Saturday, December 28, 2013

නාන විදිහ..

මචං.. උඹ හොඳටම වයසට ගිහිං නෙ..
ඉතිං වයසයිනෙ බං දැං..

නෑ බං උඹේ මූණෙවත් ඇඟේ වත් නෙවෙයි වයස.. ඔය කොණ්ඩෙයි රැවුලෙයි.. බලපං සුදුවෙලා බාගෙට බාගයක්.. ඒ මදිවට තට්ටෙත් එනවද කොහෙද?
හරි හරි ඉතිං කොණ්ඩෙයි රැවුලයි තියෙන්නෙත් ඇඟේ නෙ..
උඹ හවස නානවද?

නෑ බං..
එහෙනං උදේ පාන්දර ?
එහෙමත් නෑ බං..ඇයි එහෙම අහන්නෙ..
නෑ.. උඹ හැමදාම වැඩට යනවනෙ.. ඉතිං අවේලාවෙ නාලා වෙන්න ඇති ඔය කොණ්ඩෙ පැහෙන්නෙ කියලා හිතුණා..
ආ.. ඒකනම් වෙන්න ඇති..
ඈ.. දැං උඹ කිවුවෙ අවේලාවෙ නාන්නෙ නෑ කියලා..
හෙක්.. හෙක්.. මං කිවුවෙ උදේ පාන්දරටයි .. හැන්දෑවටයි නාන්නෙ නෑ කියලා.. මං නාන්නෙ රෑ දොලහට එකට විතර බං..



16 comments:

  1. හැන්දෑවටයි නාන්නෙ

    ReplyDelete
  2. මමත් තවමත් දිනපතා නාන්නේ රාත්‍රී හතත් නවයත් අතර. නින්දට යනවිට යන්තම් හරි දාඩිය ගතියක් දනුනොත් නැවත ඇඟ සෝදනවා. මගේ වයස සමග බලනවිට තවමත් එයින් ප්‍රශ්නයක් වෙලා නැහැ.

    ReplyDelete
    Replies
    1. sir oya wayasa gana hitanawa wadi kiyala hitanawa..godak welawata noticed karapu deyak tama eka

      Delete
    2. හොඳයි හොඳයි එහෙම නොහිතා ඉන්නම්කො. බොහොම ස්තුතියි ඔබට.

      Delete
    3. වස විස උනත් පුරුදු උනහම අවුලක් නෑ කියනවනේ..

      Delete
  3. ඉතිං බං මාත් නාන්නේ රැටනේ හැමදාම. මම නං කොණ්ඩේ කපලම දාල තියෙන්නේ ඒ නිසා. දැන් ෆුල් ජොලි

    ReplyDelete
    Replies
    1. මාත් හිතා ඉන්නෙ ඔය වැඩේ කොරන්න.. කොහෙද අපේ ගෙවල් වල ඇත්තො කැමති නෑ නොවැ..

      Delete
  4. පීනසේ හිනදයි කොන්ඩෙ සුදු.. :)

    ReplyDelete
  5. අපිත් නාන්නේ රෑට තමා හැබැයි කළුවරේ ඒක නිසා තරුණයි..

    ReplyDelete
    Replies
    1. ඇත්තට.. හොඳ වෙලාවට කිවුවෙ.. මීට පස්සෙ ලැයිට් නිවලා නාන්නෝනෙ..

      Delete
  6. අපිත් ඉතින් අවේලාවේ නාන්නේ නෑ. හැමදාම නාන වෙලාවට( රෑ 12 ට ) විතරමයි නාන්නේ.

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..