Friday, September 6, 2013

දිලෙනු ගගනත සුපිපි සඳ මෙන

සතුටින් ඔද වැඩෙන
සෙනෙහෙන් අපව සනහන
මිතු දම් නිති රකින
නුඹ මගේ දියණියයි සැම දින

දැන් හය වසරකී
පීදෙන නැවුම් මලකී
වූවද ලොකු එකී
තාම නුඹ මට තෙමස් සෙයකී

මනුදම් හැඳිනගෙන
ගුණදම් නිති වඩවගෙන
සිරිදම් සිතට ගෙන
දිලෙනු ගගනත සුපිපි සඳ මෙන

7 comments:

  1. පියෙක් දුවකට ලියපු පබැඳුමක් වුනත් මම නම් කියන්නේ තව ටිකක් අදහස් එකතු වුනා නම් ඔනම දුවෙක්ට ගන්න කරුනු තියෙන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි රතී.. තරමක් අඩු කාලයක් තුළ ලියපු එකක් නිසා වැඩි යමක් එකතු කරන්න බැරි උනා..

      Delete
  2. මමත් තාත්තෙක් නොවිම තාත්තෙක් උනානේ

    මේ තියෙන්නෙ ඒක :)

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඔයාගෙ නිර්මාණය බලන්නත් ගියා.. වැඩිය කියවන්න වෙලා නෑ මල්ලි.. ඉඩ ලැබුණු ගමන් කියවනවා..

      Delete
  3. අගෙයි.. මෙහෙම තාත්තල දැං නැහැ නෙව

    වෙන්න මගේ දුවේ ලොකු දොස්තර නෝනෙක් කියල නෙව කියන්නෙම

    ReplyDelete
    Replies
    1. ප්‍රායෝගිකව එහෙම නොවුනාම අද රටේ විඳින්න තියෙන ප්‍රශ්න දැක්කම දොස්තර කෙනෙක් වෙනවා නම් කැමති නැත්තෙ මොන තාත්තද? ඒ උනාට මට නම් තාම හිතෙන්නෙ යහපත් ගුණ වගාවක් තමයි දරුවෙකුට අත්‍යාවශ්‍ය කියලා..
      ඒක හින්දා මං කියන්නෙ.. හැමෝටම හොඳට සලකන හැමෝම ආදරය කරන විදිහෙ කෙනෙක් වෙන්න කියලා..

      අපට පුළුවන් මඟ පෙන්වන්න විතරයි.. යන්නෙ කොහෙද කියලා තීරණය කරන්න ඕන දරුවෝ.. ඒ තීරණ අපි ගන්න ගියොත් එයාලගෙ ජීවිත අවුල් වෙනවා වගේම අවශ්‍යම මොහොතක එයාලට තීරණ ගන්න හැකියාවකුත් නැති වේවි..

      Delete
    2. ගුණ යහපත් රටට වැඩදායක් ඕන යකෙක් වෙචිචාවේ මගේ තියරිය ඒකයි

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..