Wednesday, August 28, 2013

දැම්මෙමි මමත් එහෙනම් ලස්සෙට ..කොඩිය


දවසක් දෙකක් නොව තෙවසරකට .....වැඩිය
හෙමිහිට නමුදු නැංගෙමි පඩියෙන් .......පඩිය
ලද සහයෝගෙ ඔබ ගෙන් ගෙන දුනි ...එඩිය
දැම්මෙමි මමත් එහෙනම් ලස්සෙට ..කොඩිය

කවියෙන් පටන් ගත්තෙමි යන්තම් ....අමුණා
හරියට කවි හදන්ටත් ඉඩ කඩ ..........ලැබුණා
පැදියට ගැදියටත් සහයෝගය ..........තිබුණා
බැරිදා විග්‍රහය ජීවිතයට .....................එබුණා

පළවෙනි කමෙන්ටුව ගෙන ආ මිතුරු .....දුකා
"මනුසත්" දෙවැනි.. "බිඟුවා" ලෙංගතුම ...එකා
ඔය වගෙ බොහෝ අය සිටියා තනිය ......මකා
හැම ගැන කියනු බැහැ පින් දෙමි කඳුළු ..වකා

මුලදී මටත් දැමුවට එක එක ................කින්ඩී
අමතක කරනු බැහැ අවකාශයෙ ..........සින්ඩී
ගැහුවට පම්පෝරි අද වාගේ ...............චණ්ඩී
සින්ඩිය නොවෙන්නට "හදපතුල"ත් නොන්ඩී

පෙර දින දුන්නු සහයෝගය දෙගුණ ....කර
පිය මැන යන්න ලොව වෙත එය එකළු කර
මට අත දෙන්න ඔබෙ අදහස් අවදි .......කර
සලකමි ඔබට මගෙ කවි හිත පුබුදු .......කර

24 comments:

  1. සුභ පැතුම් මචං . . දිගටම ලියන්න . . මේක හරිම ජොලි හොබී එකක් . .

    ReplyDelete
    Replies
    1. කාලය තියෙනවා නම් මේක හරි විනෝදයි තමා මචං.. උඹ මට මුලින්ම කමෙන්ටුවක් දාලා දීපු දිරිය මට තවම මතකයි.. අද පෝස්ටුවටත් උඹම මුල් කමෙන්ටුව දැමීමත් හරි අපූරු දෙයක්..

      Delete
    2. හෙ හෙ හේ . . සිරාවටම . . ඒ වගේම අහම්බෙන් බස් එකේදි දැකලා උඹ අහවල් එකා නේද කියලා මම උඹට කතා කරපු එක? හෙ හෙ හේ . .

      Delete
    3. ඒක නං තවමත් පුදුමයි.. මීට අවුරුදු 2කට විතර කලිං.. ඒත් ඊට පස්සෙ තාම බැරි උනානෙ.. මුනගැහෙන්න.. හෙක්.. හෙක්.. කවදාහරි හමුවෙමු..

      Delete
  2. කවියන් කුකවියන් අතරෙහි සරන සඳේ
    දැනුනයි සිසිල පතුලම අල්ලනා හදේ
    යමු යමු පෙරට අප ඉන්නව දමං කදේ
    ලස්සෙද, දෙලස්සෙද, ඔව්වා මොටද වදේ

    ReplyDelete
    Replies
    1. පිළිගමි අයියෙ ඔබ ඒ කියු කරුණු ...ටික
      ඉඳහිට හොඳයි ආවර්ජන කරන .......එක
      එනිසයි ලිවුවෙ ඒ ගැන කවි පෙළක් .එක
      මගෙ සිත සතුට උතුරයි ඔබෙ කවක් දැක

      Delete
  3. ජය වේවා.. මම ඒක බලන් හිටියේ...පහුගිය එකට ප්‍රතිචාරය දාද්දි.. සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදරයා.. ඔයාලා අපට බොහොම ලොකු ශක්තියක් හැමදාම..

      Delete
  4. සුබ පැතුම් සහෝදරයා.........දිගටම ලියමු හැකි හැම විට ගොඩ වදිනවා අපිත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලීන් සහෝ.. ඔබ හැමගේ ශක්තියෙන් තමයි මෙතෙක් දුරත් ආවෙ..

      Delete
  5. එන හැම අයෙකුටම යමක් අරන් යන්න පුළුවන් තැනක් හැටියට හදපතුල හැමදා රැකේවා. හදපතුලට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. පැතුමට බොහොම ස්තුතියි ඩීන් අයියා

      Delete
  6. මගෙනුත් සුබ පැතුම් අයියා !

    අපිට ඉතිං කයි නම් බෑ, කවියෙන් සුබ පතන්න, ඔයා ඉතිං කවි කියන නිසානේ අපි හැමදාම ඇවිත් කියවල යන්නෙ. ලක්‍ෂපතියෙක් වෙච්ච එකේ ඉක්මනින්ම දසලක්‍ෂපතියෙක් වෙන්නත් වාසනාව ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා නැවතත්.

    ReplyDelete
    Replies
    1. කවි නැතුවට මොකෝ.. ඔය සුබ පැතුම කවියක් තරම්ම වටිනවා..

      Delete
  7. නියමයි! ඔහොමම පාගලා යමු. ජයවේවා.

    ReplyDelete
  8. සුභ පතමි හදවතින්ම.. කයියත් අපූරුයි !!

    ReplyDelete
  9. පස්ට කවි ටික... මගේ සුභ පැතුම්

    ReplyDelete
  10. Great !! :D :D

    ** Free Download World - http://www.AllSevenNet.blogspot.com **

    ReplyDelete
  11. හරිම රසවත්.ඔබට ජයෙන් ජයම වේවා!!!

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..