Sunday, January 12, 2014

ජරාව..

මට ලොකු ලොකු උලවු තේරෙන්නෙ නෑ මචං.. 
ඉස්සර වගේ නෙවෙයි දැං බය නැතුව පාරෙ බැහැලා යන්ට පුළුහං..

ඔවු පාරෙ බැහැලා යන්ට නං පුළුහං.. හැබැයි කාර් එකක... මොටෝ සයිකලේක තියා බස් එකකවත් නං යන්න බෑ..

අප්පට සිරි.. අර මොකෝ..?

බස් ගාස්තුව වත් ගෙවා ගන්ට බැරි අපට මොන මොටෝ සයිකල් ද බං..?

අපට බැරි උනාට ඔය පාරෙ පුරවලා වාහන තියෙන්නෙ..?

ඒවා ඉතිං ලොකු ලොක්කංගෙයි.. ලීසිං කොම්පැනි වලයිනෙ.. අපට නැති උනාට බේබිලාට නං ලැම්බෝගිනි..!

අනුන්ට ඉරිසියා කොර කොර ඉන්නෙ නැතුව .. තමනුත් ගොඩයන්න මොකක් හරි කෙරුවොත් මොකද?

කුඩු විකුණන්ට ද? අරක්කු විකුණන්ට ද?  ගෑණු විකුණන්ට ද? නැත්තං.. #$ දෙක විකුණන්ට ද?


හැක්.. හැක්.. ඇයි විකුණන්ට වෙන මුකුත් ඇත්තෙම නැද්ද? විකුණපං ශ්‍රමය.. ඉගෙන ගත්තු දෙයක් පොරෝජනේ ට  අරං කොරහංකො දෑතෙ රස්සාවක්..


දෑතෙ රස්සාවල් කරලා කොහෙ ගොඩ යන්ට ද බං.. පටං ගත්තු වෙලාවෙ ඉඳං ටැක්ස් දැ වැක්ස් ද මොකද්ද මඟුලක් ගහලා  ඌට කෙලවන්ට නේ හදන්නෙ.. අනික දැං දෑතෙ රස්සාවලුත් බල්ලට ගිහිං බං.. මහන්සියෙ හැටියට ගානක් හම්බකරන්ට බෑ..


අනේ පලයං බං යන්ට .. උඹලා දුක් මහන්සි වෙලා හම්බකරන තුට්ටු දෙක බාර් එකට පිදුවම හරියාය?

යකෝ පඩි දවසට පොඩි සොට් එකක් දානවා තමයි.. ඒ වියදම යන්නෙ ඉතිං මාසෙට සැරයක් නෙ බං.. එහෙමත් සොමියක් නැත්තං අපි මෙච්චර මැරෙන්නෙ මොන රෙද්දට ද?

උඹ මාසෙකට දෙතුන් වතාවක් බීලා ගෙදර එනවා මං දැකලා තියෙනවනෙ..?

මෙහෙමයි.. මගේ පඩියට එක දවසක.. රවියගෙ පඩියට එක දවසක.. සමරෙ ගෙ පඩියට තව දවසක.. අපි තුන් දෙනා නෙ බං සැට් වෙන්නෙ... මං කිවුවෙ මාසෙට දවසයි මං බීමට වියදං කොරන්නෙ කියලා.. අනික මං ඒ ගාන කොහොම හරි පඩියට පිටිං හොයා ගන්නවා..

ඒ කියන්නෙ උඹ ජරාව කනවා..?

නෑ බං ඉතිං .. වෙන මොනවා කරන්නද.. බලපං ළමයි දෙන්නගෙ.. පහසුකං ගාස්තු, වෑන් ගාස්තු, පොත්පත්, කොන්සට්.. මගේ බස් ගාස්තු, රක්ෂණේ.. ඒ මදිවට  අපේ ඔපිස් එකේ එක්කො එකෙක් මැරෙනවා.. නැත්තං බඳිනවා.. මුකුත්ම නැත්තං.. කාගෙ හරි ළමයෙක්වත්  ගෙට වෙනවා..


