Friday, March 7, 2014

ආදරණීය මෑණියන්ට සුබ උපන්දිනක් වේවා

   
ගොතා කවි පද නිම කරන්නට නොහැක නුඹ ගැන හිත් පුරා
අපේ ලෝකයෙ මල් වවන්නට නුඹේ කඳුළැලි වත් කරා
පිපුණු මල් පිරියමින් රැකගෙන පුදසුනේ තැන් පත් කරා
සිතා නොසිතා මගේ දිවියම නෙළූ නුඹ විය සිත්තරා
  
මගේ ආයුෂ තිබේ නම් තව එයත් නුඹටම අයිතිවේවා
මා කරන හැම කුසල් නිසැකව නුඹට අනුමෝදන්ව යේවා
සිතේ ඇතිවන නොයෙක උවදුරු දුරුව නිබඳව තොස් වැඩේවා
නුඹට මට මතු භවක් තිබුණොත් මා නුඹේ පුතණුවන් වේවා
  


මගේ ආදරණීය මෑණියන්ගේ උපන් දිනය වෙනුවෙන් කවි පංතියක් ලියන්නට නොහැකි වීම කණගාටුවකි.. ඇයට නිරෝගී සුවය, චිර ජීවනය ලැබේවා කියා පතමි..

10 comments:

  1. සුභ උපන්දිනයක් අම්මට..!!

    ReplyDelete
  2. ඔබේ ආදරණීය මෑණියන්ට සුභම සුභ උපන් දිනයක් පතමි!!

    ReplyDelete
  3. මෑණියන්ට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  4. ආයුෂත් ගෙන මගේ දිවියේ තවත් කල් නුඹ මෙහි රැදේවා
    මෙවන් කවිසිත් වලින් සනහන දරු කැලක් නුඹහට ලැබේවා

    ReplyDelete
    Replies
    1. ගෙනා ආසිරි තවත් වැඩි වී ඔබ හටත් සතුටම ලැබේවා
      සඳැස් කවියට ඔබෙන් ලැබෙනා එළිය තව වැඩියෙන් වැඩේවා

      Delete
  5. අපිත් එහෙනම් අයියාගේ සුභ පැතීමට එකතු වෙනවා :)

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..