Tuesday, February 11, 2014

පුර සිරි අනුහස්

       
නු ව න'ඟ කැලුම සැඟැවුණු ඉඟි සැලෙන නුරා
සි යො ළ ඟ බැඳෙන සසොබන ගති පෙළෙන සරා
අ ව ස ඟ අම රසය හැම රස නහර පුරා
මෙ ප ත'ග පතල තෙද බලනුය නුවර අරා
  
තුරු හිස් වෙහෙසවා නොගෙනෙති නව නින්දා
රණ ගොස් සිහි දවා නිකැළැල් බව සින්දා
සඳ රස් දිය පුරා යති සිහිනය කැන්දා
අනුහස් බලග පුර සිරි මිහිමත ඇන්දා
  
සිකි පිල් සැලේ නුබ පුපුරා නිලට නිලේ
අම විල් ජලේ මිණි උතුරා පෙළට දිලේ
බිඟු දැල් පෙළේ මත සපුරා තිබෙනබලේ
වණ මල් දොළේ නැත සතුරා මම ය හෙළේ
  

6 comments:

  1. අපූරු පද පෙළක්.

    එතරම් කවි ලියන්නට බැරි නිසා , මගේ බ්ලොග් පිටව පැත්තෙත් එන්නැයි ආරාධනා කර පමණක් නවතින්නම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ආරාධනාවට.. ඔන්න මාත් ගිහින් ආවා.. ඔබේ නිර්මාණ ඉදිරිපත් කර ඇති භාෂා විලාශය අපූරුයි.. සුබ පතමි..

      Delete
  2. රන් යුග රහල් තෙර කව් පද හදපු පෙමින්
    අමතක නොවනු ඇත හිමි සිහිකරමි පෙමින්
    මහ කවි සිටින ලෝ තල පිහිනමින් හෙමින්
    යන මගෙ කවිත් අැවිදින් කියවපං හෙමින්


    ReplyDelete
    Replies
    1. කාලය හිඟයි.. ...වැඩ ඇත දහසකුත් එකක්
      වේගය අඩුයි .... වයසනෙ අත පයත් ටිකක්
      දාහය නිවා.. ලැබුණොත් ඉඩ දිනක් දෙකක්
      මාලය නුඹේ .කවි පළඳිමි නොවෙම් සැකක්

      Delete
  3. ඔබෙ කවි වලාවන් නිතරම කියවන්නේ
    නැත කිසි සැකක් එහි සොම්නස උතුරන්නේ
    සියවර දහස් වර නිති කවි කියවන්නේ
    මගෙ කව් වලට ඇයි කව් රජු නොම එන්නේ

    ReplyDelete
    Replies
    1. පිළිගමි, ගරු කරමි ඔබ මට දෙන දිරිය
      ඉඳ හිට බොගේ වත් පොතෙ වැඩිපුර හරිය
      කවි රජු කියා නොකියන් මට තව බැරිය
      නුඹෙ කවි කියවන්ට අද එමි ගෙන විරිය

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..