මම.. හදපතුලෙන් ම නැගෙන අදහස් අකුරු කරමි... ඔබ .. එය කියවන්න.. රස විඳින්න .. විවේචනය කරන්න... අපි .. මේ ලෝකය මොහොතකට සුන්දර කරමු...
Wednesday, September 25, 2013
බැරිදා විග්‍රහය ! රනිල් ගෙදර යයි ......?
රනිල් කිවුවාම ඉතිං රනිල් මල්ලවාරච්චි නොවේය. මේ කියන්නේ රනිල් වික්‍රමසිංහ මාමා ගැනය. රනිල් ට කවුරු මොනවා කිවුවත් මං තාමත් කැමති රනිල් ජනාධිපති වෙනවාට ය.. ඒ දේශපාලනේ ඉන්න එවුං එක්ක බැලුවාම රනිල් ට වඩා හොඳ එකෙක් හොයා ගන්ට අමාරු හින්දාය.
රනිල් කිවුවාම සමහරුන්ට මතක් වෙන්නේ බටලන්ද ය. ඒ කාලේ බටලන්ද වගේ තව ලන්ද වල් ගොඩක් තිබුණේ ය. ඒක කාලයේ වරද මිස රනිල්ගේ වරද ම නොවේය. ඒ වැරැද්ද කළේ ප්‍රේමදාස ඒකාධිපති ආණ්ඩුවේ යටහත් ඇමැත්තෙකු ලෙස ද නැත්නම්.. රනිල් ගේ ඕනෑ කමිං ම ද කියන්ට දන්නේ රනිල් ම ය. ලලිත් ලා ගාමිණී ලා ඒකාධිපති වියරුවට එරෙහිව නැගිටිනවිට.. නැගිට්ටෙ නැති එක නං රනිල් ගේ නොහොඹිනා කපටි කම ය. නැති නං නපුංසක කම ය. කෝක වෙතත් අද ඒකාධිපති වියරුවට එරෙහිව නැගිටින්ට ලලිත් හෝ ගාමිණී කෙනෙක් මෙලොව නැති එකේ අඩුව අපට දැනෙනවාය.
මෙරට මැතිවරණ පවත්වන වේගය බැලුවා ම රනිල් අඩුගානේ මැතිවරණ සෙන්චරියක් ව ත් පරාද වී ඇතැයි මට හිතෙනවාය. පරාජය ජයග්‍රහණයේ ආරම්භය කියා හිතුවාට හැමදාම ආරම්භයේ ඉන්ට බැරිය. අපි විකල්පයක් හොයන්ට ඕනෑය.
මගේ ඇණ ලැයිස්තුවට අනුව මෑත කාලයේ අපට හම්බ උන හොඳම හා උපරිම චෑන්ස් එක 2010 ජනාධිපතිවරණයට සරත් මාමා ඉදිරිපත් වූ අවස්ථාවය.. උන්නැහේ නොම්මර 17 වගේ ජෙන්ටල් මෑන් කෙනෙක් ය. වා නං වා ය. පෝ නං පෝ ය. වා පෝ දෙකක් නැතිය. උන්නැහේ ආවෙත් තනියම නොවේය.. අලියයි සීනුවයි උන්නැහේට පුල් බකප් එක දුන්නේය. දේශපාලනයෙන් ගත්තත්, බුද්ධිමය පැත්තෙන් ගත්තත්, ආර්ථිකය පැත්තෙන් ගත්තත්.. උන්නැහේට රට කරන්ට ඕනෑ කරන හැම මෙවලමක්ම උන්නැහේ වටේ තිබුණේය. ඒත් උන්නැහේ ගියේ හිරේටය. මගේ හිතට දේශපාලන හේතුවක් මත එතරම් දුකක් දැනුණේ.. ගාමිණී දිසානායක මැරුණු දවසේ ය. අන්තිම බලාපොරොත්තුව අහිමි වීම කොච්චර කිවුවත් දුකක් ය.
දැං ඉතිං සරත් මාමා ට කොරන්ට හැකි යමක් තියේ දැයි විශ්වාස නැතිය. වටේ හිටි පට කොක්කු සේරම ඉගිල ගිය නිසා ය..
දැං ගහලා බලන්ට ඇත්තේ එක තුරුම්පුවය. ඒකත් කපෝතියෙන් බේරෙන්ටය.
