Saturday, March 1, 2014

කොළේ හයියෙන් ගැසීම

ඕමි ගහනවා කියලා කාඩ් සෙල්ලමක් තියෙනවා දන්නවද? කෙටියෙන් කියනවා නං මේකෙ හතේ කාඩ් එකේ ඉඳන් ඉහළට තමයි සෙල්ලමට ගන්නෙ.. එක් පිළකට දෙන්නා බැගින් තමයි බෙදෙන්නෙ.. කාඩ් හතර බැගින් වූ වට දෙකකින් එක්කෙනාට කාඩ් 8 බැගින් ලැබෙන ලෙස බෙදනවා. මුල්ම කාඩ් අත ලැබෙන කෙනා "තුරුම්පු" කියන්ට ඕන (තුරුම්පු කියන්නෙ ඒ තරඟය තුළ බලවත්ම වංශය (හාරත, ඉස්කෝප්ප, රුවිත, කළාබර කියලා වංශ හතරක් තියේ) ). ඉතිං තරඟය සෙල්ලම් කරගෙන යද්දි එක පැත්තෙ දෙන්නටවත් තමන්ගෙ අතේ තියෙන කාඩ් කුට්ටම පෙන්නගන්න තහනම්. ඒ නිසා එක එක්කෙනා දාන කොළ ගැන හොඳ අවබෝධයකින් සෙල්ලම් කරන කණ්ඩායමට දිනන්න අවස්ථාව වැඩි වෙනවා.. ඒ වගේම තමන්ගෙ හැකියාව අනෙකාට කියා පාන්ට පුංචි පුංචි සංඥා කිහිපයකුත් සමාජය තුළ ස්ථාපිත වෙලා තියෙනවා.. ඒ අතර ප්‍රමුඛ එකක් තමයි වාසි කොළේ හයියෙන් ගහන එක. ඒ කියන්නෙ.. යම් කිසි වංශයකින් තමන් ළඟ තිබුණු කොළ ඉවර වෙලා.. ඊළඟ වටයේ ඒ වංශය ඇදිලා ආවොත් තුරුම්පුවකින් කපන්න හෝ තමන් ළඟ ඒ වංශයේ ඒ වෙනකොට තියෙන ලොකුම කොළේ තියෙනවා නම් ඊට කළින් වටයෙදි තමන් දාන කොළේ හයියෙන් දානවා.. මේ තමන්ගේ සඟයට වාසියක් ලැබුණොත් මේ වංශෙන් ඇදලා එවන්න කියලා දෙන ඉඟියක්.. ඒ වගේම ඉස්කෝප්ප නං ඔළුව කසන්න, කළාබර නං කකුල කසන්න.. ආදී වශයෙන් පොඩි පොඩි ක්‍රමවේද තියෙනවා.. 

ඔන්න මං හදන්නෙ.. ඕමි ගැහිල්ලට සම්බන්ධ කතා දෙකක්ම කියන්ට

1.) අපේ මිතුරෙකුගේ ගෙදර තිබුණා පොඩි දානයක්.. මේ දානෙ ගෙදර ඕමියක් ගහද්දි කට්ටිය මදි වෙලා අපේ මිතුරෙක්ව අඬගහගත්තා..පළවෙනි වතාවෙම තුරුම්පු කියන්න තිබුණේ අපේ අලුතෙන් ආව මිතුරට.. ඉතින් අපි කොළ අත බෙදලා බලන් ඉන්නවා තුරුම්පු කියනකං.. දෙතුන් පාරක් ඇහුවම.. තුරුම්පු මොනවද කියලා.. මිනිහා කියපි.. 

තුරුම්පු "ඕමි" කියලා.. බැලින්නම් මිනිහා කාඩ් ගැහිල්ල ගැන මෙලෝ දෙයක් දැනගෙන ඉඳළා නෑ...

2) දවසක් හවසක අපේ මිතුරු කැළක් එක්ක ඕමි සෙල්ලම් කරමින් ඉන්න වෙලාවක.. මං තවත් මිතුරෙකු සමඟ කතාවට වැටුණා... ඒ ඉස්පාසුවෙදි මගේ සඟයා දාපු කොළේ මොකක්ද කියලා මට බලාගන්න බැරි උනා.. මං ඇහුවා 
මොකක්ද මචං උඹ දාපු කොළේ කියලා..
මං රුවිත අට හයියෙන් ගැහුවේ කියලා මගේ යාළුවා කිවුවා.. 

10 comments:

  1. පුහ් පොහ් පහ් හිකෙන් පුනා යනවා හා ගුතයි

    ReplyDelete
  2. ඕමි ගැන නම් මාත් මෙලෝ දෙයක් දන්නෙ නෑ නොවැ....

    ReplyDelete
    Replies
    1. කිව්වට මොකෝ මාත් දන්නෙ නෑනෙ.

      Delete
    2. වෙලාවක පංතියක් දාලා කියා දෙන්ට ඕන..

      Delete
  3. ඕමි කියන්නේ ලංකාවේ ජාතික ක්‍රීඩාවක් වගේ දෙයක්නේ :D

    ReplyDelete
  4. මචංලා මං මේ කියනෙක ඔයාල සමහර අය දන්නවා ඇති...හැමෝම ලග වගේ Android smartphones තියෙනවනේ...ඒ තියෙන හැමෝම playstore ගිහිල්ලා omi online කියලා search කරන්න...Airv apps කියන කට්ටිය (Airv apps) develop කරන ඒ game එක ලංකාවේ හදපු online game එකක්..පට්ට..දන්නැති කට්ටියටත් පුරුදු වෙන්න ගහන්න පුලුවන්...scoreboard එකකුත් තියෙනවා, ඕමි clan පවා තියෙනව..clan cup වලට ගහනවා..නියම fun එකක්..fb යන අයටත් fb එපා උන අයටත් සුපිරිම app එක...daily scoreboard එකකුත් තියෙනව.අරගෙනම බලන්න..උදව්වක් විදියට දැම්මේ..ඒත් කට්ටිය බලයි online සෙල්ලම් කරද්දී data කපෙනවනේ කියලා...ඔව් data කැපෙනවා..ඒත් හරිම සුලු වශයෙන් කැපෙන්නේ....පැයක් ගැහුවත් 5mb වගේ හරිම සුලුවෙන් data කැපෙන්නේ...fb එකේ වගේම යාලුවෝ අදුරගන්න, පණිවිඩ යවන්න වගේ ගොඩාක් දේවක් තියෙනවා..ඕමි ඔස්තාර්ලාටත් එහෙම හිතන් ඉන්න අයටත් මේක හොදා තම තමන්ගේ මට්ටම බලාගන්න...මමත් මේ game එකේ fan කෙනෙක්

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..