Monday, March 24, 2014

මෙලොව සැරි සරණකං - නුඹට ගරු කරමි මං

පහුගිය පාළොස් වැනි දා.. උදෙන්ම රූපවාහිනී සංස්ථාවට යන්ටෙයි කියලා පිටත් උනේ (මතකනෙ අර කෝකිල හඬට 11 වසරක් පිරීම නිමිති කොට ගෙන තිබුණු වැඩසටහන.. අන්න ඒකට) මගේ දඬුමොණරෙට ගොඩවෙලා.. ඔන්න.. ඉතිං මං රූං කියලා යද්දි එක පාරටම ගියර් අහුවෙන්නෙ නැතුව ගියා.. මගේ පූරුවෙ වාසනාවකට ද මංදා.. දඬුමොණරෙ නැවතිලා තිබුණෙ.. අපේ අමල් (Amal Pussallage) වෙන්ට මන්ත්‍රී තුමාගෙ ගෙවල් ඉස්සරහා.. ඉතිං ඒ ගෙදරට දඬුමොණරෙ තල්ලු කරලා.. අදාල ගමන බස් එකක නැගලා ගොහිං කොරගත්තයි කියමුකො..
දවල් 1.30 ට විතර උනා .. අමල් තුමාගෙ ගෙදරට එනකොට.. ගෙවල් හරියෙ පේන්ට කවුරුවත් හිටියෙ නෑ..උදවුවට ඉන්න කෙනෙක් ඇරෙන්ට (මං හිතන්නෙ මැතිවරණ ප්‍රචාරක වැඩට ගොහිං වෙන්ටැ..)ඉතිං කොහොමිං හරි.. මං ආයෙත් දඬුමොණරෙ තල්ලු කරගෙන කිලෝ මීටර් එක හමාරක් දුරින් තියෙනවයි කියන වැඩපොළක් ගාවට යන්ට පටං ගත්තා..සුට්ට දුරක් යද්දි ම..
අයියේ.. පෙට්‍රල් ඉවර වෙලාද? එහෙම ඇහුවෙ පාරෙන් එහා පැත්තෙ නතර කොරලා තිබුණු තැපැල් නයින්ටියක හිටපු මට වඩා අවුරුදු 2-3 ක් වත් වැඩිමල්ය කියලා හිතෙන.. හඩු කිට් එකක් ගහගත්තු හාදයෙක්..
නෑ... මේ ගියර් වල අවුලක්ද කොහෙද? මං උත්තර දුන්නෙ ඕනවට එපාවට වගේ..
මෙන්න බොලේ අර මල්ලියා පාර පැනලා දුවගෙන එනවා..
සුළු පරීක්ෂණ කීපයක් කිරීමෙන් පස්සෙ මල්ලියා ලෙඩේ හොයා ගත්තා..
චේන් එක පැනලනෙ මචං.. (ඒ පාර මචං ලු.. )
පැනලද කැඩිලද? (මේ වෙනකොට මට මචං ගැන පැහැදීමක් ඇති වෙලා)
කැඩිලා.. කිලෝ මීටර 2 ක් විතර තල්ලු කරන්න තියෙනවා.. ලණුවක් අර කඩෙං ගන්න.. මගෙ බයිසිකලෙන් අදිමු..
අනේ ඔයාට කරදරයිනෙ.. ඔයා වෙන වැඩ පාලු වෙනවනෙ.. කමක් නෑ මං තල්ලු කරගෙන යන්නම්..
නෑ.. මං මාලු බිස්නස් කරන්නෙ.. දැං වෙළඳාම ඉවරයි.. මං ඒ පැත්තටයි යන්නෙ.. අර කඩෙන් ලණුවක් ගනිංකො මචං..
ඔන්න ඉතිං ලණුව ගෙනාවා..
අපේ යාළුවා.. ම බයිසිකල් දෙකේ ගැට ගැහුවා..
ඔන්න දැං.. මගෙ දඬුමොණරෙත් ඇදීලා යනව.. එක පාරටම හුට හුටස්.. ක්‍රෑස්.. ගාලා හිටියා.. චේන් කේස් එක ඇතුළෙ චේන් එක හිර වෙළා.. චේන් කේස් එක ගලවන්ට උපකරණ එපාය.. වෙලාවට අපි දෙන්නගෙම දඬුමොණර වල තිබුණු උපකරණ.. ඒකට ප්‍රමණවත් මදි.. අපේ යාළුවා දිවුවා ඉස්සරහ කඩේට.. ඒ මුදලාලි එහා පැත්තෙ තිබුණු ත්‍රිරෝද රථ පාක් එක පෙන්නුවා.. අපේ යාළුවා හිස් අතින්ම ආපහු හැරෙද්දි.. ඔන්න තව මාළු බයිසිකලයක් එනවා.. හෝවු.. හෝවු ගාලා.. මේ හාදයා බයිසිකලේ නැවැත්තුවා..
මේ අයියගෙ බයිසිකලේ චේන් එක කැඩිලා.. හිරවුණා.. ගලවගන්න යතුරක් නෑ.. උඹේ යතුරු සැට් එක දියංකො.. කියලා පෝර උරයක් ඉල්ලගනිමින් මගෙ දිහාට හැරිලා.. මේ මගේ අයියා කියලා කිවුවා.. මාත් ඉතිං බොහොම කෘතඥ්ඥ පූර්වක හිනාවක් පෑවා.. අයියා ගියා.. මල්ලි දැං ඇවිත් චේන් කේස් එක ගලවනවා..
මුං නං... පුදුම හු&*^ලා .. වීල් පාක් එකක යතුරක් නැති වෙනවද මචං..
අපි නං කාට හරි කරදරයක් වෙලා කියලා දැක්කොත් ටක් ගාලා පුළුවන් සප් එකක් දෙනවා.. ඒකයි මචං සිංහල කම කියන්නෙ..
මගෙ ඇඟේ මයිල් කෙළිං උනා ඌ ඒක කියපු විදිහට..
ඇත්තටම ඔයාට ගොඩාක් පිං මේ කරන උදවු වලට.. (මං ඉතිං වෙන මොනවා කියන්නද?)
මේ මනුස්සයා මාවත් ඇදගෙන ගැරේජ් එකකට ගියා.. වෙලාවට බාසුන්නැහැ කන්ට ගිහිං..
බාසුන්නැහැ ඇවිත් වැඩේ කරලා දෙයි.. අතේ සල්ලි තියෙනවා නේද? මං ගිහිං එන්නම්.. උදේටත් කන්නෙ නැතුවයි මේ ඉන්නෙ..
හරි.. හරි.. බොහොම ස්තුතියි.. බොහොම පිං.. කරපු උදවුවට..
ටික වෙලාවක් යද්දි බාසුන්නැහැ ආවා..
මහත්තයගෙද බයික් එක.. මට එක්කෙනෙක් කඩේට ඇවිත් කියලා ගියේ.. අපි මෙතන පුස්සයිකල් විතරයි හදන්නෙ.. කමක් නෑ කොහොම හරි හදලා දෙන්නම්කො..
පැයක පමණ මහන්සියක් දරා ඔහු මගේ වැඩේ කරලා දුන්නා.. (100% ක් ම නොවුණත්.. පැදගෙන යන ගානට.. මං අවිස්සාවේල්ලට ගිහිං අලුත් චේන් එකක් දාගත්තා)
ප.ලි.
ඇතැම් දේවල් තුළින් බොහෝ සේ දුර්වල වුවද.. මෙවන් උදාර මිනිසුන් රන්, රිදී, මුතු, මැණික් වලට වඩා බෙහෙවින් වටී.. හැබෑ සිංහලයෝ ඔවුහුය.. නම නොදන්නා සොයුර, මේ මගේ උපහාරයයි..

