Wednesday, August 21, 2013

කෘතවේදී මිනිස්සු.. 1! සිමෙන්ති මිටිය.


මහත්තයා පුළුවන්නං තව සිමෙන්ති කොට්ට දෙකක් වත් ගෙනත් දාලා යන්න.. බාසුන්නැහේ අප්පච්චිට කිවුවෙ.. හෙට අප්පච්චි වැඩට ගිහාම ආයෙ එන්නෙ දවස් දෙක තුනකින් බව දන්න හින්දා..  ඉතිං අප්පච්චිත් අප්පච්චිගෙ දඬුමොනරෙ නැඟලා ටවුන් එකට ගිහිං සිමෙන්ති කොට්ට දෙකක් අරං ආවා.. ඒත් ගෙදට්ට ඔන්න මෙන්න කියලා තියෙන හංදියෙදි එක කොට්ටයක් බිමට වැටුණා.. මෝටර් සයිකලේ පාර මැද්දෙ නවත්තලා ඕක පටවගන්න දුක් විඳින්නෙ මොකටද කියලා හිතපු අප්පච්චි.. ගෙදරට ඇවිත් අනෙක් සිමෙන්ති කොට්ටෙ බාලා ආපහු ගියෙ වැටුණු සිමෙන්ති කොට්ටෙ පටවගෙන එන්න හිතාන..  ඒත් එතනට යනකොට සිමෙන්ති කොට්ටෙ තිබුණෙ නෑ..

එතනට ආපු කළු අයියා.. වෑන් එකකින් ඇවිත් සිමෙන්ති කොට්ටෙ දාගෙන ගියානෙ.. මං කෑගැහුවා.. මිනිහා ගනං ගන්නෙ නැතුව ගියා.. හැබැයි මං නොම්මරේ ලියාගත්තා.. මහත්තයා ගිහිං පොලීසියෙ ඇන්ට්‍රියක් දාන්න.. කියලා කිවුවා..

අප්පච්චිත් ඒ පිම්මටම ගිහිං පොලීසියෙ ඇන්ට්‍රියක් දැම්මෙ.. ආයෙ සිමෙන්ති මිටිය හම්බවෙයි කියලා ලොකු විශ්වාසයක් ඇතුව නම් නෙවෙයි.. හොරුන්ට දඬුවමක් දෙන්න ඕන නිසා.. පහුවදා උදේම අප්පච්චි වැඩට ගියා..

පහුවදා හවස් වෙද්දි.. අපේ ගෙදරට වෑන් එකකින් කට්ටියක් ආවා.. මං හිතන්නෙ දහ දොලොස් දෙන්නෙක් හිටියා..
ඔයාලගෙද සිමෙන්ති මිටියක් නැති උනේ..?  එක්කෙනෙක් ඇහුවා..
ඔවු.. ඔයාලා කවුද? එහෙම ඇහුවේ අපේ අම්මා..
අනේ අපේ පුතා තමයි සිමෙන්ති මිටිය දාගෙන ගිහිං තියෙන්නෙ.. මෙතන කඩේ හිටිය කෙනෙක් තමයි කියලා තියෙන්නෙ දාගෙන යන්න කියලා.. පුතා හිතලා තියෙන්නෙ දුර ගිය වාහනේකින් වැටුණ එකක් වෙන්න ඇති කියලා.. අනේ අපේ පුතාව බේරලා දෙන්න..  මේ මිනිස්සු පිංසෙණ්ඩු වෙනවා..
මහත්තයා නම් ගෙදර නෑ.. වැඩට ගිහිං.. හෙට හවසට තමයි එන්නෙ.. මහත්තයා තමයි ඇන්ට්‍රිය දැම්මෙ..
අපේ අම්මටත් දුක හිතිලා වගෙයි.. මටත් ඉතිං වැඩේට දුකයි..

අපි දැං ගිහිං මහත්තයාව එක්කගෙන එමු.. පුතාට පුළුවන්නෙ අපිත් එක්ක එන්න..
මෙයාට විභාගෙට පාඩං කරන්නත් තියෙනවා.. අපි මහත්තයව හම්බවෙන විදිහ කියන්නම්.. අම්මා කිවුවෙ.. මට මඟදී කරදරයක් කරයි කියලා බව මට තේරුණා..

