Tuesday, November 19, 2013

නව මං පෙතෙහි අගේ..

  
එකමත් එක රටකි ඇති සමුදුරු මැද්දේ
කඳු පෙළ මනරම්ය දිය උල්පත් ඇද්දේ
කෙත්වතු තිබේ හේනුත් තියෙනෙව' බැද්දේ
තවමත් ඇහෙනවා සියොතුන්ගේ සද්දේ
  
මුව මී ගෝණ ඉත්තෑ සා පොවුවන්ද
ගව සූකර බළල් බලු අග සවුවන්ද
කවදත් දහම හුරු ඇත් කුල සෙවුවන්ද
එබිමෙහි තවත් ඇත හොර රා බිවුවන්ද
  
මිණිකැට තිබේ පොළොවේ ඔබ මොබ නිතර
ගං දිය ගලයි හැඩ වී කඳු හෙල් අතර
මහ වැවු හැඩයි බැලුවෙමි මම වී නතර
වෙන මොන ලස්සනද නව මං පෙත් විතර
  

8 comments:

  1. කවි පෙළ කියවන කොට මතක් වුණේ පී. බී. අල්විස් පෙරේරාගේ "මගේ රට" කවි පන්තිය! පොඩි සැඟවුණ අරුතකුත් තියෙන පාට යි!

    ReplyDelete
    Replies
    1. ඒ කවි පන්තිය කොහොම අමතක වෙන්න ද? නේද? ඔබ කිවුවා හරි.. මං ඉතිං දේශ ද්‍රෝහියෙක් නෙව.. කොච්චර උස්සහ කොළත්.. කාක්කා ගැනමයි ලියැවෙන්නෙ.. බොහොම ස්තුතියි .. කාලෙකින් මේ පැත්තෙ ඇවිත් සටහනක් දැම්මට..

      Delete
  2. චතුරගේ කවිවලට මම කොහොමත් ආසයි...තව කවි දෙකක්වත් එකතු උනානම් කවි පන්තිය තවත් අගය වෙනවා.

    ReplyDelete
    Replies
    1. ලොකු සතුටක්.. ඔබේ යෝජනාව ඉදිරියේ දී ඉටු කිරීමට උත්සාහ කරන්නම්.. බොහොම ස්තුතියි..

      Delete
  3. මටත් මතක් වුණේ පී.බී. ගෙ කවි පන්තිය.

    ReplyDelete
    Replies
    1. මේකත් ඒ විරිතෙන්ම බැඳුණු කවි පෙළක් නෙ.. "මුව, මී, ගෝණ " කියන කෑල්ලත් ඒක තිබුණ නිසා වෙන්න ඇති.. බොහොම ස්තුතියි දිලිනි..

      Delete
  4. අන්තිමටම ඇන්න නේද ? :D

    ReplyDelete
    Replies
    1. අනින්ට අන්තිම වෙනකම් හිටපු එකත් ලොකු දෙයක් නෙ..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..