Tuesday, August 27, 2013

Phobia.. ! භීතිකා

යම් කිසි දෙයකට දක්වන අනියත බිය හෙවත් භීතිකාව ට ඉංගිරිසියෙන් ඔහොම කියනවා.. මනස ගැන ටිකක් හදාරපු කෙනෙක් හරි.. සියල්ල දත් කෙනෙක් හරි හිටියා නං මීට වඩා විස්තරයක් ඒ ගැන කරාවි.. 

මට Phobia කියපු ගමන් මතක් වෙන්නෙ එක්තරා කාලයක බොහොම හිතවත්ව හිටපු නංගි කෙනෙක්ව.. 

මෙන්න මේකයි කතාව.. අපි එක්තරා ප්‍රසිද්ධ උපදේශක මහත්මයෙකුගේ වැඩමුළුවකට සහභාගී වුණා.. මේ නංගිවත් මට මුණගැහුනෙ එහෙදි.. ඉතිං ඔය වැඩමුළුවෙ එක්තරා අවස්ථාවක.. අපි ඔක්කෝවම එක තැනකට ගෙනත් අපේ ගුරුතුමා අපට පුංචි පාඩමක් කියලා දෙනවා.. ඒ Phobia.. ගැන.. 

සර් කියනවා සමහරු කැරපොත්තන්ට බයයිලු, සමහරු මකුළුවන්ට බයයිලු, සමහරු සර්පයින්ට බයයිලු.. යනාදී වශයෙන්.. මේවා ඔක්කොම අපේ හිතේ තියෙන අදහස් නිසා ඇති වෙන බියවල් මිසක ඇත්තටම බය වෙන්ට කරුණු බොහොම අඩුයි... යනාදී වශයෙන්..  මේ කෙටි පැහැදිලි කිරීමෙන් පස්සෙ.. අපේ සර් අහනවා.. දැන් ඔයාලගෙන් කාට හරි Phobia... එහෙම තියෙනවද? කියලා..

අපේ හිතවත් නංගි නැගිටලා.. මෙහෙම කිවුවා.. 

"සර්.. මං මීයන්ට හරී... බයයි.."

සර් ගත් කටටම කිවුවා.. 

"ආ.. ඒක බැන්දම හරියයි.." කියලා..


ප.ලි.
ඔය මීට අවුරුදු 13කට විතර ඉස්සර සිද්ධ වෙච්ච කාරණයක්..

කෙල්ල (ඒ කාලෙ) බැඳලා නං දැං ටික කලක්.. ඒත් අහන්න මොකද්ද වගේ තාම මීයන්ට බයද කියලා..

8 comments:

  1. කිව්වහම මොකද ඔය භීතිකාව එකේක විදියෙන් අපේ රටේ හුඟක් අයට තියෙනව. සමහරුන්ට කොරහෙත් සුළි පේනවා. තව සමහරු ඉන්නව ඔය පංචායුධ කුමාරය වගේ, කාට හරි අධෝවාතයත් ගියත් පොර හිටගෙන දෙන ටෝක්ස් ඇහුවම පේනව එයාට අධිරාජ්‍යවාදී බළල් අත් භීතිකාවක් තියෙනව.

    අර ලේඩිගෙ හස්බන්ඩගෙන් ඒක ටක්කෙටම දැනගන්න තිබ්බා කිසිම ලැජ්ජාවක් නැතුව. හැබැයි පොර අනිත් පැත්තට අහන ප්‍රශ්නවලට නම් ඔන්න මා ගාව උත්තර නෑ. :)

    ReplyDelete
    Replies
    1. භීතිකා වල ඉමක් කොනක් නැති තරම් නේද?
      අනේ මල්ලි මේ පවුල් කඩා ඉහිරවන උපදෙස් දෙන්ට එපා හරිය..:D

      Delete
  2. ලංකාවෙ ගෑනු අඳුනන්නැති මීයංට බයයි තමයි. නිකං අනපේක්ශිත ලෙස මීයෙක්ව පෙන්නල බලන්න කෑගහල දුවන හැටි :D

    ReplyDelete
    Replies
    1. අඳුනන්නැති මීයා... හෙක්.. හෙක්.. අඳුනන මීයන්ටත් බය ගෑණු ඉන්නවා ඕං..

      Delete
  3. පිටරට ගෑණු නම් මීයෝ ඇති කරනවත් එක්ක. කොහොම හරි ගෑල්ලමයෙක්ට බොහොම ලස්සන නමකි, "ෆෝබියා", පුතාලට ලස්සන නම් ටිකක් මේ. කෘන්තක, රදනක, චාර්වක, පුරස්චාර්වක..

    ReplyDelete
    Replies
    1. පුතාලට දත් වර්ග වල නම් දාන්නෙ ඇයි? දෙනෙත්, නුවනා, දෙළුම් වගේ නමුත් හරි අමුතුයි නේද?

      Delete
  4. මාත් හරිම බයයි ඔයාට කමෙන්කටු දාන්න... කමෙන්ට්ෆෝබියා

    ReplyDelete
    Replies
    1. ඒක නං වහාම සනීප කරගන්ට.. නැත්නං අපට දරුණු පාඩුවක් නෙව..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..