Sunday, November 24, 2013

ඉරිසියාකාරයා හා සියාතු ගේ ගෙදර

සියාතු ගේ ගෙදර සියාතුගේ වෙලා දැන් සෑහෙන දොහක්ය. සියාතුගේ පවුලේ නීතියට අනුව එකෙකුට අයිතිකාරයා වෙලා දිගට ම ඉන්ට බෑ ය. ගෙදර ජීවත් වෙන අය ගේ වයස, උගත් කම, හැකියාව වගේ ඒවා සලකා බලා සැරින් සැරේ බද්ද මාරු කොරන්ට උවමනාය. කරුමේ කියන්නේ මේ ගෙදර සියාතුගේ හත්මුතු පරම්පරාවෙන්ම පැවතගෙන අය ජීවත් වන්නේ ය. ගේ පොඩ්ඩ උනා ට දස්ස ගෘහ නිර්මාණ සිල්පියෙකු විසින් හදලා තියෙන හින්දා.. හැමෝට ම ජීවත් වෙන්ට පුළුවන් ය. එයිට අමතරව අහල පහල ගෙවල් වලිං පන්නපු එවුනුත් මේ ගෙදර ජීවත් වෙනවාය. එහෙං මෙහෙං ආපු එවුවන්ට ඉන්ට දීලා, දැං ගෙදර මුල ඉඳං හිටපු එකා මොකාද කියා හොයා ගන්ටත් අමාරුය. කොහොම වෙතත් සියාතුවා කාගෙත් හිත ගන්ට දස්සයාය. සියාතුවාගේ ඥාති අක්කාට ගේ තියෙන කාලෙ.. අක්කාටත් හොරෙන් අක්කාගේ පවර් එකෙන් ම ගේ ලියා ගන්ට තරම් සියාතුවාගේ වැඩ කිඩ සියුම් ඒවා විය.

ඒත් ගේ අයිතිකාරයා උනු දවසේ ඉඳං සියාතුවා ගේ තිබුණේ වැඩ වලට වඩා පඩ ය. පඩ වලිං කට්ටිය ආං බාං කරන එකත් පට්ට වැඩක් බව සියාතුවා දැන සිටියේ ය. ගෙදර ඉන්න එවුවන්ගෙන් බාගයක් ම ගෙදර පාලනය කොරන එක තමාගේ රාජකාරිය කියලා හිතුවත්.. ඒක කොළේ සියාතුවා ම ය. ගෙදර හිටපු අයගෙං වැදගැම්මකට ඇති වැඩක් කොරලා පණං හතරක් හම්බ කළේ කීප දෙනෙක් විතරය. සිදාදිය ට ගිහිං රස්සා කරලා ගෙදර වියදමට සල්ලි එවන අයත් ඉන්නවා ය. දුක මේ හම්බ කොරන සේසත සියාතුවාගෙත්.. ගෙදර පාලනය කොරන්ට ඉන්න අයගෙත්.. ඇඳුං ආයිත්තං, ගමන් බිමන් වලට පිරිමහගන්ට වත් මදි වීමය. ඒත් සියාතු නිකං හිටියේ නෑ ය.. අහල පහල හැම තැන ම ගොස් පොළියට සල්ලි අරං ආවේය. වියදං ටික සේප් කරගන්ට හැකි විය.. ගෙදර එවුං හිතුවේ වරදක් නැතැයි කියා ය.

දැං තවත් අවුලකි.. ගෙදර උන්ට කන්ට දෙනවා මදිවට පොළිය ගෙවන්ටත් ඕනෑ ය. සියාතු ඒත් නිකං හිටියේ නෑ ය. තව තවත් වැඩි පොළියට සල්ලි ඉල්ලං ආවේ ය. ගෙදර මිනිස්සු තාමත් සතුටින් ය. උන් හිතන්නේ අපට කන්ට බොන්ට ටික තියේ නං.. සියාතු චිත්තරපටි බැලුවට මොකෝ කියා ය.

පහුගියදා ගමේ පරණ යාළුවො සැට් එකකට එන්ට කියලා පාටියක් දාන්ට සියාතු සිතුවේ ය. එය ඇත්තටම ඉස්තරං පාටියක් ය. මෙවැනි පාටි සියාතු ට කජු කනවා වගේ ය. කරන්ට ඇත්තේ වටේ රවුමක් දාලා ණය ටිකක් ඉල්ලා ගැනීම විතරක් ය.

මේ විදිහට ගෙදර තියාගන්නවා නං .. සියාතුට සින්නක්කරේට ම ගේ ලියා දෙමු කියා ගෙදර හැමෝම කතා වෙනවා ය. තව ටික දොහක් ගියොත්.. අමුතුවෙන් ලියන්ට දෙයක් ඉතුරුවෙන එකක් නෑ කියා ඉරිසියාකාරයෙක් කෙඳිරුවේ ය. 

7 comments:

  1. සියාතුවාට ණයට කෑම දැන් පුරුද්දට ගිහිල්ලා. උගේ එවුන් නම් වැඩිපුරම කරන්නේ හොරා කෑම නිසාත් ණය ගෙවාගන්න බැරිවුනොත් වහල ගලවන් යාවිදැයි බයටත් අපි හොල්මන්වී මහාසමයම දිහා බලන් ඉන්නෙමු.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය වගේ කතා ඉරිසියා කාරයෝ කියනවා ලු.. :D

      Delete
  2. සියාතුව පන්නන්නෙ කවද්ද මංද!

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..