අපිත් මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නු මිනිස්සු..! ඇයි අපට මෙහෙම කරන්නෙ..? පොලීසියෙන් බැට කා ඔලුව පලාගත් පුද්ගලයා අසන්නේ මහත් සංවේගයෙනි.. ඔහුට පහරදීම වැරදි බව අමුතුවෙන් කිව යුතු නැත. මා මේ කතා කරන්නේ ඒ ගැන නොවේ..
ඔහු ආණ්ඩුවට ඡන්දය දීම නිසා ඔහුට විශේෂ වරප්රසාදයක් ඇති බවක් ඔහුගේ කතාවෙන් ගම්ය වීම ගැනයි.. ආණ්ඩුවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය දුන්නත්, ඡන්දය කටු ගෑවත්, ඡන්දය නොදා ගෙදර හිටියත්.. අප සැවොම එක සමානව නිකරුණේ ගුටි නොකන්නට අයිතිය ඇත්තෝ වෙමු.. මේ තිබෙන්නේ පොදු පෙරමුණු කාරයාගේ ආණ්ඩුවක් හෝ යූ ඇන් පී කාරයාගේ ආණ්ඩුවක් නොව සමස්ථ ශ්රී ලාංකික ජනතාවගේ ම ආණ්ඩුවක් බව පාලකයෝත්.. ජනතාවත් තේරුම් ගන්නා තාක්.. මේ බලකාමය.. මේ ම්ලේඡ්ඡත්වය.. මේ තුඡ්ඡ බව කෙළවර නොවනු ඇත..
මම.. හදපතුලෙන් ම නැගෙන අදහස් අකුරු කරමි... ඔබ .. එය කියවන්න.. රස විඳින්න .. විවේචනය කරන්න... අපි .. මේ ලෝකය මොහොතකට සුන්දර කරමු...
Wednesday, April 23, 2014
Sunday, April 20, 2014
සයිබර් අවුරුදු උළෙල - 2014 - මේ පාර නම් යනවා..
බැරිවුණි එන්න සයිබර් උළෙලට පෙරදී
දුකකිණි අත්හැරියෙ කාලයෙ අණ පරිදි
මොකටද කතා දුරු කර ලමු පෙර වැරදි
නැඟ ගමි හැකි විගස දඬුමොණරෙට බර දී
අකුරක හැඩය හරි හැටියට දැන ගන්න
බල බල හැඩ ද වැඩ රස ලොව පිහිනන්න
තුඩ තුඩ සතුට රැවු පිළිරැවු පතුරන්න
අද එමි මොහොතකට හෝ ඔබ දැක ගන්න
Monday, April 7, 2014
බැරිදා විග්රහය ! විස්සයි විස්ස කුසලානය
විස්සයි විස්ස ක්රිකට් ලෝක කුසලානය දිනාගැනීමත් එක්ක අපේ ක්රිකට් පොතේ අලුත් පරිඡ්ඡේදයක් පෙරලුණි.. තවත් විදිහකින් කියනවානම්.. එක්තරා පරිඡ්ඡේදයක් අහවර වුණි.. මේ තරඟාවලිය අවසන අපට කතා කරන්නට දෑ බොහෝය..
සංගා හා මහේල විශ්රාම ගත්තෝය.. ඒ ශ්රී ලාංකීය ක්රිකට් ක්රීඩකයෙකු විශ්රාම ගනිද්දී තිබුණු ඉහලම අභිමානය ද ඇතිවය.. එම අභිමානය.. ඔවුන් දෙදෙනා තරම්ම වීරයන් වූ.. රෝයි, දුලිප්, රුමේෂ්, අර්ජුන, අරවින්ද, සනත්, වාස් හෝ මුරලි දිනාගත්තේ නැත.. ඒ සුදුසු කාලය හඳුනා ගැනීමට ඔවුන් දක්ෂ නොවූ නිසාය.
දිල්ෂාන්ට ද සුදුසු කාලය පැමිණ ඇති බව අපි දනිමු.. හනි හනිකට දිල්ෂාන් ද මෙය තේරුම් ගත යුතුය.. දැන්ම විශ්රාම ගතහොත්.. සංගා හා මහේලට තරම්ම නොවෙතත්.. සැලකිය යුතු ගෞරවයක් ලබමින් ඔහුට විශ්රාම ගත හැකි වනු නියතය..
