Wednesday, September 25, 2013

එතකල් ඉන්න..

       
තම දරු ගඟට විසිකළ සැහැසිවු දිනිති
තම ඵල බුදින රුක් බඳු පියවරු රකිති
තම නට සොඳුරු දුදනො ද දෙවිවරු කරති
තම අඬහැරය අසරණ දුගියට නගති
  
නියමිත කලක් ඇත මල් විකසිත වෙන්න
මුකුලිත වෙන්න වුව යුතු නිසි කල එන්න
මිනිසුන් හදනු බැහැ පවසා තතු දන්න
කාලය තමයි විසඳුම එතකල් ඉන්න
  

4 comments:

  1. ඔව් කාලය හොඳ විසඳුමක්.

    ReplyDelete
  2. ඔව් චතුර.....ඕක තමයි ඇත්ත..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ.. බොහොම ස්තුතියි දිරිගැන්වීමට..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..