Tuesday, December 31, 2013

ගුඩ්..බායි.. 2013 නොහොත්.. වෙල්කම් 2014


තත්පරය, විනාඩිය, පැය, දවස, සතිය, මාසය වගේ ම අවුරුද්දත්.. එකක් යද්දි තව එකක් එනවා.. මේවා ඔක්කොම සාපේක්ෂ මිනුම් ඒකක.. තත්පරය කියන එකේ කාල පරාසය චුට්ටක් වෙනස් උනානම් ඉස්සෙල්ලා කියපු හැම එකකම තරාතිරම වෙනස් වෙන හැටි හිතාගන්න පුළුවන්.. ඒ විතරක්ය.. විනාඩියට තියෙන්නෙ තත්පර 60යි කියලා අපි (අපි කිවුවට මං නං නෙවෙයි.. වෙන කවුරුහරි තමයි ඕක කොරල තියෙන්නෙ) ගොඩනගාගත්තු නිර්නායකය පොඩියක් එහෙ මෙහෙ කළොත්.. ඉතිං ඔය කාල මනින ඒකක ඇතුළුව ඒ වටා ගොඩනැඟිච්ච හැම දෙයක් ම අනේ ඉතිං උපකල්පන මත ගොඩනැගුණු බහුබූත නොවෙයි ද?  එහෙම බැලුවාම මේ ලෝකෙ භෞතිකව ගොඩනගලා තියෙන හැම දෙයක්ම සංකල්ප හා උපකල්පන.. ඔය ඉතිං භෞතික විද්‍යාව ඇම්. සී. කිවු එකට විතරක් උත්තර දෙන්ට හැකියාවක් තිබුණා (කණා ගැසීමේ හැකියාව නිසා)  වුණත්.. උ.පෙ ට සී එකක් (මීට අවුරුදු 16 කට විතර කලිං) ගත්තු මං වගේ ගොබිලෙකුගෙ මෝඩ අදහසක් වෙන්ටත් පුළුහං..

ඒත් ඉතිං මට තේරෙන විදිහට මේ කාලය කියන රෙද්ද කීතු කීතු වලට ඉරුවොත් ඉරන්ට පුළුහං චූටිම රෙදි කෑල්ල තමයි ක්ෂණය.. තත්පර විදිහට, විනාඩි විදිහට, පැය විදිහට.. ඔය කොයි විදිහටත් අපි ඔය ක්ෂණ බුරුතු පිටිං පහු කරනවා.. ඔය අතරෙ පොරෝජන ගත්තු ක්ෂණ තියෙන්නෙ කොයි තරං අල්පයයිද හැබෑට.. ?

අපි ඉතිං අවුරුද්දක් මාරු වෙද්දි.. මාතෘකාවෙ තිබුණා වගේ පරණ අවුරුද්දට  ගුඩ් බායි කියන්නෙ ආයෙමත් ඒ අවුරුද්ද අපට හමු නොවන බව දැන දැනමයි.. වී මිස් යූ 2013 කිවුවා නං වැඩිය ලස්සනයි නේද? අපි එහෙම කිවුවට.. අපි ජීවත් වෙනකං කී පාරක් නං 2013 අපේ ජීවිත වලට එයි ද?  ඒ එද්දි .. මොන වගේ තෑගි අපට අරං එයිද? එයාට අපිව හිතට අල්ලලා නං.. හොඳ තෑගි අරං එයි.. මොකද හිතන්නෙ...?

වෙල්කම් කියලා 2014 පිළිගත්තට මදි.. එයාට අපි ගැන සුන්දර මතකයක් ලබා දෙන්ට ඕන..

12 comments:

  1. උත්සාහ කරමු සුබ නවවසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක් වේවා නලීන් සහෝ..

      Delete
  2. ඔබට සාමය සතුට පිරි සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා!

    ReplyDelete

  3. සුහ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. දිනේෂ් ට ත් සුබ නව වසරක්.. පතමි..

      Delete
  4. Replies
    1. දයාල් බතී.. ඔබටත් සුබ නව වසරක් පතමි..

      Delete
  5. සුභ නව වසරක් චතුර...

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..