Thursday, October 3, 2013

බැරිදා විග්‍රහය!සිස්සත්තේ අතුරු කතා


පහේ සිස්සත්තෙ පටං ගත්තේ එකදාස් නවසිය අසූ අටේය.. ඊට කලිං තිබුණේ පහේ සිස්සත්තේය.. බැලුවාම අණ්ඩර දෙමළයක් වගේ තිබුණාට මේක ඇත්තය. මං ලිවුවේ පරණ පහේ සිස්සත්තේ ය. ඒ අවුරුද්දේ සිස්සත්ත දෙකක් තිබුණේ ය. ඕවා පරණ කතා ය.

ලෝක ළමා දිනේ යෙදුණ ඔක්තෝබර් පළමුවැනිදා සිස්සත්ත ප්‍රථිඵල එළියට ආවේය.. ආපු ප්‍රථිඵලය හොඳ වුණු ළමෝ.. වාසනාවන්තයෝ ය. නැත්තං එදාට සමරන්ට වෙන්නේ ලෝක ගුටි බැට දිනය වන්නේ ය.

මෙවර සිස්සත්ත විබාගේ කාලෙකට පස්සේ පස්න පත්තරේ වැරැද්දක් නැතිව තිබ්බ විබාගයක් හැටියට ඉතිහාස ගතවෙනවාය. ඒත් ඉතිං අතරමඟ එක එක කොහු තිබ්බ විත්තිය කනිං කොනිං ඇහෙනවාය.

උත්තර පත්තර බලන්ට යන්නේ ඉස්කෝල වල ටීචැර්ලාය. එහෙවු ටීචැර්ලාට තමං ගේ ඉස්කෝලෙ දරුවන්නෙ උත්තර පත්තරේ බලන්ට දෙන්නේ නැතිය. ඒත් සීතාවක රාජධානිය පැත්තේ ටීචැර්ලාට තමන්ගේ ඉස්කෝලෙ දරුවන්නේම උත්තර පත්තර බලන්ට හම්බුවෙලා ය කියලා කතාවක් තියේ ය.

ආරංචියේ හැටියට ඉස්පිල්ලට, පාපිල්ලට, ඇලපිල්ලට, ඇදපිල්ලට පමණක් නොව ඉස්පේස් එකටත් ලකුණු කපනවාය. ඉතිං ඔය අඩු වුණු ඇලපිල්ලක් .. පාපිල්ලක් පත්තරේ බලන ගමං  එක්කහු කොරන්ට මේ ටීචැර් ලා ට බැරි කමක් නෑ ය. හැම ටීචර් ම වංචා කාරයෝ නෙවුණට.. රටේ හැටියට සැලකිය යුතු වංචා කාරයෝ පිරිසක් ටීචැර්ලා අතරත්  ඉන්නවා ය.

කොහොම උනත් පාස් වෙච්චි දරුවෝ මේ දවස් වල වීරයෝ වෙලා ය. එක කෙලි පැංචියක්.. තමන්නේ තෑග්ග ලෙස තාත්තාගේ බීම නතර කොරන්ට කියා ඉල්ලපු ආදුරුසමත් කතාවකුත් අහන්ට ලැබුණේය. මාත් ඔය සිස්සත්තෙන් පාස් වෙච්චි දා අප්පච්චිගෙන් ඉල්ලුවේ සිගරැට්, අරක්කු වර්ජනයක් ය. වාසනාවකට අප්පච්චි ඒ වර්ජනය කළේ තුන් මාසයක් විතර ය. බීම නැවැත්වීම නිසා තාත්තාගේ කොලෙස්ටරෝල් වැඩි වීමේ අවදානමක් තිබෙන බැවු මේ පොඩි එකීට මතක් කොරන්ට ඕනෑ ය. 

තමන්ගෙ දුව, අල්ලපු ගෙදර පුතා, අයියගෙ පුතා, බාප්පගෙ දුව, යාළුවගෙ නංගිගෙ නැන්දගෙ දුව සිස්සත්තෙ පාස් වෙච්ච රිසැල්ට් වලිං ෆේස්බුකිය පිරිලා ය. කෙල්ලො ගෙට උනාම වෙඩිං එකට වඩා ලොකුවට පාටි ගන්න රටේ මේවා මහා ලොකු දේවල් ද නොවේ ය. 

