Wednesday, April 23, 2014

බැරිදා විග්‍රහය !අපිත් මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නු මිනිස්සු..

අපිත් මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නු මිනිස්සු..! ඇයි අපට මෙහෙම කරන්නෙ..? පොලීසියෙන් බැට කා ඔලුව පලාගත් පුද්ගලයා අසන්නේ මහත් සංවේගයෙනි.. ඔහුට පහරදීම වැරදි බව අමුතුවෙන් කිව යුතු නැත. මා මේ කතා කරන්නේ ඒ ගැන නොවේ.. 

ඔහු ආණ්ඩුවට ඡන්දය දීම නිසා ඔහුට විශේෂ වරප්‍රසාදයක් ඇති බවක් ඔහුගේ කතාවෙන් ගම්‍ය වීම ගැනයි.. ආණ්ඩුවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය දුන්නත්, ඡන්දය කටු ගෑවත්, ඡන්දය නොදා ගෙදර හිටියත්.. අප සැවොම එක සමානව නිකරුණේ ගුටි නොකන්නට අයිතිය ඇත්තෝ වෙමු.. මේ තිබෙන්නේ පොදු පෙරමුණු කාරයාගේ ආණ්ඩුවක් හෝ යූ ඇන් පී කාරයාගේ ආණ්ඩුවක් නොව සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගේ ම ආණ්ඩුවක් බව පාලකයෝත්.. ජනතාවත් තේරුම් ගන්නා තාක්.. මේ බලකාමය.. මේ ම්ලේඡ්ඡත්වය.. මේ තුඡ්ඡ බව කෙළවර නොවනු ඇත..

20 comments:

  1. ඔහොම කාලා මදි..ඡන්දෙ දුන්නට!

    ReplyDelete
    Replies
    1. ඡන්දෙ දුන්න මදිවට තව කියවන්නත් එනවා.. තවත් ගහන්නයි තිබ්බෙ ... නැද්ද හා..

      Delete
  2. ගහලනේ අහන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. මං දැක්කා .. ෆෝන් එකක් හොරකම් කළා කියන සැකේට අහිංසකයෙක්ගෙන්.. කළුතර පොලීසිය ප්‍රශ්න කරලා තියෙන විදිහ ගැන වීඩියෝ එකක්.. ස්ත්‍රී දූෂකයන්, මැරයන්, හොරුන්, තක්කඩින්.. සුර සැප විඳිද්දි.. අහිංසකයන් ගුටි කනවා.. එහෙවු රටකයි අපි ඉන්නෙ..

      Delete
  3. අපි කොහේට ගමන් කරනවද කියලා තේරුම් ගන්නවත් බෑ. බාබෙරියන්ස්ලාවත් මෙහෙම නම් සාමාන්‍යය මිනිසුන්ට සලකන්නේ නෑ මම හිතන්නේ. ඒ වුනාට අපි සංස්කෘතිය ආගම ඉතිහාසය කරේ තියන් යනවා දන්න දා ඉඳන්.
    මොනවා වුනත් මේ මනුස්සයාගෙ අගේ කරන්න ඕනේම දේ ගුටි කාලා හරි ඔහු මේ කියන රාජපක්ශගේ පොලීසිය ප්‍රශ්න කරන එකම. වෙන කවුරුත් ගුටි කාලා එහෙම කලා කියලා මතකයක් නෑ නේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. කොහොමත් මිනිහා ටිකක් ඇට්ටර හාදයෙක් බව පේනවා.. මෙලහට මොකක් හරි පස්න කරන්න ගිහින්ම වෙන්ටැ.. ගුටි කන්ටත් ඇත්තෙ..

      Delete
    2. ඒකනම් ඇත්ත තමයි.මට හිතුනෙ මාධ්‍ය වල බලය කොයි තරම්ද කියල.මේ පුද්ගලය බය නැතිව ප්‍රකාශ කරන එක හරිම වටිනව. ඔය සිද්ධිය වුන තැන කොටුවෙ මාත් හිටිය .හැබැයි ගහනව නම් දැක්කෙ නෑ.මොකද වෙන්නෙ කියල බලන්නවත් එතනට යන්න බැරි වුනා.

      Delete
  4. ලබන පාරත් මම දෙනවා... අනිවා..

    ReplyDelete
  5. විශේෂ වරප්‍රසාද කතාවක් කියවෙන්නෙ නෑ බන්.ඌ කියන්නෙ ආඩපාලියක්.චන්දෙත් දීල ගුටිකනව වගෙ කතාවක්. යමක් තේරුම් ගනිල්ලකො බන්ස්ලා හරියට.

    ReplyDelete
    Replies
    1. ඡන්දෙ දුන්නා හෝ නැතා හෝ සාමාන්‍ය ජනතාවට මෙහෙම ගහන්නෙ ඇයි කියන එකයි පස්නෙ..

      Delete
    2. එතන සාමාන්‍ය ජනතාවට දුම් රියෙන් ගෙදර යන්න පාර ක්ලියර් කරපු එකයි වුනේ.