රනිල් ගෙදර යා යුතුය.. එය අපට වැදගත් ය. රනිල් ගිහාම එන්නේ කවුද කියන එක ඊට වඩා වැදගත් ය. පේන මානයක හරි ඉන්නේ.. කරූ විතරමය.. කරූ ට ත් දාහතක් අරං ගිහිං තනියෙම ආ එකට සමහරු අනං මනං කියනවා ය. මොනවා උනත් කරූ කරන්ට ගිය වැඩ වලිං මුලින්ම අනාගත්තේ එතන ය. අනික පක්ෂ නායකත්වයට ඡන්දය ඉල්ලීම ය. කරූ නිහඬ උනත්.. නියම ජෙන්ටල් මෑන්ය. උන්නැහේට ප්‍රේමදාස ප්රතිපත්තිවත්,.. ජේ ආර් ප්‍රතිපත්ති වත්, බණ්ඩාරනායක ප්‍රතිපත්ති වත්, රාජපක්ෂ ප්‍රතිපත්ති වත්, වික්‍රමසිංහ ප්‍රතිපත්ති වත් ඉස්සරහට ගෙනියන්ට උවමනාවක් නැත. උන්නැහේ මේ රට තිබූ තැනින් අඟලක් හරි ඉස්සරහට ගේන්ට පුළුවං වගේම ඡන්දේ දිනන්ටත් හොඳ අවස්ථාවක් තියෙන නායකයෙක්ය.
මේ පාර නං රනිල් ගෙදර යයි.. මට හිතෙන්නේ එහෙම ය.
ඒත් යන්නෙ නැත්නං තවත් එක කෙරෙමයක් තිබේ ය. රනිල් දෑත් ශක්තිමත් කරන්ට යෑමයි.. එමඟින් එජාපයේ අර්බුදයට සුළු හෝ සහනයක් හිමිවනවා පමණක් නොව.. රජයට වැඩක් කළ හැකි මිනිසෙකු එකතු වෙනවාය.. රනිල් විපක්ෂ නායකයා විදිහට අසාර්ථක උනාට.. ඇමැති කෙනෙක් විදිහට හා අගමැති විදිහට රට ඉස්සරහට ගෙන ගිය නායකයෙක්ය.. වාචාල වංශ වැනි ප්රගතිශීලී නායකයන් සිටින නිසා රාජ්‍ය දේපල (පවුල් වල අයට මිස) විකිණෙන එකක් නැතිය. ඒ කෙරේමෙනුත් රට ගොඩ යන්න පොඩි චෑන්ස් එකක් තියෙනවාය..
ප. ලි.
මේ ක්‍රමයට ලියන්ට පොඩි ආශාවක් හිතුණ නිසයි මෙහෙම ලිවුවෙ.. දැං මේ රටාවට බොහෝ දෙනෙක් ලියනවානෙ..
Subscribe to:
Post Comments (Atom)
රනිල් ඒ පැත්තේ සිට කරන්නේත් දැත් ශක්තිමත් කිරිමය මදක් සිතා බලන්න...!!
ReplyDeleteඒ පැත්තෙ ඉඳං කරන එක මේ පැත්තට ගිහිං කළොත්.. රටට මොකක් හරි වැඩක් වෙයි.. රනිල් ගෙ මාර්කටිං දුර්වල උනාට පාලනයට දස්සයි.. සඟිස්කෘතිය රකින්ට කියලා රනිල් ව පන්න ගත්තට ඒක රැකුන ද?
Deleteචතුරගේ බැරිදා විග්‍රහය ටොප්. රනිල්ට යන්න වෙයිද? නැත්නම් වෙන ගැටයක් ගහයිද? කරූට ආපහු කෘත්‍යාධීකාරී මංඩල සාමාජිකත්වය නම් හම්බවුනා.
ReplyDeleteයන්ට වෙලා හරි.. හිතිලා හරි.. රනිල් ගොයියා යන එක.. රනිල් ට කැමති අකමැති කාගෙත් ප්‍රාර්ථනාව.. එහෙම නේද?
Deleteරනිල් යන්නේ නෑය.. මමත් අහන්නේ රනිල් යන්නේ මක්කටද කියාය... මම ඉන්නෙත් උඹගේ මුල් මතයේය..
ReplyDeleteමමත් මේ ගැන ලියන්නට ඉන්නේය..
රනිල් යන්ට ඕනෑ වෙන මක්කටවත් නොවේ ය. අපේ රටේ ආයෙමත් රනිල් මාකට් වෙන්නෙ නැති නිසාය.. උඹත් ලියන්ටය.. මාත් බලන්ට එන්නම් ය.. මේ බාසාව මගෙ හිතට ආවේ උඹ හින්දා වෙන්ට ඇතිය.. ඒකටත් ඉස්තුතියි ය.
Deleteරනිල්ට ජනාධිපතිකමට වඩා විපක්ෂ නායකකම දාහකින් වටින්නේය..... කිසිම වැඩක් නොකර, නොමිලේම රටේ තුන් වෙනි පුරවැසිය වෙලා වරප්‍රසාද ගණනාවක් බුක්ති විඳින්න පුලුවන් තැනක් තියෙනවද මීට වඩා...............
ReplyDelete