Friday, September 20, 2013

වෙනදා වගෙ නෙවෙයි රා ටික අමුතු ...රසයි

                                        
දවසක් ගියා හැන්දෑවක ගමපැත්තේ
මාටිං නොමැත මුට්ටිය පමණයිඇත්තේ
හනිකට මුවට හලමින් සොට් එක ගත්තේ
හොර කමකට නෙවෙයි පවසමි මමසත්තේ
  
වෙනදා වගෙ නෙවෙයි රා ටික අමුතුරසයි
ටික ටික මගේ ඇඟපත හැම තැනමකසයි
නිදිමත නොවෙයි නැවතුවෙ මා බමනහිසයි
දැහැනක වැටුණු අයුරකි එම සුවයයසයි
  
නැත හිත ඇදෙන්නේ පෙර ලෙස හැමතැනම
විමසිලි නැඟෙයි ඉඳුරක සෙලැවුනතැනම
කය මගෙ තියෙන අතරේ එම සිටිතැනම
මිදෙනට යන හැඩයි යන්නට තැනතැනම
  
යනවිට ගම මැදින් හනිකට අඳුරවකා
මඟ හමු වුණා මහසොන් යැයි කියනයකා
මොනවා වුණත් ඒකා මහ බොළඳඑකා
බැලුවා මා දිහා සිය තොල් යුවළ විකා
  
කුමරුනි කොහිද යන්නේ මේහැන්දෑවේ
අමතක ඇයිද ජයසෙන් මංලංකාවේ
එකවර මටත් අමුතුම බලයක්ආවේ
මොහු සෙබලෙක්ය පෙර කල මගෙහමුදාවේ
  
මොකටද වැඩි කතා චෙරියෝ කියල'මම
ඇවිදන් ගියා අඩිපාරේ තිබුණුඑම
සයිමන් හනික දිව යයි වෙත නිවසතම
කුකුලෙකු අතෙහි ඇත පණ කඳ නොවුනුනිම
  
සයිමා නොදැක්කට මං කවුරුදකියලා
කුකුළා හඬ තලයි එක වර මංදැකලා
අඳුණනවද බැලිමි යළි එබිකම්කරලා
අප හමු වෙලා ඇත කලකට පෙරඉඳලා
  
පෙර භවයකදි කුකුළා මගෙ පියසොයුරූ
සයිමා එකල ඉඳළා අපහටසතුරූ
සොයුරා අවසනදි විය සයිමටනපුරූ
එනිසයි නපුරු කම සයිමා යළිපැතිරූ
  
සයිමෝ අතහරිනු දැන් ඔය දුබලසතා
කීවෙමි හනික උගෙ පණ බේරනටපතා
සයිමට ඇසුණෙ නෑ මා කිවු සමඟිකතා
බැහැ වළකන්ට ඇති කරුමය ගතිමිසිතා
  
හැරුණෙමි යළිත් මගෙ කය වෙත යනලෙසට
තේරුම් ගතිමි කරුමය පළ දෙනබවට
අනුනගෙ පවු එපා ගන්නට තමඇඟට
එළියට යළිත් නොම එනු කීවෙමිසිතට
  

8 comments:

  1. අපොයි ඔව් හිත අල්ලගනිං හයියෙන්...

    ReplyDelete
  2. අර කවි ඇලයින් කරන ක්‍රමය අත්හදා බැලුවොත් නරකෙයි...???

    ReplyDelete
    Replies
    1. ඔන්න මිත්‍රයා කිවුව හිංදා ඇලැයින් කොරන්ට තීරණය කොළා.. ශාන් දිසානායක මලයට තමයි පින..

      Delete
  3. නොනැවති ගලා ගිය රස කවි ගඟුලැල්ලක්
    එය මදි කියා පවසන නැති නැවතිල්ලක්
    සිත තුළ මවා මුව අග පිපි හසරැල්ලක්
    දෙනතුරු ලියා තවකෙක නැහැ ඉවසිල්ලක්

    ReplyDelete
    Replies
    1. ඇගැයුම මහමෙරකි එය මට ......සැනසිල්ලක්
      ඔබෙ කවි කමත් නොම වනු ඇත නැවතිල්ලක්
      දිරි ගෙන යළි ලියමි රස බර ........සිතුවිල්ලක්
      එතකං මට දෙන්න මොහොතක ..නැවතිල්ලක්

      Delete
  4. චතුරගේ හතර පදේ කවි කොහොමත් රසයි. අද රා ටික වගේ අමුතුම රසයක්.

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..