Tuesday, August 5, 2014

සුබ ගමන්..!

මං සමනොල කන්ද මුදුණින් ඉපැදුණේ මගේ උවමනාවට කියලා එහෙම හිතන්ට එපා.. 
මං පහලට ගලාගෙන ගියේ ඉහලට ගලන්ට මට ආසාවක් ඇති වුණේ නැති නිසා නොවෙයි.. අනෙක මං ගලපු පාර වුණත්.. මං ආසා කරපු පාර ම නෙවෙයි.. 
වංගු අතරින්.. ගල් වල වැදි වැදී.. මං ගියෙ දුෂ්කර ගමනක් විතරක් නෙවෙයි.. මට යන්ට කිසිම උවමනාවක් නොතිබුණු ගමනක්... 
ඒත් මිනිස්සු නම් කියන්නෙ.. එහෙම යනකොට මං හරි ලස්සනයි කියලා.. පහලට ගලං යන්ට යන්ට.. මං ලොකු උනා.. ශක්තිමත් උනා.. 
ඒත් මට.. මට ඕන දේ කරන්ට නම් ඉඩක් ලැබුණේම නැති තරම්.. 
ඔයාලා හිතනවද මට ඕන උනා කියලා.. අහිංසකයින්ගෙ ගෙවල් කඩලා දාන්න..? 
මට ම මාව පාලනය කරගන්ට බැරි වුණු නිසයි එහෙම දේවල් සිදු වුණේ.. 
තව තවත් දුරට යද්දි මගේ ගැඹුර සහ පළල දෙක ම වැඩි වුණා.. 
ඊළඟට මට ලුණු රහ දැනෙන්ට ගත්තා.. මං දැන ගත්තා මගේ ගමනාන්තය කිට්ටුයි කියලා.. 
මට හඬන්ට කඳුළු වත්.. හෙලන්ට සුසුම් වත් තිබුණෙ නෑ.. මං මගේ ගමන හමාර කළා.. 
දැං මට තියෙන්නෙ අලුත් තැනක්.. එතැනට කිවුවෙ මුහුද කියලා.. 
මට ආයෙමත් ගඟට එක්කාසු වෙන්ට නං කාලාන්තරයක් යයි.. 
ඒ අතර කොයි කොයි ඉසවු වලට යන්ට වෙයි ද? අනේ මංදා..!

ඔවු.. ඔයාට එක එක විදිහෙ තැන් වලට යන්ට වෙයි.. 

කැමැත්තෙන් හරි අකැමෙත්තෙන් හරි ඔයාට ඒ තැන් වලට යන්ට වෙනවා.. 
සමහර විට.. ලුණු ලේවායකට.. එතැනින් අහසට.. අහසින් පොළොවට.. පොළොව යටට.. ඇල, දොල, ගංගා.. ලිං, පොකුණු.. කක්කුස්සි, මඩ වගුරු.. තව කොච්චර තැං තියෙනවද? 
ඔයාට තිබුණා උත්සාහ කරන්ට.. ගඟ වෙලා උන්න කාලෙ.. මේ ගමන ඉවරයක් කරන්ට.. 

එහෙම කරන්ට පුළුවංය?

ඇයි බැරි..? ඒත් ඒකට අවස්ථාව එන්ට ඕන.. එහෙම කරන ක්‍රමය දැන ගන්ටත් ඕන.. ඔයා උත්සාහ කරන්ටත් ඕන..හරි පාරට වැටෙන්ටත් ඕන.. 

හපොයි.. එහෙනං ඒක කරන්ට බැරි දෙයක්..

නෑ.. කරපු අය ඉන්නවා.. විශ්වාසය අත්‍යවශ්‍යයි.. බාග විට ඔයාට ඉදිරියෙදි මඟ පෙන්වන්නෙක් හමු වෙන්ටත් පුළුවනි.. 


සුබ ගමන්..!

7 comments:

  1. අනවරත තරල ප්‍රවාහයක්....
    හිතන්න පොළවපු ලියමනක්...

    ජ ය වේ වා!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විදානෙ මහත්මයා..

      Delete
  2. එම්බා ගංගා නවතිනු නවතිනු නවතිනු ගංගාවේ
    කන්ද කපව්, ගල් පෙරලව්, වේලි බඳිව්, ගමන බිඳිව්
    දිය හරවව්, වැව පුරවව්, කෙත් තනවව්, කුස පුරවව්
    වැඩට අපේ දිය නොමැදී, මුහුද කරා යනු වැරදී
    ඉටුවෙම්බා, ගඟ පුම්බා, දියලම්බා, පැරකුම්බා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි උපදෙසට.. තිස්ස අයියා.. :D

      Delete
  3. Amazing! Its actually awesome article, I have got much clear idea about from this paragraph.


    My page ... how to cure herpes forever

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..