Wednesday, January 29, 2014

මගේම ආදරයක් සොයා..

         
මගෙ හද මුලින් බැඳුණේ මහ සයුරවෙත
ඇය මට ආදරෙයි තව පෙම්වතුන් ඇත
අමතක කර දමා මා ඇගෙ චපල හිත
නදියට බැඳිමි පෙම් මගෙ නව පැතුම් මත
  
වෙනසක් කොහිද නදියත් කිසි කමක් නැත
හිඟයක් නොමැත ඇයටත් හුඟ දෙනෙක් ඇත
හරවා හිත මගේ යළි පොඩි දොලක් වෙත
නිදහස් කරගතිමි එම හුරතලෙන් කැත
  
දොලටත් කියන අයිතිය බොහො දෙනෙක් ඇත
මොනවා කරන්නද හදවත නැඟෙයි මත
බෝතලෙ හැටට විකුණන කඩ පිළක් වෙත
ගොස් මිල දී ගතිමි දැන් තරඟයක් නැත
  

6 comments:

  1. ගත්තත් මුදල් දී බෝතලයක් හැටට
    තනිවම හැකිද උගුරක් ගන්නට කටට
    දැඩි අදිටනින් ගන් මේ දෙය නුඹෙ සිතට
    නොහැකිද තබන්නට නැවතුම් තිත මතට

    ReplyDelete
    Replies
    1. හෙක්.. හෙක්..
      විකුණන්නට තියෙන දිය බෝතලයකට
      මම මත් වෙයිද මන්දා මොන කරුමෙකට
      වැවු ඉස්මත්තෙ ඉඳලා නුඹ තිවු තිතට
      මත් වී වගෙ ද මා පෙනුනේ මිත නුඹ ට

      Delete
  2. හෝ හෝ වැරදිලා
    ඇත මගෙන් ලියවිලා
    සමාවක් ඉල්ලලා
    හඩමි මම දුක්වෙලා

    ReplyDelete
    Replies
    1. මොනවද ඕව' නම්
      අමතක කරමි මං නම්
      ඔබට පුළුවන් නම්
      තවත් අදහස් අසා ඉන්නම්

      Delete
  3. වතුර මුදලට
    මුදල වතුරට

    චතුර කවියට
    කවිය චතුරට

    ReplyDelete
    Replies
    1. විහිළු කෙරුවට
      තිබෙයි නියමෙට
      අතැර ලටපට
      ලියමු කවි හෙට

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..