Friday, November 15, 2013

ගත කොහොම ද හිත වගෙ බෙදුවේ...?

     
ලොව වැනසෙද්දී කවි ලිවු මා සිත - නුඹ වැනසෙද්දී සසල වෙළා
මල්ලියෙ අද නම් පමණට වැඩියෙන් - නුඹ මා හදවත සිදුරු කළා
  
නුඹ දෙඩු වදනක විස තිබුණා නම් - දරා ගනිමි දෙවරක් නොසිතා
දිය - කිර වෙන් කර රස බැලුවා නම් - නුඹ වනු ඇත හෙටටත් සමතා
  
ඔවදන් මනුදම් ඇසුරින් හුරුකර - නුඹ ලොකු වන තුරු බලා හිඳී
මවුපියො, ගුරුවරු, නෑ සියො ගැන නම් - නුඹ හිතුවා මගෙ හිතට මදී
  
තනි වූ පෙම් හිත දෙතුන් දෙනෙකු වෙත -දෙන්නට නුඹ කොහොම ද හිතුවේ
හිත විතරක් නම් කමකුත් නෑ තව -ගත කොහොමද එළෙසට බෙදුවේ
  

4 comments:

  1. හරිම ලස්සනයි අයියෙ :)

    -මු.නො.ස-

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. මල්ලි.. ඔයා ඉතිං කවදත් මගෙ නිර්මාණ අගය කරන කෙනෙක් නෙ..

      Delete
  2. හිත බෙදන්න පුළුවන් කෙනෙකුට ගත බෙදන එක හරිම සිම්පල් චතුර......ඉතාම මිහිරි කවියක්...මේ ලියා ඇති කවි ආකෘතිය වැඩිය දකින්නට ලැබෙන්නේ නැහැ නේද? මම කවියෙක් නෙමේ.

    ReplyDelete
    Replies
    1. දෙපද කවි ආකෘතිය නිතර ම යොදා ගැනෙන්නේ නෑ තමා.. මගේ නිර්මාණ වලදී.. ආකෘතිය කලින් තීරණය කෙරෙන දෙයක් නොවෙයි.. බොහොම ස්තුතියි මිත්‍රයා..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..