Thursday, September 11, 2014

කලකින් හමු වූ ජූලී

                     
බෙහෙත් ගන්ට කියා මාව නංවාගෙන රියේ
මහත්තයෙක් ළඟට යළිත් දක්කාගෙන ගියේ
පහත්වෙලා බලා මදෙස අත ගා හිස මයේ
යළිත් එන්න කියපි දෙකක් ඉන්ජැක්සොන් තියේ
  
බොන්ටනොවේ දෙන්නෙ බෙහෙත්, ඇඟට තදින් විදී
ඉන්ට හිටින්ටත් බැරි වී, බෙරිහන් දෙමිරිදී
කන්ට ගෙනෙමි පීස' එකක් හිටු බෙරිහන් නොදී
යන්ට යන ගමන් පැවසෙයි ඉවසුම මගෙ මදී
  
පෝලිමෙ පිටුපස ඉන්නා කෙනා දැකල' හුරුයි
වේලි වේලි ඉන්නෙ නමින් අඬ ගසනා තුරුයි
පාලි මොටද මගෙ ඇස් වල වදන් කෝසෙ සරුයි
ජූලි නේද මේ ඉන්නේ, ඈ මට සඳ හිරුයි
  
වැඩිය වෙලා නැති මුත් හනි හනික කතා කළා
නඩය අපේ සී සී කඩ ගිය බැවු සිහිකළා
වඩය නිසා වුණු රණ්ඩුව ගැන ඉඟි බිඟිකළා
කුඩය යටින් යන නෝනගෙ ගමන පමා කළා
  
සැමී, ලිසී දෙන්නම දැන් කොයිබද ඉන්නේ
නිකී, විකී මිය ගිය බව ළඟදිනෙදන්නේ
ෂැගී හරිම සැර, නැත කිසිවක් ඉවසන්නේ
දුගී වෙලා ඇති බව වික්ටර්පවසන්නේ
  
මතක් කළා කියන්න අපෙ යාළුවොදුටුවෝතින්
හිතක් මටත් හිතයි එන්න වටයක් ලැබුණෝතින්
නෙතක් දිදී ජූලිට මගෙ වලිගයවැනුවෝතින්
සෙතක් නොවනු ඇත ඇය මා සෙනෙහෙන්බැඳුණෝතින්
  
අමතක කර පරණ මතක සෙනෙහෙන් අපබැඳුණූ
මොහොතක සුවයම සොයනෙමි මෙදියත් තුළදරුණූ
අහසක එක ඉර ද සඳ ද පායයි විට හිතුණූ
පහසක මහ රසක් කොහිද හිතවත් කම බිඳුණූ
  

2 comments:

  1. බූල් නැතිව ඉන්නා අපි මතකත් නැහැ වගේ
    කටුව කාපු නගුට මොකට වැනුවත් නැහැ වගේ
    මැක්කන්ටත් කන්ට නැතුව කෙට්ටු වෙලා වගේ
    කවි ටික නම් පට්ට තමයි උඹ සගයනෙ මගේ

    ReplyDelete
    Replies
    1. අමතකමත් නෑ එනමුත් නැහැ වැඩි මතකයක්
      කොහොම උනත් සතුටුයි උඹෙ කවත් පට්ට එකක්

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..