Thursday, May 29, 2014

බැරිදා විග්‍රහය..! පිරිමි සංගම් නැත්තේ ඇයි... ?

මේ ලිපිය ලියන්න පාදක වුණේ ටික දවසකට කලින් බස් රථයක සිදු වුණු සිද්ධි කිහිපයක්.. ඔන්න ඉතිං මං ගෙදර යන්ට කියලා කොළඹ - අවිස්සාවේල්ල පුද්ගලික බස් රථයකට නැංගා කියමුකො. බස් එකේ ප්‍රමාණයට වැඩියම නොවුණත්.. එකිනෙකා තෙරපෙන්න තරමට සෙනඟ. 

හෝමාගම හරියෙදි ඉඳගෙන හිටපු අවුරුදු 45 පැනපු ගෑණු කෙනෙක් ඒ අසලම හිටගෙන හිටපු තරුණයෙකුට බණිනවා ඇහුණා.. ඒ ගැහැණියට ඉස්සරහින් ඉඳගෙන හිටපු තරුණයෙකුත් නැගිටලා අර තරුණයට බැන්න බව පෙනුනා. පිටිපන හරියෙදි අදාල තරුණයා බස් එකෙන් බැහැලා ගියා.  ඊට පස්සෙ එතනම හිටපු තරමක් වයසක පිරිමියෙකුත්..තවත් තරුණයෙකුත් අර කාන්තාවත් ඉඳගෙන හිටපු තරුණයාත් මොනවද කතා වුණා... දැක්කා.. "අපිට ඒ වෙලාවෙ කියන්න එපෑ. එහෙමනම් අල්ලලා පොලීසියට බාර දෙනවනේ"  කියලා අර වයසක පිරිමි කෙනා කියනවා ඇහුණා.. 

පාසැල් නිල ඇඳුම ඇඳගත්තු ගැහැණු දරුවෙක් ඔය බස් එකට නැංගා.. මං හිතන්නෙ හෝමගම හරියෙදි වෙන්ට ඇති. කොහොම හරි මේ දරුවට අල්ලගන්ට අයිනක් තිබුණෙ නෑ.. හරිම අපහසුවෙන් ඉන්න බව පෙනුණත් කවුරුවත් පොඩි ඉඩක් දෙන්න ඉදිරිපත් වුණෙත් නෑ.. ටික ටික සෙනඟ අඩු වෙද්දි මීගොඩ හරියෙදි.. මට ලැබුණු අයින කතා කරලා ඒ ළමයට දුන්නෙ වින්ද අපහසුතාවය දැක්ක නිසා..

