නීල නයන දිගු ඉඳුවර නුඹට උරුම .....වෙච්චී
මාල වළලු අරුමෝසම් තාලෙට හෙල..වෙච්චී
ආල වඩන ඉඳුරන් මගෙ හීනෙට බර ...වෙච්චී
බාල උනත් නුඹ ගැන සිත ආලය ඇති .වෙච්චී
සතේ නැතත් මං ඉන්නම් කියා ආව .......පලා
පතේ බතුත් නැතැයි ඇයත් කියයි කඳුළු ..සලා
ගතේ දිරිය තිබුණට මම හිඳිමි වෙමින් ....මුළා
හිතේ මැවුණ රුව නුඹගෙයි දුටුවෙ පමා වෙලා
සඳේ රුවට කැටයම් කළ මූණ ටිකක් ...හරවා
විදේසයෙන් ගෙනා සුවඳ පුයර හිතේ ...පුරවා
හදේ පතුල පෙනෙන ලෙසට සිනහ වීසි කරවා
ළඳේ වචන දෙකක් කියන් මගේ හීන ..මරවා
//හිතේ මැවුණ රුව නුඹගෙයි දුටුවෙ පමා වෙලා//
ReplyDeleteටක්කෙටම ගහල තියෙන්නේ ඈ...
හෙක්.. හෙක්..
Deleteලස්සණ යි :) ඒත් මට පොඩි නොගැළපෙන බවක් දැනුනා. ආයෙත් හොඳට කියවලා බලන්න ඕනේ
ReplyDeleteඒක තමා ධාරෝ කියන්න ඕන වෙලා තියෙන්නේ මේ ගොයියට
Deleteඒක නෙ.. දේශක යා හරි.. නොගැලපෙන බව.. තමයි මෙතන කියන්නෙ... ස්තුතියි.. ධාරා..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමම කවිය තේරුම් ගත්ත හරිද මන්ද..
Deleteඒ හින්ද කලින් දාපු එක අයින් කලා ඔන්න..
කවියක එක එක පැති තියෙනවනෙ දුල්ෂාන් .. මං බලාපොරොත්තු වුණු දේ එලියට නොයනවානම්.. ඒක ගැන මට හිතන්නත් එක්ක.. ඔයාගෙ අදහස දැම්මා නම් තමයි වටින්නෙ..
Delete