      Delete
  6. "අපිත් මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නු මිනිස්සු..! ඇයි අපට මෙහෙම කරන්නෙ..?"

    අඩේ එහෙමද එහෙනම් ඒ මිනිහට ගැහුවා මදි . . කෝ මේ $#%$5 පොලිසියේ උන්ට ඒකට වත් හයිය නෑනේ සික් . ..

    ReplyDelete
    Replies
    1. රනිල් හරි ෆොන්සේක හරි හිටියනම් ඔතන හත් අට දෙනෙක් මරල. ප්‍රේමදාසගෙ කාලෙ එහෙම වුනා නම් එකපැත්තකින් පොලීසිය ගහද්දි තව පැත්තකින් එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලේ පාතාලයො (සොත්ති උපාලිල )ගහනව. කෘත්‍යාධිකාරි මණ්ඩලේ පාතාලයන්ට ස්ත්‍රී දූෂකයන්ට කුඩුකාරයන්ට කෝට එකක් තිබුනලු නේද?
      අපූරු යුගයක්නෙ අපි පසු කලේ.ඇස් බැදගෙන අරන් ගිහින් ටයර් දාල පුච්චන.යූ ඇන් පී කාලෙ මේ රට අමු සොහොනක්. යූ ඇන් පී එකට චන්දෙ දීපු එවුන්ටයි ගහන්න ඕන.
      මේ පක්ෂයට චන්දෙ දුන් නිසයි කොටි විනාශ කරන්න ලැබුනෙ.නැත්නම් කොටුවෙ ඉන්නෙ ශ්‍රී ලංකා පොලීසිය නොවෙයි කොටි පොලීසිය. උබලට කෙලෙහිගුන කියල එකක් නැද්ද යාලුවනේ.
      බඩු මිල අඩුකරන්න මොකා ආවත් බෑ බන්. ඒ වගේම හැම එකාම හොරකම් කරනව.රනිල්ලගෙ කාලෙත් පාසල් මිත්‍රයො තමයි ඉහල තනතුරු වල හිටියෙ.

      Delete
    2. තවමත් 94 කතා කතා කරන්නෙ පැහැදිලි කුහක මානසිකත්වයෙන්.. එහෙම බැලුවොත්.. 71 ත් උනේ ඔය වගේම දේවල් තමයි.. එහෙම කියලා 94 ආණ්ඩු මාරු කළේ නැත්නම් තත්වය කොහොමට හිටී ද? ඒ වෙනකොට ප්‍රේමදාස ගේ අජාසත්ත පාලනය ඉවර වෙලා තිබුණු හින්දා යහපතක් වෙන්ටත් ඉඩ තිබුණා.. කොහොම උනත් 94 ආණ්ඩු මාරු කරන්න ජනතාව ගත්තු තීරණය තීරණාත්මකයි.. ඒ වගේම මේ ආණ්ඩුව මාරු කරන්ටත් කාලෙ ඇවිත් ගොඩක් කල්.. විකල්ප තෝරා ගැනීමෙදි.. තියෙන විකල්පයක් තෝරා ගන්ට වෙනවා.. කවුරු කොහොම කිවුවත්.. රට පාලනය කරන්ට.. රනිල්ට තියෙන සුදුසුකම් එක්ක.. මහින්දට බෝඩ් වෙන්ටවත් පුළුවන්ද?

      Delete
  7. උතුරේ කවර කතාද දකුණේ අපි කන කෑමට..ගුටි කාලා මදි බං

    ReplyDelete
  8. අපි යන්න ඕන ඉස්සරහට. නැතිව දාහත් අවුරුදු ශාපය යළි ලබා ගන්න නොවෙයි. අපට සොත්ති උපාලිලවත් උඩුගම්පොල වගෙ පොලිස් කාරයොවත් ආයෙ ඕන නෑ යාළු.
    එජාප භීෂනයට එරෙහිව 1994 දි චන්දය පාවිච්චි කළ සියලු දෙනා ජාතික වීරයන්. කොටි පරාජය කලෙත් ඒ වීරත්වයෙ දිගුවක් ලෙස.එය යළි ආපසු හරවන්න බැහැ.
    පොලිස් පහරදීම් මේ ආන්ඩුවෙ සොයා ගැනීමක් ලෙස සමහරු කතා වෙනකොට අපට අසාධාරණය පෙන්නන්න බෑ.1994 ට පෙර තිබූ යමපල්ලන්ගෙ යුගය මතක් කර දෙන්න සිදු වෙනවා.

    ReplyDelete
  9. කවුදෝ ලියලා තිබුණා. මේ මම ඡන්දේ දීලා පත් කරපු ආණ්ඩුව. මගෙන් කපා ගන්න බදුවලින් තමා ආණ්ඩුවට සල්ලි තියෙන්නේ. ඒ සල්ලිවලින් තමා පොලිස්කාරයින්ට පඩි ගෙවන්නේ. මමම සල්ලි දීලා ගුටි කාගත්තා වගේ වැඩක් තමා මේක කියලා

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..