Wednesday, November 13, 2013

බැරිදා විග්‍රහය !තාරුණ්‍යය - සමයම

තාරුණ්‍යය පුදුමාකාරය. සීමා මායිම් ගැන වගේ වගක් නැති, ඉවසීම කියා දෙයක් හඳුනන්නේ නැති, පෙරලන්න හිතුණොත් මහාමේරුවත් ලොකු නැති.. එවන් තාරුණ්‍යයක් මටත් තිබුණාදැයි  මම මගේ හිත විමසමි. 

මගේ තරුණ කාලයේ ම මා ද පිළිකුල් කළ අයුරෙන් හැසිරුණු මගේ සමවියෙහි වූ තරුණ තරුණියන් පිරිසක් ද සිටි බව මට මතකය. ඔවුහු මිතුරු සමූහයක් වූ අතර, වැඩි දෙනෙකු තනි පුද්ගලයින් විය.  එක කොල්ලෙකු සමඟ කෙල්ලන් 2-3 ක් සහ එක කෙල්ලකු සමඟ කොල්ලන් 2-3 ක් එකට සැරීම මෙම කණ්ඩායමේ ස්වරූපයයි. කාලය යද්දී එක එක කුරුල්ලා කිරිල්ලියකුත් අරං මාරු වූ අතර.. අවසන මේ සමයම නිමා විය. 

මා මේ සටහන ලියුවේ මාගේ ඥාති සොහොයුරෙකුගේ එවන් වූ පිංතූර පෙළක් දැකීමෙන් හටගත් කම්පනයෙනි. ඔහු ඉන්නේ භද්‍ර යෞවනයේ ය. ඇතැම් පින්තූර වල ඔහු හා වෙළී කෙල්ලන් දෙදෙනෙකු සිටින අතර.. තවත් පින්තූරයක ඔහු තවකෙකු සමඟ එක් කෙල්ලෙකු හා වෙළී හිඳියි. මේවා සමාජ සමයං ය. එහෙත් එවන් වූ සමයං මීට 14 අවුරුද්දකට පෙරත් තිබුණි. ඒ අනුව නිසි කල ආ කල මේවා නිමා වනු ඇත. එතැනට වෙනත් පිරිසක් එනු ඇත.

තරුණ වියේදී වේවා, මැදි වියේදී වේවා සිංහලයන් විදිහට අප අපගේ සීමා මායිම් පුළුල් කළ යුතු තැනදී ඒවා පුළුල් කරනවා මිස ඒවා නොතැකිය යුතු නැත.


4 comments:

  1. ගණං ගන්න එපා. පුරාණයේ නෙව හොද හොද වැඩ තිබ්බයි කියන්නේ...

    ReplyDelete
  2. ඉස්සර නම් පිංතූරවල විතරයි කියලාවත් හිතාගත්ත හැකි. දැන් කාමරවල ඇඳන් උඩත් ඉන්නවානේ.

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..