පහත්ගම හරියට එද්දි මටත් සීට් එකක් ලැබුණා.. කලු අග්ගල හරියෙදි මට එහාපැත්තෙ සීට් එකත් හිස් වුණාම .. එතැන ඉඳගත්තෙ.. අර මුලින් කියපු වයසක පිරිමි කෙනා.. එයා මගෙත් එක්ක කතාවට වැටුණා..."මේ බස් වල පුතා පුදුම අසාධාරණකම් වෙන්නෙ. අර අතන සීට් එකේ වාඩි වෙලා හිටපු ගෑණි කොල්ලෙක් ඇඟට හේත්තු වුණා කියලා ඒ කොල්ලට හොඳටම බැන්නා. ඊට ඉස්සරහ සීට් එකේ හිටියෙ එයාගෙ පුතෙක් හරි කවුරු හරි.. මිනිහත් ඒකට බැන්නා.. අන්තිමේ අර කොල්ලා යන ගමන නවත්තලා බැහැලා ගියා.. මේ බස් වල තියෙන තදබදෙත් එක්ක ඇඟේ ගෑවෙන්නෙ නැතුව යන්න හරි අමාරුයි. මම නං කොහොම හරි නැග්ග ගමන් පිරිමියෙක් ගාවට යනවා.. මොනවා උනත් ආත්ම ගෞරවය ඔක්කොටම වඩා වටිනවනෙ.." මගේ හූ මිටි අස්සෙ මේ මහත්තයා කියෝගෙන යනවා..
"සමහර විට ඌ ඇත්තටම හේත්තු වුණා වෙන්නත් ඇති.. එහෙමනම් ඒක කියන විදිහක් තියෙනවනෙ.. මල්ලි පොඩ්ඩක් එහාට වෙලා ඉන්න කිවුවා නම් හරි නෙ.. කොල්ලා බැහැලා ගියාට පස්සෙ මං කිවුවා ඔහොම තමයි බස් වල යනකොට තෙරපෙනවා... කියලා.. එතකොට මේ ගෑණි කියනවා ඌ සිපර් එක ඇරගෙන හිටියලු.. එහෙම නම් එවෙලෙ කියන්න තිබුණනෙ..එහෙම කිවුවා නම් අපි අල්ලලා පොලීසියට බාර දෙනවනෙ.. මේ ගෑණිගෙ කතාවෙ හැටියට මට නං සුවර් මේකි පට්ට **යක්.. ඔය වගේ කතා කිවුවම අපේ පිරිමිත් හොයන්නෙ බලන්නෙ නැතිව ගෑණිගෙ පැත්ත අරගන්නවා.. මං නං කවදාවත් ගෑණියෙකුට සීට් එකක්වත් දෙන්නෙ නෑ.. ළඟ ගෑණියෙක් හිටියොත් බහිනකොට පිරිමියෙකුට කතා කරලා සීට් එක දීලා යනවා.. මගෙ අම්මත් ගෑණියෙක් තමයි.. ඒ වුණත් මේවයෙ යන්නෙ වැඩි හරියක් **යො. අපේ ඇඟට ගෑණු කොච්චර හේත්තු වෙනවද? ඒවට අපි ඔහොම බැන්නොත් කොහොම තියෙයිද?  මං නං ගෑණියෙක්ගෙ බෑග් එකක්වත් ගන්නෙ නෑ. දාන්න කියනවා උඩ තියෙන රැක් එකෙන්.. හිටපු ගමං අපට පිරිමින්ගෙනුත් කරදර වෙනවා.. හොඳ රස්සාවල් කරන හොඳට ඇඳ පැළඳගත්තු අය ඇවිත් හේත්තු වෙනවා.. එහෙන් මෙහෙන් අල්ලනවා.. හැබැයි හොඳින් කිවුවාම ආයෙ එන්නෙ නෑ.. පිරිමි අපට වෙන අසාධාරණකම් ගැන කතා කරන්න කවුරුත් නෑ.. මට නම් තියෙන්නෙ හරිම කලකිරීමක්"

කලින් ලිපියකත්  මං ඔය වගේ අපට විඳින්න වෙන කරදර ගැන පොඩියක් කතා කළා.... ඇත්තටම මේ සමාජයේ පිරිමි අපටත් හරියට අසාධාරණකම් වෙනවා.. ඒක නිසා කාන්තාවො හිංසනයට ලක් විය යුතු නෑ..  ඒත් මීට වැඩිය අවබෝධයකින් හා අවධානයකින් හැමදෙනාම කටයුතු කළ යුතුයි කියලයි මට හිතෙන්නෙ.. නං නැතුවට පිරිමි සංගම් නං ඕන තරං .. නැද්ද මං අහන්නෙ..? වඩේ එකයි .. ගල් බෝතලෙයි තමයි ආයුදේ....:D


23 comments:

  1. හැම තැනම කියන්න දන්නෙ නැති වුණත් රාගම කොළඹ කියන්නෙත් පට්ට තදබදයක් තියෙන පාරක්. කොච්චර පුරවලා එන බස් එකක් වුණත් ගෑනු පිරිමි බේදයක් නැතුව බස් එකට ගොඩ වෙනව.ගෑනු පිරිමි එක හා සමානව තෙරපිලා ඉන්නෙ. සමහර වෙලාවට මූන පවා ගෑවෙනව.මොනව කරන්නද මේ රටේ ඉන්න හැම එකාලටම තමන්ගෙ කියල වාහන නෑනෙ. ඒ හිංද කියල ඔක්කොම ඉවසනව.ඒ වෙලාවට තමා ගොඩක් දුරට ගැහැණු පිරිමි රහස් ප්‍රෙද්ශ පවා එකිනෙක ගැටෙන්නෙ.මේ වගේ සෙනග පුරවපු බස් එකකට නැග්ගහම එහෙම වෙනව කියල දැනගෙන ඇයි එහෙනම් බස් එහෙකට ගොඩ වෙන්නෙ.වවුලගෙ මගුල් ගෙදර ආවනම් ඒ විදියට ඉන්ඩ ඔනේ කියල තෙරපි තෙරපි යන්ඩ තමා තියෙන්නෙ මට හිතෙන විදියටනම්.
    අන්න ඒක තේරුම් ගන්ඩ බැරි අය ලිංග බේදයකින් තොරව අපේ සමාජයේ ඉන්නවා. ඒ දිහා මිනිස්සු යහපත් කෝණයකින් බලන්න ඕනෙ.එහෙම නොවුණොත් තමා කවුරු කවුරුත් අසරණ වෙන්නෙ. ඒ වගේ ගොඩක් අවස්ථාවලදී මමත් ගොඩාක් අපහසුතාවයන්ට මුහුණ දීල තියෙනවා.ඒත් බස් එක නතර කරපු ගමන් මම බැහැල යන්ඩ යනවා....මගේ වැඩේට....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අවස්ථාව තේරුම් ගන්ට ඕන.. ඒ වගේම ගැහැණු අයට උඩ එල්ලිලා යන්න අමාරුයි. ඒ නිසා ඒ අයට අයිනක් අල්ලගන්ට දෙන එක පිරිමි අපේ යුතුකමක්.. ආත්මර්ථකාමීත්වය ටිකක් තුනී කරගෙන සාමූහිකත්වයෙන් වැඩ කරනවනම්.. ඒ අවස්ථාවත් සුන්දර අත්දැකීමක් කරගන්ට පුළුවනි.. ඒත් උදවුවක් කරපුවම පිළිතුරු හිනාවක්වත් ලැබෙන්නෙ කලාතුරකින්..

