Thursday, September 12, 2013

හිතේ මැවුණ රුව නුඹගෙයි දුටුවෙ පමා වෙලා....

නීල නයන දිගු ඉඳුවර නුඹට උරුම .....වෙච්චී
මාල වළලු අරුමෝසම් තාලෙට හෙල..වෙච්චී
ආල වඩන ඉඳුරන් මගෙ හීනෙට බර ...වෙච්චී
බාල උනත් නුඹ ගැන සිත ආලය ඇති .වෙච්චී

සතේ නැතත් මං ඉන්නම් කියා ආව .......පලා
පතේ බතුත් නැතැයි ඇයත් කියයි කඳුළු ..සලා
ගතේ දිරිය තිබුණට මම හිඳිමි වෙමින් ....මුළා
හිතේ මැවුණ රුව නුඹගෙයි දුටුවෙ පමා වෙලා

සඳේ රුවට කැටයම් කළ මූණ ටිකක් ...හරවා
විදේසයෙන් ගෙනා සුවඳ පුයර හිතේ ...පුරවා
හදේ පතුල පෙනෙන ලෙසට සිනහ වීසි කරවා
ළඳේ වචන දෙකක් කියන් මගේ හීන ..මරවා


8 comments:

  1. //හිතේ මැවුණ රුව නුඹගෙයි දුටුවෙ පමා වෙලා//

    ටක්කෙටම ගහල තියෙන්නේ ඈ...

    ReplyDelete
  2. ලස්සණ යි :) ඒත් මට පොඩි නොගැළපෙන බවක් දැනුනා. ආයෙත් හොඳට කියවලා බලන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ඒක තමා ධාරෝ කියන්න ඕන වෙලා තියෙන්නේ මේ ගොයියට

      Delete
    2. ඒක නෙ.. දේශක යා හරි.. නොගැලපෙන බව.. තමයි මෙතන කියන්නෙ... ස්තුතියි.. ධාරා..

      Delete
  3. Replies
    1. මම කවිය තේරුම් ගත්ත හරිද මන්ද..
      ඒ හින්ද කලින් දාපු එක අයින් කලා ඔන්න..

      Delete
    2. කවියක එක එක පැති තියෙනවනෙ දුල්ෂාන් .. මං බලාපොරොත්තු වුණු දේ එලියට නොයනවානම්.. ඒක ගැන මට හිතන්නත් එක්ක.. ඔයාගෙ අදහස දැම්මා නම් තමයි වටින්නෙ..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..