Monday, January 6, 2014

රැඳෙනු හැකිනම්.. නුඹ ළඟ ම..

          
නුඹෙ දිවිය පරදුවට තියලා සෙනෙහසින්
මගෙ දිවිය රැකි අයුරු වැසි සහ හිරු රැසින්
මට මතක දිනට පෙර සිට මගෙ ළඟ තොසින්
නිති සිටිය නුඹව නැත අමතක කිසි ලෙසින්
  
යුග දිවියෙ මිහිර ලගු කොට දරු පෙම උසින්
මඟ නොමඟ කියා දී සුලලිතමුදු බසින්
දහදිය ද කඳුළු කැටයම් කර මුතු ලෙසින්
මගෙ උරට දැමුව හැටි සෙනෙහේ අනුහසින්
  
මල මිලින වෙන තුරුම ඔද පතුරන ලෙසින්
අත පය ද නැත වසඟ එද ඇත පසු පසින්
කළ මෙහෙය අසම සම විය මට නුඹ විසින්
නුඹ ළඟ ම රැඳෙනු හැකිනම් මිය නොම ගොසින්
  

7 comments:

  1. //දහදිය ද කඳුළු කැටයම් කර මුතු ලෙසින්
    මගෙ උරට දැමුව හැටි සෙනෙහේ අනුහසින්// අපූරු යි. කියන්න වචන නෑ.

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ටිකමයි කියන්න හිතුනේ.

      Delete
    2. දෙන්නට ම බොහොම ස්තුතියි.. එහෙනම්...

      Delete
  2. Replies
    1. හෙක්.. හෙක්.. ඒ මොකෝ..?

      Delete
  3. //නුඹ ළඟ ම රැඳෙනු හැකිනම් මිය නොම ගොසින්//
    ලස්සන කවියක් ඒ විතරක් නෙමේ ලස්සන ප්‍රාර්තනාවක්
    අපූරුයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ්..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..