16 comments:

  1. ළමා දිනේ දවසෙ ගහන එකක් නෑ කියලයි එදාම දැම්මෙ!

    ReplyDelete
    Replies
    1. කවුරු කොහොම කිවුවත්.. ඒකෙත් ඇත්තක් තියෙනවා නේද?

      Delete
  2. ඒ තෑග්ගත් නරකම නෑ නෙ

    ReplyDelete
  3. අසූඅටේ ශිෂ්‍යත්ව 2 ක් තිබ්බා......ඒ කාලේ තමයි ශ්‍රේණී පංති වලින් වසර පංති වලට මාරුවෙච්චි කාලය...

    දැන් නම් වසරයි ශ්‍රේණීයි එකම උනාට ඉස්සර 5ශ්‍රේණියට කිව්වේ 6 වසර විභාගේ කියලා.....88 ට කලින් ශිෂ්‍යත්ව විභාගේ තිබ්බේ 5 ශ්‍රේණියේදී..ඒ කියන්නේ 6 වසරේදී.
    ඒත් 88 දී එක 4 ශ්‍රේණියට ගෙනාවා...ඒ කියන්නේ පහ වසරට....ඒ අවුරුද්දේ අවුරුදු කාණ්ඩ දෙකක ලමයින් ශිෂ්‍යත්ව විභාගයට පිනි හිටියා..ඒ ගොල්ලො අතර වයසේ වෙනස අවුරුද්දයි.....

    ReplyDelete
    Replies
    1. ඕක තමයි කතාව.. හෙක්.. මං හිටියෙ 6 වසරෙ සිස්සත්තෙ ලියපු අන්තිම සැට් එකේ.. ඒ කිවුවෙ 88 තමයි මං සිස්සත්තෙ ලිවුවෙ..

      Delete
    2. ඒ කියන්නේ දැන් සැහෙන වයසයි. බුරුවො දෙන්නේක්ගේද තුන් දෙනෙකුගේද ?

      Delete
    3. හෆොයි.. ඔවු.. පුත්තලං බූරුවො තුන් දෙනෙක් ගෙ විතර මයෙ හිතේ..

      Delete
  4. ළමා දිනේ දවසෙම පොඩි උන් කී දෙනෙක්ගේ හිත් බිදෙන්න ඇත්ද එක අතකට..

    ReplyDelete
    Replies
    1. එහෙමත් ඇති.. ළමා දිනේ හින්දා තියන සෝලිය ටිකක් අඩු වෙච්චි වාසනාවන්ත දරුවොත් ඉන්ට ඇති..

      Delete
  5. ශිෂ්‍යත්වෙ නරක නෑ දෙමවුපියෝ මේ තරං දඟලන්නෙ නැත්තං... කොහෙද.. අපේ උන්දැලට හැම එකටම බලු පොරේනෙ... තාරේ සමීන් පර් පෙන්නන්න ඕනෙ අම්මලට ළමයා තුන වසරට දැම්මට පස්සෙ..

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තෙ දරුවො ටියුෂන් යන්නෙ මොට්ටසෝරියෙ ඉඳලා.. ඒ හින්දා ඔය පෙන්නන අට මඟලක් ඊට කලිං ම පෙන්නන එක හොඳා..

      Delete
  6. චතුර මම පහේ සිස්සත්තේ පාස් උනේ 1972 කේ. යකඩෝ මම පාස්වෙලා තියෙන්නේ මොකක්ද බං සිස්සත්තයක් නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. අප්පද බොල.. මං ඉපදිලත් නෑ.. නෙ ඒ කාලෙ.. සිස්සත්තයක් උනත්.. දැං තියෙන්නෙ වෙනත් එකක් මයෙ හිතේ..:D

      Delete
  7. ඔන්න අදත් නිව්ස් වලට රිසාල්ට් එකක් කිවුව.තාත්තකෙනෙක් දරුවව රත්කරපු යකඩෙකින් පුච්චල

    ReplyDelete
    Replies
    1. තව කාලයක් යනකං.. ඔය වගේ රිසල්ට්ස් එන්න පුළුවං

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..