ඉතිං උඹ ළමයිව කොළඹ දාපු හින්දනෙ.. උඹට තිබුණෙ ගමේ ඉස්කෝලෙට යවන්න නෙ.. 


උඹ නං කියයි.. යකෝ ගමේ ඉස්කෝලෙ මොනවද තියෙන්නෙ..? මොනවද උගන්නන්නෙ? ඒ ගුරුවරුන්ට බණිනවා නෙවෙයි බං.. එයාලට උගන්නන්ට තියෙන පහසුකම් මදි..ගමේ ඉස්කෝලෙට යන අපේ අයියගෙ ළමයිනුයි .. අපේ  ළමයිනුයි බැලුවම.. වෙනස තේරෙනවා.. කොළඹ ගිහාම ඉංගිරිස් ටිකක් හරි හුරු වෙනවනෙ.. 
අපි  විඳින දුක් අපේ දරුවො විඳින්ට ඕන නෑ බං..

හරි.. උඹට ළඟපාත රස්සාවක් කොරන්ට තිබුණානෙ...?

තිබුණා.. තිබුණා..අපටත් පන්දම් තිවුනා නං.. යකෝ ඒවට ඉතිං දේශපාලන හෙංචයියලාගෙ  කට්ටිය පුරවලා ඉවරයිනෙ..

වියදම අඩු කරන්ට විදිහක් ඇත්තෙම නැත්තං ආදායම වැඩි කොරගන්ට මොකක් හරි විදිහක් බලපං.. 

ඒක තමයි බං ඔය හීනියට ජරාව සුට්ටක් කන්නෙ..


එහෙම නෙවෙයි බං.. ත්‍රී වීල් එකක්වත් පාරට දාපං..


කුණුහරප කියනව..යකෝ දැං වීල් එකක් කීයද? අනික.. පඳුරකට ගහපු ගමං.. දුසිං ගනං විසිවෙනවා දැං වීල්..

ඒක නෙවෙයි බං.. උඹේ දරුවො යන්නෙත් කොළඹ නෙ.. උඹ වැඩ කොරන්නෙත් මගෙ ඔපීසිය ළඟම නෙ.. අනික උඹ හැමදාම සති අන්තෙට සෙට් වෙනවනෙ.. උඹට ඔය පස්න නැද්ද?

ඇත්තටම නෑ බං.. මං ජරාවක් උනත් පිළිවෙලකට කනවා.. උඹ වගේ හීනියට නෙවෙයි..



12 comments:

  1. ආදර්ශය......ජරාව වුනත් පිලිවෙලකට කනවා නම් අන් අයට අවවාද උපදෙස් දීමට පවා සුදුස්සෙක් වෙයි!

    ReplyDelete
  2. ජරාව ගැන උපදෙස් වැදගත් විදිහටත් දෙන්න පුළුවන් බලාගෙන යද්දී..

    ReplyDelete
    Replies
    1. ඕනම දෙයක පිළිවෙලක්.. තියෙන්න ඕන කියන්නෙ ඕකයි.. හෙක්.. හෙක්..

      Delete
  3. වැදගත් ආදර්ශයක්. ඕක කොහොමත් වෙන දෙයක් නේ.. අඩු වැඩි ඇතිව

    ReplyDelete
  4. ''පිළිවෙල'' මෙයයි වැදගත් ...ඔබට ස්තුතියි

    ReplyDelete
  5. පට්ට පට පට......දෙන්නගෙම කථාවල් ඇත්ත..... එල.....

    ReplyDelete
    Replies
    1. හැම දේක ම දෙපැත්තක් තියෙනවාලු නෙ..

      Delete
  6. මාරම උපදෙස... රාජ්‍ය සේවකයෙක්ට කීවනං කීයක් හරි හොයාගන්න පුලුවං
    මං කියන්නද අපි ඕ ගැන කරම් උපදෙසන වැඩසටහනක්

    ReplyDelete
    Replies
    1. සංවිධානය කරමු මහේෂ්.. හෙක්.. හෙක්..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..