Wednesday, December 11, 2013

පුතේ අද පරදින්න..

        

හඬ හඬා ඉකිලන්න
එපා එ ද පැකිලෙන්න
පුතේ මගෙ ගුණ පුන්ණ
සටන අත නොහරින්න

සෙනේහය

පතුරන්න
දමේ ගොස මතුරන්න
සදාකල් පවතින්න
ගුණ සුවඳ විහිදන්න

අසීරුයි

ඉවසන්න
පරාජය විඳගන්න
හෙට යළිඳුනැගිටින්න
පුතේ අද පරදින්න
  

10 comments:

  1. අද පැරදුනත් ඔබ
    දිනනු ඇත හෙට

    ReplyDelete
    Replies
    1. පරදින්න ඉගෙන ගන්න එක තරම් තවත් ජයක් කොහෙද?

      Delete
  2. //හෙට යළිඳු නැගිටින්න
    පුතේ අද පරදින්න// :)

    මම තාත්තෙක් නෙමේ ඒත් මමත් ලිව්වා කවද හරි ඉපදෙන්න ඉන්න මගෙ පුතාට කවියක් :)

    පියෙක් වන්නට මත්තෙන්

    ReplyDelete
    Replies
    1. පියෙක් වෙන්නට මත්තෙන් ලියපු කවි ටික කියෙවුවා.. මං කල්පනා කොළේ.. පියෙක් උනාම කොහොම ලියයි ද කියලා..

      Delete
  3. අපූරු පණිවුඩයක්! කවි අතර ඉඩ තියන්න.

    ReplyDelete
    Replies
    1. ඔන්න හැදුවා.. බොහොම ස්තුතියි..

      Delete
  4. ////හෙට යළිඳු නැගිටින්න
    පුතේ අද පරදින්න////////

    මෙන්න කියමනක්!!!!!!!!!

    පින්තූරය අයිති ඔබ දෙපලටද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි..
      ඔවු වෙන්නැති.. මේ මගෙ පුතණ්ඩියානෙ.. කොල්ලගෙ හතරවැනි උපන්දිනේ වෙනුවෙන් තමයි ලිවුවෙ..

      Delete
  5. ලස්සන කවියක් බ්ලොග් අවක්ශයේ සදැස් විතරක්ම ලියන තැනක් දැක්කමයි මම. කොහොම උන්ත් මමනම් කැමති නිසදැස් වලට. එවගෙන් අපේ ජීවිතේ නිදහසේ විදින්න, විදවන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම එකක් නෑ.. මම බොහෝ දුරට ලියන්නෙ සඳැස් තමයි.. නිසඳැස් ගැන මගේ දැක්ම ටිකක් වෙනස්.. ඒ ගැන ඉතිං මොකට කියනවද? හැබැයි එක දෙයක්.. ඔය නිසඳැස් වාදීන් අදගෙන ඉන්න මහගමසේකර, පරාක්‍රම කොඩිතුවක්කු වගේ විශිෂ්ඨ කවීන්.. නිසඳැස් ලියලා තියෙනවා නම් එහෙම කරලා තියෙන්නෙ බොහොම අඩුවෙන්.. ඒත් අපේ මිනිස්සු එයාලගෙ සඳැස්, නිසඳැස් කියලා හිතාගෙන නිසඳැස් වන්දනාවෙ යෙදෙනවා.. ඔන්න මගේ අදහස කිවුවාය කියලා අමනාප වෙන්න එපා.. පොඩ්ඩක් කවිය ගැන හොයලා බලන්න.. එතකොට වැටහේවි.. බොහොම ස්තුතියි අදහසට..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..