කියන්නේ මෘදුකාංගයක් නෙවේ.

      Delete
    4. විචාරක.... එහෙම වෙන එකක් නෑ නේද? මං කියන්නෙ.. අපේ වචන රැකගෙන අලුත් වචනෙ ඒ තියෙන විදිහටම අපේ භාෂාවට එකතු කිරීම ගැනයි.. උදාහරණෙකට.. Computer එකට පරිගණකය කියන්නෙ නැතුව.. කම්පියුටරය කියලා කියන එක.. ඉස්සර කාලෙ අපි කරලා තියෙන්නෙ එහෙමයි.. නේද?

      Delete
  7. මගේ කොමෙන්ට් එක ස්පෑම් ගොඩට යන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ගිහිං නේන්නම්.. තවත් කමෙන්ටු දෙකක් හමු වුණා.. හෝඩුවාවට ස්තුතියි..

      Delete
  8. පරිගණකය අන්තර්ජාතිකව සම්බන්ධවන මාධ්යක් නිසා එය ඉංග්රීසි බසින් ඉගෙන ගැනීම උචිතයි. අනික දැන් පාසැල්වලත් ඉංග්රීේසි මාධයෙන් උගන්වනවා. ජනතාව පවා ඉස්සරට වඩා ඉංග්රී්සියෙන් කතා කිරීමට උත්සහ කරනවා. ලංකාව වගේ දියුණුවන රටකට ඉදිරියට යන්න ඉංග්රීසිය හොඳ අවියක්. ඒත් ඕනෑම දෙයක් යොදාගත යුත්තේ අවස්ථාවට උචිත පරිදිය. ඒ නිසා සිංහල බස පමණක් අවශ්ය තැනට ඉංග්රිසි එබුවහම අහන්න අප්රසන්නයි. සිංහල නාලිකා කියලා ඒව අස්සට “හායි ගුඩ් මෝර්නිං. ඔන්න අදත් අපි සුපුරැදු විදිහටම ඔයාල කැමතිම සෝන්ග්ස් අරගෙන ඇවිල්ල ඉන්නේ. ඔයාල කැමතිම සෝන්ග් එක රික්වෙස්ට් කරල අපිට එස්.එම්.එස්. එකක් එවන්න. නැතිනම් අපිට කෝල් කරන්න. මෙන්න අපේ ෆොන් නම්බර් එක....“ මම නම් කියන්නේ මේවට නපුංසක චැනල් කියලා. බලන්න ඉහත කතාව කෙතරම් අපූරැවට සිංහල බසින් කියන්න පුළුවන්ද කියල. “ආයුබොවන්, සුභ උදෑසනක් ප්රිය අසන්නෙනී. අදත් අපි සුපුරැදු ලෙස ඔබගේ නිවහනට පැමිණෙන්නේ ඔබ ප්රිය කරන ගීත රැගෙන.ඔබ අසන්නට ප්රිය කරන ගීතය කෙටිපණිවිඩයක් එවීමෙන් හෝ දුරකථන ඇමතුමක් ලබාදීමෙන් අපිට දැනුම් දිය හැක. මෙන්න අපේ දුරකථන අංකය...“ දැන් බලන්න තරැ පහේ හෝටල්වල, ගුවන්තොටුපල වැනි විදේශිකයන් ගැවසෙන තැන්වල සේවක පිරිස කතා කරන්නෙ හොඳ සුද්ද සිංහලෙන්. අපේ ආච්චිලා සීයලා එක ඉංග්රීෙසි වචනයක් කතා කරන්නේ නැතිව හොඳට අදහස් ප්රකාශ කරගත්තේ. බසක් ලෙස අවශ්ය තැනට ඉංග්රීිසි යොදාගන්නේ නැතුව සෝබනේට යොදන්න යන එකයි වැරැද්ද.

    ReplyDelete
    Replies
    1. මං ඔයාගෙ දෙබස කියන්න කියන්නෙ මෙහෙමයි..

      “ආයුබොවන් ප්‍රිය අසන්නෙනී. අදත් අපි සුපුරැදු ලෙස ඔබගේ නිවහනට පැමිණෙන්නේ ඔබ ප්‍රිය කරන ගීත රැසක් අරගෙනයි...ඔබ අසන්නට කැමති ගීතය මොකක්ද කියලා එස්.එම්.එස්. එකක් එවන්න නැත්නම්..කෝල් කරන්න... මෙන්න අපේ අංකය...“

      බසක් ලෙස අවශ්‍ය තැනට ඉංග්‍රීසි යොදාගන්නේ නැතුව සෝබනේට යොදන්න යන එකයි වැරැද්ද..... සත්තකින්ම..

      Delete
  9. සමහර වචන වලට ඉංග්‍රීසියෙන්ම කියන්න තියෙනවා නම් හොඳා. සමහර වචන සිංහලට පෙරලුවාම හෙන අවුල්. මේක ඉතින් කෙනෙක් දකින විදිහ වෙනස්නෙ චතුර මල්ලි.සමහර රූපවාහිණී නාලිකාවල බස මරණ එක නම් අහන් ඉන්න බෑ. බොරු සෝබනේට කියාගන්නවත් බැරි කැඩිච්ච ඉංග්‍රීසි යෙන් දොඩන්නෙ ඇඟට පතට නොදැනී.

    ReplyDelete
    Replies
    1. රූපවාහිනී ගුවන්විදුලි නාලිකාවල දැන් ඉන්නේ.. නිවේදක නිවේදිකාවො නෙවෙයි.. ගිරවු./ගිරවියො..

      Delete
  10. විද්‍යාවේ වචන සිංහලයට පෙරලලා අදිකාරම්තුමා, මාර්ටින් වික්‍රමසිංහ වගේ අය කරපු කාර්යය ගැන අයියාගේ අදහස දැනගන්න කැමතියි. ඒවායේ නම් පේන තරම් අවුලක් නැහැ නේද ?

    ReplyDelete
    Replies
    1. ඔය වගේ ලොකු මහත්තුරුන්ගෙ ක්‍රියා විවේචනය කරන්ට තරම් ඉතිං මං වියතෙක් නෙවෙයි.. ඒත් හසිත ඇහුවෙ මගෙ අදහස නිසා .. කියන්නම්.. ඔය මහත්තුරු පෙරලපු වචන මොනවද කියලා නම් මං හරියට දන්නෙ නෑ.. ඒත් මං හිතන්නේ ඔය භෞතික විද්‍යාවේ දී ඉගෙන ගත්තු වචන වගේ ඒවා වෙන්ට ඇති කියලා.. මං නම් ඒවා ගැනත් සෑහීමකට පත්වෙන්නෙ නෑ.. සිංහල වචනයක් නැත්නම්.. අලුතින් හදන්නෙ නැතුව.. තියෙන වචනෙම ගන්න එක හොඳයි කියන එකයි මගේ අදහස.. උදාහරණයකට..
      Computer - කියන ඉංගිරිසි වචනෙට පරිගණකය කියනවට වඩා.. කොම්පියුටරේ කියලා කිවුවා නම් හොඳයි කියන එකයි මගේ අදහස... මේවා ඉතිං අදහස් නෙ...ක්‍රියාත්මක වෙන්නම ඕන නෑ...

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..