මාලිංග ගේ නායකත්වය.. ගැන ද විවිධ මත පළවුණි.. ශ්රීලංකා කණ්ඩායම පාලනය වූයේ නායකත්ව මණ්ඩලයකින් බවට පැවසිනි... ඒ කෙසේවතුදු.. නව නායකත්වය යටතේ ශ්රීලංකා පිළ නව පණක් ලැබ ගත් බව නොරහසකි.. කණ්ඩායම් හැඟීම ඉතා ඉහල මට්ටමක තිබුණි.. කණ්ඩායම් හැඟීමෙන් මහත් සේ පිරිපුන් ක්රීඩක දෙපලක් වන සංගා හා මහේල වෙත යළිත් සිත දිව යයි.. එහෙත්.. කිසිවෙකු රොෂාන් මහානාම හෝ අර්ජුන තරම් වේයැයි නොසිතමි.. නායකත්වයේදී ඇතැම් තැන් වල දී තීරණ ගැනීම, පිටිය සකස් කිරීම මෙන්ම අතිශය වැදගත් කරුණක් වන්නේ කණ්ඩායමේ සහයෝගය නොමඳව ලබා ගැනීමයි.. මෙම කරුණු කිසිවක මාලිංග තරම් සාර්ථක වූ අයෙකු නැති තරම්ය.. නායකත්ව මණ්ඩලයක් හරහා හෝ ඔහු තම වගකීම ඉටු කළේ නම්.. එයට අපහාස කිරීම, අවතක්සේරු කිරීම නම් කුහක කමයි.. මාලිංග තමා සතු තුරුම්පු මනාව යොදාගත් ආකාරය විශ්මය ජනකය.. ඔහු ඉදිරියටත් කණ්ඩායමේ නායකයා විය යුතු බව මගේ වැටහීමයි..
කණ්ඩායමේ සමබර බව ගැන සිතා බංකුවට වී සිටි පළමු නායකයා චන්දිමාල් නොවේ.. පළමුවැන්නා.. මාවන් ය.. එලියෙන් සිටීමට චන්දිමාල්ට තරම් සාධාරණ හේතු නොතිබියදීත් මාවන් එලියෙන් සිටියේය..එය එදා ශ්රී ලංකා පරාජයට හේතු විය..
කෙසේ වෙතත් චන්දිමාල් සිය අඩුපාඩු නිවැරදි කරගෙන යළිත් කණ්ඩායමට ඇතුළු වීමට උත්සාහ කළ යුතුය..
කෙසේ වෙතත් චන්දිමාල් සිය අඩුපාඩු නිවැරදි කරගෙන යළිත් කණ්ඩායමට ඇතුළු වීමට උත්සාහ කළ යුතුය..
මෙවර තරඟාවලියේදී අපගේ විශ්වාසය දැල්වූ පිතිකරුවා වූයේ තිරිමාන්නයි.. ඔහු වඩාත් විශ්වාසයෙන් හා නොබියව පන්දුවට පහරදෙන අන්දම දුටු විට.. සංගා හා මහේල ගේ අඩුව පිරවීමට අප සතු ප්රධානම අවිය ඔහු බව හැඟෙයි..
සචිත්ර සේනානායකගේ පන්දු යැවීම ගැන ද හිතේ ඇත්තේ මහත් ප්රසාදයකි.. රංගන හේරත් තව ටික කලකින් සමුගතයුතු නිසා.. සචිත්ර ගේ සහායට හොඳ දඟ පන්දු යවන්නෙකු සිටිය යුතුය.. ඒ ජීවන් මෙන්ඩිස්, සුරාජ් රන්දිව් හෝ චතුරංග ද සිල්වා විය හැක..
අවසන ඕනම දේකට ඔට්ටු.. තිසර, කුලසේකර හා මැතිවුස් ට මාගේ ප්රණාමය පුද කරමි..
රත් විය තැටිය රොටි සදමුද එසැණ ......තොසා
නෙත් යුග පිරුණි ජය ගොස වැදි සවන ...වසා
මත්තට හැඳින දැන මඟහැර නැඟෙන ....දොසා
ලත් ජය මතින නැගිටිමු නොම වැටෙන ලෙසා
නෙත් යුග පිරුණි ජය ගොස වැදි සවන ...වසා
මත්තට හැඳින දැන මඟහැර නැඟෙන ....දොසා
ලත් ජය මතින නැගිටිමු නොම වැටෙන ලෙසා
Subscribe to:
Posts (Atom)