Saturday, February 15, 2014

මම මගේ හිත සහ ඇය..

ඇය: අයියෙ කොහොමද ඉතිං.. මං අයියගෙ කවි වලට හරිම ආසයි.. මටත් කවි ලියන්න කියා දෙන්නකො..
හිත : කෙල්ල උඹව මුරුංගා අත්තෙ තියන්ටයි හදන්නෙ..
මම : බොහොම ස්තුතියි නංගි.. හිතෙන දේ ලියන්න.. භාෂාව ගැන පරෙස්සම් වෙන්න.. හොඳ කවි වැඩි වැඩියෙන් කියවන එක ප්‍රයෝජනවත් වෙයි..
ඇය: අයියා මාර හැන්ඩ්සම්නෙ...
හිත: මං කිවුවෙ නැද්ද?
මම: හික් හික්.. නංගි මාව මුරුංගා අත්තෙ තියනවා නේද?
ඇය: ඔය ඉතිං අයියා වැරදියට හිතනවනෙ.. මං කිවුවෙ මට හිතුණ දේ.. එහෙනං මං මුකුත් නොකියා ඉන්නම්කො..
හිත: ඒ පාර මොකාටද එන්න යන්නෙ..
මම: අයියෝ නෑ නංගි.. මං පොඩි විහිළුවක් කළේ.. ගනං ගන්න එපා..
ඇය: හරි නරකයි..
හිත: බඩුම තමයි..
මම: අපි ඉතිං නරක අයනේ..
ඇය: හරි.. හරි.. ඔය මදෑ රණ්ඩු වුණා..
හිත: කවුද බං රණ්ඩු වුණේ? මේකිට පිස්සුද?
මම: ඔයා මගෙත් එක්ක රණ්ඩු උනාද.. ? මං දන්නෙත් නෑ..
ඇය: 
හිත: 
මම: 
ඇය: අයියෙ ඒක නෙවෙයි.. මගෙ කවි පංතියක් තියෙනවා.. පොඩ්ඩක් බලලා හරිගස්සලා දෙන්න බැරිද?
හිත: ඕකටයි එහෙනං මේ හොරගල් ඇහිලුවෙ..
මම: අයියෝ ඕක මොකද්ද.. හරිගැස්සිල්ල කෙසේ වෙතත්.. බලලා.. වැරදි අඩුපාඩු තියේ නං මට තේරෙන විදිහට කියලා දෙන්නම්කෝ..

14 comments:

  1. මදැයි කොලා කෙල්ලා වටෙන් ඇවිත් තියෙන්නේ වෙන වැඩක් කරව ගන්නේ කෙල්ලෝ ඔහොමම තමයි :D

    අපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com

    ReplyDelete
    Replies
    1. හික්.. හික්.. මේක සැබෑ කතාවක් ම නෙවෙයි.. සැබෑවක් නොවෙයිමත් නෙවෙයි..
      මං ඊයෙ ඔයාගෙ අඩවියට ගියා.. බොහොම අගෙයි..

      Delete
  2. අනන්තවත් වෙලා තියනවා මටත් මේක..යම් යම් වෙනස්කම්ද සහිතව..කොහොමවුනත් නාරි පාර්ශවය ගෙදරට එන හාමුදුරුවන්ගෙන් වුනත් වැඩ ගන්න මාර දක්ෂයි

    ReplyDelete
  3. මේවගේ දේවල් නොවෙච්ච පිරිමියෙක්ව නම් හොයන එක අර අබ හොයනවා වගේ තියෙයි

    ReplyDelete
    Replies
    1. හොක්.. හොක්.. එයිටත් අමාරු වෙන්ටත් පුළුවනි..

      Delete
  4. කෙල්ලො ඔහොම්ම තමා චතුර අයියා

    ReplyDelete
  5. මරැ අදහස! මේක තමයි ඇත්ත. මේකම මුහුණු පොතේ තිබ්බා මතකයි. ජය!

    ReplyDelete
    Replies
    1. ඔවු චන්දන අයියා.. බොහොම ස්තුතියි ඔයාට..

      Delete
  6. මේකට ඇගේ හිතත් තිබුන නම් මරු..
    එත් එක නම් පිරිමියෙකුට කවදාවත් ලියන්න බැරි වෙයි නේ..

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ.. ඒ කොටස පරිකල්පනය කරන්න බොහොම අමාරුයි.. හෙක්.. හෙක්.. බොහොම ස්තුතියි මිත්‍රයා..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..