8 comments:

  1. කලාතුරකින් ඔය වගේ මිනිස්සු අපිට හම්බවෙනවා.
    අන්න ඒ මිනිස්සුන්ටතමා අපි දෙවියන් කියන්නෙ.
    ඇත්තටම චතුර අයියා එයා ඒ වෙලාවෙ ඔයාට දෙවියෙක් නෙමේද හා

    ReplyDelete
    Replies
    1. අනිවා.. ඒක ලොකු උදවුවක්.. සමහර විට එයාගෙ උදවු නොතිබෙන්ට මං ඔයිට කලිං.. ඔයිට අඩු අලාබයක් ඇතිව .. එහෙත් අසරණ තනිකමකින් යුතුව ගෙදර යනවා.. ඒ වුණත්.. ඔහු දීපු උදවුව.. හා ඒ උද්‍යෝගිමත්.. පරිත්‍යාශීලී බව නම් අමතක කරන්ට බෑ..

      Delete
  2. ඉතාමත් ගුණ යහපත් මනුස්සයෙක් මම කැමතිම තැන
    ත්‍රී ව්හීල් පාර්ක් එකේ ඉන්නේ හරිම huxxxno කියප එකට
    ජයවේවා සහෝදරයා

    ReplyDelete
  3. කෝම උනත් කවදත් පාරෙදි කරදරයක් උනොත් උදව්වට මිනිහෙක් එනවා. ඒක ලංකාවේ හැටි....

    ReplyDelete
  4. වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත :)

    වෙසක් පෝය දවසේ බයික් එකක යාලුවෙකුයි මායි වෙසක් බලන්න ගිහින් පෙට්‍රල් නැතුව බයික් එක හිටලා පාන්දර 1ට විතර පාරේ ගිය හැම වාහනේකටම අත දදා ඉද්දී එකෙක්වත් නවත්තනේ නැති නිසා හොඳටම අප්සට් ගිහින් ඉන්න අපිට දෙයියෙක් වුණු බයික් එක නවත්තලා ඒකෙන් පෙට්‍රල් බෝතලයක් විතර දීලා රුපියලක්වත් ගත්තේ නැති අයියාව මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. එහෙම මිනිස්සු ඉන්නවා.. මටත් ඉඳහිට එහෙම කරන්න පුළුවං වෙලා තියෙනවා..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..