Friday, December 6, 2013

මගෙ ආදර අම්මා


කවි ලියන්න ඔබ වෙනුවෙන් දැරු තැත නැත නිම්මා
බැහැ මගෙ හිත එක විදිහට තියාගන්න නම්මා
ලියන ලියන කවිය ඔබට මදි මල් දම් දැම්මා
සඳකට ඉර කොතරම් වෙද, එතරම් මට අම්මා
  



අද අම්මා ගැන කවි ලියන්න විශේෂ දිනයක් නෙවෙයි. මගේ නිර්මාණ අතර දෙමවුපියන් වෙනුවෙන් කෙරුණු නිර්මාණ බොහොම ස්වල්පයයි තියෙන්නෙ. අම්මට, අප්පච්චිට කොහොම කවි ලිවුවත් ඒවයෙ අඩුවක් මට දැනෙනවා.. ඉතිං ඒක මකලා දාලා නිකම් ඉන්නවා.. මගේ අම්මගෙන් මගේ ජීවිතයට ලැබුණු ශක්තිය මෙතෙකැයි කියන්න බෑ. ඒක හුඟාක් දරුවන්ට නොලැබෙන තරමේ එකක් කියලා මං දන්නවා..

මගේ ආදර අම්මාට.. දීර්ඝායුෂ, චිර ජීවනය ප්‍රාර්ථනා කරන්න ඕන කියලා හිතුණු හින්දයි එක පාරටම මෙහෙම සටහනක් ලිවුවෙ..




10 comments:

  1. ඔබේ මවට මේ සටහන උපහාරයක් ම වේවා!

    ReplyDelete
  2. සුභ උපන්දිනයක් :) දීර්ගායුශ පතමි

    ReplyDelete
    Replies
    1. ඇයගේ උපන්දින සැමරුමට තව මාස තුනක්ම තියේ.. බොහොම ස්තුතියි සමී..

      Delete
  3. විශේෂ දිනයක් නෙවි කිව්වට, ඔය සමියා කියන්නැහෙ උපන්දියවත් ද?

    අපි හැමෝටම අම්ම තරම් ළඟම හිතවතෙක් ආදරණීයයෙක් තවත් කොහෙන්ද. අම්ම කෙනෙක් දරුවෙක් එක්ක තියෙන සම්බන්ධය විස්තර කරන්න අමාරුයි. බදාගෙන ඉඹිනවා, උපදෙස් දෙනවා, බණිනවා, රණ්ඩුකරනවා, හිනාවෙනව, ඕන එපාකම් හොයල බලනවා, කවනවා - පොවනවා අම්මල කොයිතරම් දරුවො ගැන වද වෙනවද. අදටත් අම්ම ගෙදර නැතිව කොහාට හරි ගියොත් කොච්චර මිනිස්සු හිටියත් මට ගෙදර මහ පාලුවක් දැනෙනවා.

    ඔන්න මමත් අයියලගෙ මෑණියන්ට නිදුක් නිරෝගී සුව සමඟ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. අම්මා කෙනෙක් නැති ගෙදර ගෙදරක් නෙවෙයි නෙ මල්ලි .. බොහොම ස්තුතියි..

      Delete
  4. නිදුක් නිරෝගි සුව ලැබේවා!!!!!!!

    ReplyDelete
  5. උඹේ අම්මට නිදුක් නීරෝගී දීර්ඝායු පතනව මාත්.

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..