අනේ පුතේ යං.. ඒ අම්මා මට පිංසෙණ්ඩු වෙනවා.. කොහොම බෑ කියන්නද..? මං අපේ අම්මගෙන් අවසර අරං යන්න පිටත් උනා.. කොයි එකටත් සාක්කුවෙ පොඩි කතුරක් දාගත්තා.. මගදි තත්වෙ වෙනස් උනොත් කියලා.. ඒත් ඒ මිනිස්සු අහිංසකයි.. අප්පච්චිත් එක්කරගෙන ආවා.. ඇවිත් පොලීසියට කියලා බැලුවත්.. හරි ගියේ නෑ.. හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට තියලා තමයි ගන්ට වෙන්නේ කිවුවා.. මේ මිනිස්සුන්ට කන්න බොන්න එහෙමත් දීලා එදා පිටත් කොළා.. ඔන්න පහුවදාත් කට්ටිය ඇවිත්.. හඳුනාගැනීමේ පෙරෙට්ටුවට යන්න වෙන්නෙ.. කළු අයියටයි, බාසුන්නැහේටයි..  ඒ දෙන්නගෙ දවසෙ මහන්සිය නම් ගෙවන්න වෙයි කියලා අප්පච්චි එයාලට කිවුවා.. ඒ දෙන්නට තිබුණේ.. හඳුනාගැනීමේ පෙරෙට්ටුවෙදි හඳුනානොගෙන ඉන්න.. ඒකට එයාලට පොඩි සම්තිං එකක් හම්බ උනා.. හවස යන ගමං කට්ටිය අපේ ගෙදර ඇවිත් තේත් බීලයි ගියෙ..

සිමෙන්ති මිටිය කෝ.. මං අප්පච්චිගෙන් ඇහුවා..

ඒක නඩු භාණ්ඩයක් විදිහට පොලීසියෙ තියාගත්තා..

ඒ නඩුව නං අපූරුවට විසඳුනා.. මං තනියෙම කල්පනා කළා..

අපරාදෙ කියන්න බෑ.. ඒ මිනිස්සු අපේ ගේ ඉස්සරහින් යන හැම වතාවෙම...
තියා එක වතාවක්වත්..  ආයෙ අපේ ගෙදර ආවෙ නෑ...





24 comments:

  1. Replies
    1. ඒකනේ.. එයාලා කොච්චර අපි ගැන හිතනවද?

      Delete
  2. අයියෝ සිමෙන්ති කොට්ටෙ

    ReplyDelete
    Replies
    1. ඒක දැං ගල් ගැහිලා ඇති අප්පා...

      Delete
  3. කාලය,සංග්‍රහ වියදම් ගණන් බැලුවම තව සිමෙන්ති කොට්ට කීපයක් මිලට ගන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ.. හැබැයි අත්දැකීම.. සිමෙන්ති කොට්ට 10-12 ක් වටිනවා..

      Delete
  4. දැන් ඔය සිමෙන්ති කොට්ටේත් තියාගෙන ඔය නඩුව බලවන්න උන් කොච්චර කාලයක් ගනීද දන් නෑ ....

    ReplyDelete
    Replies
    1. නඩුව ඉවරයි.. විත්තිය ගෙදර.. සිමෙන්ති කොට්ටෙ පොලීසියෙ (නැත්නම් උසාවියෙ) .. අපි ගෙදර.. කොච්චර සුන්දරව විසඳුනු නඩුවක්ද?

      Delete
  5. ඒක නං මරු තමයි.. ඔක්කොටම හපන් පොලිසියෙ නඩු භාණ්ඩ තියාගැනිල්ල... හි හි

    ReplyDelete
    Replies
    1. මේ සිද්ධිය උනේ මං ගැටයා කාලෙ... ඒ කියන්නෙ.. මීට අවුරුදු 18කට විතර උඩදි.. පොලීසිය නං තාමත් එහෙමයි කියලයි ආරංචි..

      Delete
  6. මාරයි. මේ වගේ නඩුවක් ගැන ඊයෙත් කියෙව්ව.
    http://atheethagamanmaga.blogspot.com/2013/08/blog-post_21.html

    ReplyDelete
  7. උඹලාගේ සිමෙන්ති කොට්ටෙන් සාජන් මහත්තයා බ්ලොක් ගල් ගහනවා කියලා ආරංචියි.ඒවා අඳුරගන්න තව පැරේඩ් එකක් තියන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. සාජන් මහත්තයා ඒ කාලෙ බ්ලොක් ගල් ගහපු හින්දනෙ.. මට අද බ්ලොග්.. ගල් ගහන්ට ඇහැකි උනේ..

