Thursday, March 13, 2014

පොකුණු දිය

නාගන්නට හිතාන පොකුණ අසබඩට ආවත්, ඒ අමතකව ගිය කලෙක මෙන්, මා නිසසල පොකුණු දිය දෙස නිරර්ථකව බලා සිටියේ මන්දැයි නොදනිමි. එක් වරම කෑ කෝ ගසාගෙන දිවගෙන ආ පිරිසක් පොකුණට පැන දඟලන්ට පටන් ගත්තේ පොකුණු දිය බොර කරමිනි..මා සමඟ ආ මගේ මිතුරු කැළ.. වාදයකය..

උන් මේ පොකුණ වනසාවි.. අපි කාටවත් ඒක පාවිච්චි කරන්ට වෙන්නෙ නෑ..
උන්ටත් මේක පාවිච්චි කරන්ට අයිතියක් තියෙනවා.. තවකෙකු කියයි..
උන් දැඟලුවා කියලා වතුර ටික ගෙනියන්නෑ නෙ.. ඒ තවත් අදහසකි..
අපි ඉස්සෙල්ලා බැස්සා නම් උන්ට මොනවා හිතෙයිද? අදහස් නොනවතින සෙයකි..
එයාලා මේක පාවිච්චි කරන විදිහේ ගැටළුවක් තියෙනවා.. ඒත් අතේ ඇඟිලි පහ එක වගේ නෙවෙයිනේ.. අපි ඉවසමු..
එතකොට අපට නාන්න වෙන්නෙ නෑ නෙ..
අපි ගෙදර ගිහිං නාගමු..
උඹලට ගෙවල් වල නාන කාමර තියෙන හින්දා හොඳයි..
මට නාන්න වෙන්නෙ නෑ.. අපේ ළිඳේ වතුර හිඳිලා..
සොරි මචං..

4 comments:

  1. මොනව නැතුව උනත් මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්.ඒත වතුර නැතුව කොහොම ඉන්නද, වතුර නැතිව එක දවසක් ඉදල බලන්න ඕනෙ. එදාට තමා තේරෙන්නෙ වතුරවල වටිනාකම.

    ReplyDelete
    Replies
    1. ඒක නං කියලා වැඩක් නෑ.. හුස්ම ගන්න වාතය නැති වුණා වගේ තමයි.. ඒත් මේ කතාව වතුර ගැන විතරක්ම නෙවෙයි..

      Delete
  2. ජලය ප්‍රෙව්සමෙන් පරිහරණය කරන්න කියලා බෝඩ් ලෑල්ලක් එල්ලල බැලුවා නම් හරි වගේ.

    ReplyDelete
    Replies
    1. බෝඩ් කෑල්ලට අපේ මිනිස්සු අවනත වෙයිද? කුණු දැමීම තහනම්.. වාහන නැවැත්වීම තහනම්.. දැන්වීම් ඇලවීම තහනම් වගේ බෝඩ් කෑලි වලට මිනිස්සු සලකන විදිහ දන්නවනෙ අපේ රටේ.. මං මේ කිවුවෙ.. වතුර ගැනම නොවේ.. කොටින්ම කියනවා නං.. මේක ජාතිවාදී පෝස්ටුවක්..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..