Wednesday, November 6, 2013

සොඳුරිය..ට

        
නෙතු අග සුපිපෙන කඳුළැලිමුතුවන්
මුව මත ලෙල දෙන සිනහව අමවන්
සුළඟට නැලැවෙන කෙහෙරැළිතඹවන්
මට නැත අන් කිසිවක් ලොව නුඹ වන්
  
මොනවා නුඹ මට කෙරුවත් තරහින්
පනවා දඬුවම් වැඩි දුර නොගිහින්
එනවා යළි මගෙ අසලට විගහින්
දෙනවා ඉඟි බිඟි ම'වෙතට හොරැහින්
  
රැකගෙන පති දම් සහ මගෙ දරුවන්
පණ මෙන සලකා දෙගුරු ද හොබවන්
බැතියෙන සැරසී කිස තොස නිමවන්
මම දෙන පෙම මදි නම් මට කමවන්
  

6 comments:

  1. Replies
    1. මිත්‍රයා බොහොම ස්තුතියි මතක් කිරීමට.. අවාසනාවකට වගේ ඔය සයිට් එකේ තියෙන එකට මේ කවි ටික ඇතුල් කොරන්න 12 වතාවක් එක පදය ගානෙ දාන්න ඕන.. හ්ම්.. ඕකට මං පොඩි ටූල් කෑල්ලක් ලිවුවා.. පස්සෙ කට්ටියට ම බෙදා ගන්ට දෙන්නම්කෝ..

      Delete
  2. ගොඩක් වටින කවි ටිකක්. චතුර සුභ පැතුම්!

    ReplyDelete
  3. ///මම දෙන පෙම මදි නම් මට කමවන්///

    චතුර.......මේ පදය නම් හරිම රසවත්!!!!!!

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..