      Delete
  8. ඔය නඩුවලට පොලිසි උසාවි යන හුඟක් මිනිස්සුන්ට අන්තිමට ඔච්චර තමයි. වෙච්ච පාඩුවට වඩා පාඩුයි අන්තිමට සාධාරණය ඉටුකරගන්න ගිහින්.

    පාරක වැටෙන සිමෙන්ති මිටියට යන කල ඔහොම නම් ඉතිං යකඩ මල්ලට ගුල්ලො ගැහුව වගේ තමා, අනිත්ව ගැන මොකට කතාද.

    ReplyDelete
    Replies
    1. පාඩු සිද්ධ උනා තමයි.. ඒත් ගන්න හොඳ වටිනා පාඩම් එතන තිබුණා.. ඒත් ඒවා අපි එකපාර ගත්තෙ නෑ..

      Delete
  9. ඔහොම තමයි අෆ්‍‍‍‍ෆා කෘතවේදී මිනිස්සු :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. අදහන්න වටිනවා..

      Delete
  10. අපි දවස ගානෙ ඔයවගේ මිනිස්සුන්ට අහුවෙනවා.... හැබැයි එකක්... අපේ හිත් තාම උනුවෙනවා.. ඒ විතරකුත් නෙමේයි අපි හැම්දාම බලා පොරොත්තු තියා ගන්නවා ඒ අය අඩුම ගානෙ දුක සැප බෙදාගන්නවත් ඉඳියි කියල.... ඒත් ඒක එහෙම නෑ....

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඒ වගේම මිනිස්සු හරි කාර්‍ය බහුලයිනෙ.. ඒ නිසාත් බොහෝ දේ මඟ හැරෙනවා.. අදාළ කෙනාටම කෘතවේදීත්වය පාන්න නොහැකි උනත්.. වෙනත් කෙනෙකු සමඟ කෘතවේදීත්වයෙන් අදාළ කෙනාව සිහි කරන අය ඕන තරම්.. කෘතවේදීත්වය පළ කරන්න හොඳම ක්‍රමය.. තවත් උදවු අවශ්‍ය අයට උදවු කිරීම නෙ..
      Chain of Love රස විඳින්නකෝ .. එය සැබැවින්ම අපේ යුතුකමක්..

      Delete
  11. මම දාපු කමෙන්ට් එක ස්පෑම් එකේද බලමු චතුර

    ReplyDelete
    Replies
    1. නෑ.. මං බැලුවා.. ස්පෑම් එක හිස්.. තරහා නැතුව.. විවේකීව කොමෙන්ටුවක් ලියන්නකො ආයෙමත්..

      Delete
  12. චතුර, මගෙ කමේන්ට් ස්පෑම් වෙන ගතියක් තියෙනවා සාමාන්‍යයෙන්. මගේම බ්ලොග් වල පවා. ඒකයි එහෙම කිව්වේ.

    මේ කතාව ඉල්ලං කෑමේ, පරිප්පු කෑමේ, මටමනේ වෙන්නේ යකෝ වගේ genre වලට හොඳම උදාහරණයක්. උඹලගෙ හිත හොඳ වැඩියි ඒකයි. මම මේ කතාව ගෙදර ඔක්කොටමත් කිව්වා. ඒ වගේම ඔය අනිත් උන්ට කියන්නත් මට මේ කතාව සෑහෙන කාලයක් මතකයේ ‍රැඳිලා තියෙයි masterpiece එකක් හැටියට.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්තටම සිහි කරද්දි හරි රසවත් අත්දැකීමක්.. ලංකාවෙ අපට කොහොමත් තියෙන්නෙ උණු වෙන හිතක්.. ඒක එක්තරා අන්දමක මෝඩ කමක්.. ඒත් ඉතිං ගෙදරට ආ මනුස්සයෙකුට කන්ඩ බොන්ඩ ටිකක් දෙන එක අපි සලකන්නෙ අපේ පරම යුතුකමක් කියලා..
      වෙන මොකවත් මොකටද.. අපේ දියවන්නාවෙ ලොක්කො ටික උනත් මෙලහකට ගෙදර.. අපේ ඔය හිත හොඳකම නැත්තං..

      බොහොම ස්තුතියි අදහසට සහෝ..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..