      Delete
  2. http://wewismatha.blogspot.com/2014/05/blog-post_27.html

    ReplyDelete
  3. හම්මෝ මාත් අරක ඇග පුරාම තියෙන වගේ දැනෙන ගෑනු ලගින් වත් ඉන්නැ බස් වලදී. මොකක් උනත් ආත්ම ගරුත්වය වටිනවනේ මහත්තයෝ..

    ReplyDelete
    Replies
    1. අනිවා මමත් එහෙමයි.. හැබැයි.. වාඩි වෙද්දි නං මං කැමතියි ගෑණු ළඟ වාඩි වෙන්න.. වෙන මොකුත් හින්දා නෙවෙයි.. බස් වල දෙන්නෙකුට වාඩි වෙන්න තියෙන්නෙ සීට් එකහමාරයි නෙ.. ස්වභාවයෙන්ම ගෑණු.. පිරිමින්ට වඩා පළල අඩුයි.. ඒ නිසා ගෑණු කෙනෙක් ළඟ වාඩි උනහම සුට්ටක් විතර ඉඩ පාඩු වැඩිපුර තියෙනවා..

      Delete
    2. හැබැද ඒකත් එහෙමද? ඒක තමා හෙනං මේ පිරිමි බස් වලට නැංග වලොවේ ඉදල ගෑනු වාඩි වෙච්චි තැන් හොයන්නේ.. දැන්නේ තේරුනේ

      Delete
    3. තාම පළල් ගෑණු කෙනෙක් හම්බවෙලා නෑ වගේ :-)

      Delete
    4. පළල් ගෑණු දැකලා තියෙනවා.. ලඟින් වාඩි වෙන්නෙ නෑ.. බැරිම තැනක මිස.. :-)

      Delete
  4. ඒක ඇත්ත ඒත් සමහරු රිංගන්නෙම අස්සටනේ

    ReplyDelete
  5. හැබෑවටම සමාජයේ වඩාත් පීඩනයට පත්වෙන්නේ පිරිමි. එය දම්රියේදී හොදට අත් විද ඇති දෙයක්.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ.. ගැහැණු .. පිරිමි කියලා වෙන් කරනවාට වඩා.. හොඳ නරක.. වැරදි කරන / නොකරන වගේ වෙන් කළා නම්.. වඩාත් සාර්ථක පිළිතුරක් ලැබෙයි.. ගැහැණු පිරිමි දෙගොල්ලොම විවිධ ආකාරයෙන් පීඩනයට ලක් වෙනවා..

