Thursday, October 17, 2013

හිමවත කළ හැකිද සොඳුරිය නුඹට සම?

                    
ම ඳ හ ස හිරුගෙ විඳ සුවබරහිමිදිරියේ
සෙ නෙ හ ස පුදමි සඳ නුඹ වෙතසුමිහිරියේ
කි තු ගො ස බිඳුණු පසුව ද නොම අත හැරියේ
නු ඹ මි ස අත්වැලක් නැත මගෙසුවිසැරියේ
  
බැ ඳි මහ පවුරු පිණි බිඳු මෙන්ම යකතර
සැ දි මඟ කවුරු කීවත් නොම විය නතර
ලැ දි බව නො අඩු විය අග හිඟ කම අතර
රැ ඳි නෙතු කඳුළු නොදුටිමි හසකැන් විතර
  
ක ය නුඹෙ විකුණුවත් මට එය නැත කාරී
ලෙ ය මගෙ රකිණු වෙනුවෙනි ලුහු කළෙ සාරී
රැ ය ඉකි බිඳිණු කිම මිත මට ඇත තේරී
සි ය හදවතින් තවමත් නුඹ මගෙ බාරී
  
වෙ හෙ රෙ හි බුදු මැදුරෙ හා මහ බෝ මළුවේ
ද හ රෙ හි උතුම් සදහම් සිසිලස ගැලුවේ
ප හ රෙ හි සැඩ, ඇදෙන්නට මල් නැහැනෙළුවේ
නු දු රෙ හි තිබෙන නිවනකි නිතරම බැලුවේ
  
මි හි ම ත සිටින මනු පල්ලන් අතර යම
සි හි තෙ ත රැකගෙන ම ගිණියම් කරන ළැම
ඇ ඳි ව ත පරයමින් රැකගත් පතිනි කම
හි ම ව ත කළ හැකිද සොඳුරිය නුඹට සම
  

12 comments:

  1. හ්ම් හ්ම්... මට නං ඕවට කියන්න දේවල් නෑ...

    ReplyDelete
  2. චතුර අයියාගේ කවි ඉතිං ආයේ බලන්න දෙයක් නෑනේ. සුපිරිම සුපිරිනේ

    ReplyDelete
    Replies
    1. බලන්න දෙයක් නෑ කියලා නොබලා ඉන්නවා එහෙම නෙවෙයි.. බොහොම ස්තුතියි කිවුවා ඇගැයීමට..

      Delete
  3. රැක එළි සමය නිසි විරිතක් ගෙන සොඳිනා
    දැක සඳ රාහු මුව වෙත සියොවම පනිනා
    කැළ තුන පතුළ දිවි මඟ පන්්හිඳ හැඳිනා
    කළ කවි කමට තුති මල් මේ ලෙස යෙදිනා
    කාලේකට පස්සේ දැක්ක සුපිරි කවි පෙළක්,මේ අනුභූතිය හිත සසල කරනවා.හේතුව දැන් අපිට ඕන තරම් අහන්න ලැබෙනවා සැමියා ඇතුළු කුටුම්්භය රකින්න හදන අම්මලා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි අගනා පැදියකින් සහ සටහනකින් කළ සංග්‍රහයට..

      Delete
  4. Replies
    1. බොහොම ස්තුතියි ඔබගේ ඇගැයීමටත්..

      Delete
  5. Replies
    1. දිනේෂ්... කාලෙකින් නේද? සාදරයෙන් පිළිගන්නවා.. බොහොම ස්තුතියි ඇගැයීමට..

      Delete
  6. මේ ප්‍රශ්නයට මගේ ලිපියේ අදාලත්වය මොකක්ද කියලා පැහැදිලි නෑ.

    මේ බ්ලොග් දෙකම කරන්නේ චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න විසින් බව ඒවායෙහි තිබෙනවා.. පුංචි කුමාරිහාමි සහ ඔහු අතර කිසියම් පුද්ගලික බැඳීමක් ඇත්දැයි නොදනිමි. එහෙත් ඔවුන් දෙදෙනා දෙදෙනෙකු බව සිතමි. සුජිත් නිශාන්ත ගැන නම් ඇසුවේ අදමය.

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..