Friday, October 17, 2014

ද්‍රෝහිකම..

යාළු මිත්‍රයන්ට.. දෙමවුපියන්ට.. සහෝදර සහෝදරයින්ට.. දරුවන්ට වගේම ඕනම කෙනෙකුට.. උදවු නැතුවම බැරි වෙලාවට උදවු කරන්ට.. හැබැයි ඕනවට වඩා එයාලා ගැන හොයා බලන්ට යන්ට එපා.. එහෙම හොයා බලන එක එයාලට කරන ද්‍රෝහි කමක්..

අර ඉහත කියපු කස්ටිය ඇතුළුව තමන්ව ආස්සරේ කරන හෝ නොකරන ඕනම කෙනෙක්ගෙන් බැරිම වෙලාවක උදවුවක් ඉල්ලන්ට.. හැබැයි.. පුංචි පුංචි දේවල් වලට එයාලට කරදර කරන්ට එපා.. එහෙම කරදර කරන එක ඔයාලටම කරගන්න ද්‍රෝහි කමක්..

4 comments:

  1. //හැබැයි ඕනවට වඩා එයාලා ගැන හොයා බලන්ට යන්ට එපා..// ඔය ඕනවට වඩා කියන සීමාව අඳුනගන්නේ කොමද අපි....

    දෙමවුපියෝ ගැන හොයල බලනකොට සීමාවක් තියෙනවද...? :O

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ හොයලා බලනවා කියන එක ඒ තරං ගැලපෙන්නෙ නැති යෙදුමක් වෙන්ටැති.. මං කිවුවෙ.. මැදිහත් වෙන්න එපා කියන අදහසින්..

      සීමාව හඳුනගන්න මගේ ක්‍රමය නම්..

      එයාලට තනියෙම හිතන්න.. තනියෙම තමන්ගෙ දේ කරගන්න දෙන්න.. එයාලා කරන දේ අවදානම් නම්.. ටිකක් වැඩිපුර අවධානයෙන් ඉන්න.. හැබැයි... ඒ ගැන එයාලා දැන ගන්න ඕන.. නෑ.. එයාලට උදවු අත්‍යවශ්‍යම විටක උදවු කරන්න.. අත්‍යවශ්‍යම වෙලාව.. තීරණය කරන එක නම්.. ප්‍රායෝගිකව හා අත්දැකීමෙන් තමයි කරන්න වෙන්නෙ.. අත්දැකීම් ලැබෙන්නෙ.. වැරදි සිදුවීමෙන් නිසා.. පරෙස්සමින් කරන්න වෙනවා..

      දෙමවුපියො.. දරුවො කියලා නෑ.. හැමෝටම පෞද්ගලිකත්වයක් හා අනන්‍ය පෞර්ෂයක් තියෙනවා.. ඒ නිසා.. හැම කෙනෙක්ගෙම දේවල් වලට මැදිහත් වීමේ සීමාවක් තියෙනවා..

      Delete
  2. විශ්වාස කරන්නට - ක්‍රියාත්මක කරන්නට - උත්සාහ කරනා වෘතයකි
    තාමත් අසමත්ය!
    නැවත නැවතත් උත්සාහ කරමි!

    ReplyDelete
    Replies
    1. උත්සාහ වන්තයා ජයගනී කියනවනෙ..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..