      Delete
  6. එකෙක් දෙන්නෙක් කරන හින්දා වැඩියම අපහසුවට පත්වෙන අවස්තාවක්නේද?
    ඒ වුනාට ලංකාවේ බස් මඟියෝ හරිම ආත්මාර්ථකාමියි කියලයි මට හිතෙන්නේ. ළඟදි දවසක ඒ සී බස් එකක ටිකක් වයසක පිරිමියෙක් නැග්ගා. මම බැලුවා කවුරුත් සීට් එකක් දෙන පාටක් නෑ. ඒ ගමන් මම නැගිටලා අර මහත්තයාට ඉඳගන්න කීවා. ඒ මනුස්සයා බොහොම වැදගත් විදියට ඒක ප්‍රතික්ශේප කලා. මෙන්න බොලේ මට හැරෙන්නත් කලින් එතන වෙන දඩාර වයස හතලිහක විතර මනුස්සෙක් බස් ගාලා ඉඳගත්තා. මට නේද ඉතින්? මම හයියෙන්ම කීවා ඔයාට ඉඳගන්න නෙමෙයි මම සීට් එක දුන්නේ වයසක මනුස්සයාට ඉඳගන්නයි එයා ඉඳගන්නේ නැත්නම් මම ඉඳගන්නවානේ කියලා.
    මට හිතෙන්නේ මේක ගැහැනු පිරිමි කමකින් තොරව වෙන දෙයක්.

    ReplyDelete
    Replies
    1. ල් මොන්ඩො ඩි උනා පොවෙරා පස්සා.. සමාවෙන්න එහෙමද මේ නම කියන්නෙ..?

      ඔබ කිවු දේ සහතික ඇත්ත.. ලංකාවෙ බස් මඟියො විතරක් නෙවෙයි.. හැම පුරවැසියෙක්ම වගේ දරුණු ලෙස ආත්මාර්ථකාමීත්වයෙන් පිරිලා.. අමතක කරන්න බෑ එහෙම නොවන රත්තරන් මිනිස්සුත් තාම ඉන්නවා..

      Delete
  7. මමනම් සාමාන්‍යෙයන් බස් වල යනවා අඩුයි. ඒත් බස් වල යන්න අවස්ථාවක් ආවොත් ගෑනු ඉන්න තැනක නම් ඉන්නේ නැහැ. මොනවා හරි කරලා ඈත් වෙලා ඉන්න තමයි බලන්නේ. ඇයි අප්පේ වැරදීමකින් තල්ලු වුනත් අපිටමනේ කෑ ගහන්නේ. අනිත් එක මේවගේ යන ගෑනු වැඩි දෙනෙකුට හේත්තු වෙන්නේ මොන හිතකින්ද ඇයි පුදුම ගඳක්නේ වැඩි හරියකගේ තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ගඳ.. ඒකට නම් ටික වෙලාවක් යද්දි ඒ ගෑණු අය හුරු වෙයි.. බය නැතුව ළඟට යන්න..

      Delete
  8. මේ දෙපැත්තෙම වැරදි තියෙනවා චතුර මල්ලි. වැඩි හරියක් බස් වල මේවාගෙ දේ හරියට වෙනවා. ගැහැණු සමහර අය කතා කරන්න දන්නෙම නෑ. හරිම අසික්කිතයි කට ඇරියම. සමහරු නම් ඕනෙම කෙනෙක්ට බොහොම නිවිලම තමා කතා කරන්නෙ. එතකොට අර වගේ දෙයකදි වැරදියට හිතා හිටියත් නිවෙන වෙලාවල් තියෙනවා. ඇත්තටම පිරිමි මේ වෙලාවට අසරණ වෙනවා වරදක් කරන්නෙ නැති වෙලාවක දි.

    ReplyDelete
    Replies
    1. ඔවු අක්කෙ.. මේ ගෑණු පිරිමි භේදයක් මොකට හැදුවද මන්දා කියලා නොහිතෙන්නෙ.. වාහන එළවන ගෑණු දැක්කම විතරයි.. :D

      Delete
  9. මේකෙ දෙපැත්තක් තියෙනවා, එක එක අය එක එක විදියයි

    ReplyDelete
    Replies
    1. ඒක හරි.. ප්‍රජාතන්ටර වාදෙ ට ගරු නොකරන එක නෙ කෙළිය..

      Delete
  10. බොහොම ස්තුතියි මේ වගේ කවුරුත් කතා නොකරන දෙයක් මතක් කරක්ලා දුන්නට. බ්ලොග් එකත් අපේ දර්ශකයට එකතු කරන්න මෙතනින්.
    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. ඒ පැත්තෙ ගියා.. වෙලාවක ඊයක් එවලා දර්ශකයට එකතු වෙන්නම්.. හැකි නම්.. ඔහොම්මම එකතු කරලා දාන්න..

      Delete
    2. හරි එහෙනම් මම මේ බ්ලොග් යූ ආර් එල් එක ඇඩ්කරන්නම්

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..