Saturday, January 31, 2015

නව රජය එක්ක නව බලාපොරොත්තු

නව ජනපතිවරයෙකු යටතේ .. නව අගමැතිවරයෙකු යටතේ.. දින විස්සක පමණ කාලයක් ගෙවී ඇත.. රටේ වෙනසක් සිදු වී ඇත්දැයි... සිතා බැලිය යුතුයැයි සිතේ..
ආර්ථික වශයෙන් ජනතාව වෙත තිබූ පීඩනයේ කිසියම් අඩුවක් ඇත. විශේෂයෙන්.. පෙට්‍රල්.. ඩීසල් සහනය එයට බෙහෙවින් බලපායි.. එහෙත්.. පසුගිය කාලයේ .. අධික ලෙස මිල ඉහල ගිය.. රතු කැකුළු සහල්.. සහ එළවලු වලට යම් සහනයක් දීමට රජය අපොහොසත් වී ඇත..
මානසික නිදහස අතින්.. පොදු ජනතාව ලද සහනය මෙතෙකැයි කිව නොහැක.. හිටපු ජනපති විසින්.. එක මිට ට ගෙන තිබූ .. ව්‍යවස්ථාදායකය සහ අධිකරණය.. නිදහස ලබමින් තිබේ.. දැන් රජයට හෝ .. ජනපති ට විරුද්ධව කතා කරන්නට ජනතාව බිය නැත.. ඉස්සර.. බෝම්බ ගැහුවත් මුඛ අධෝ මුඛ වසා සිටි අය.. දැන්.. වාතයක් ගියත්.. එයට එරෙහිව කතා කරයි.. මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ සාධනීය ලක්ෂණයකි..
තවමත් ඉඳ හිට.. තමන්ගේ ගෝත්‍රික ලක්ෂණ පෙන්වන ඇතැම් පිරිස්.. කලහකාරී ලෙස හැසිරෙති.. ඊට එරෙහිව නිරායාසයෙන් සෘජු පියවර ගැනීමට තවම පොලීසියට පුරුද්දක් නැතුවා විය යුතුය... එහෙත්... පසුව හෝ නීතිය ක්‍රියාත්මක වීම පැසසුම් කටයුතුය..
මේ මෑත කාලීන ඉතිහාසයේ මේ රටේ සිදු වූ අති විශිෂ්ඨතම සමාජ පෙරලියක් ලෙස ඉතිහාසගත වන්නත ඉඩක් නැතැයි මම නොකියමි.. එහෙත් පුරවැසියන් ලෙස සක්‍රීයව හා විවේචනාත්මකව පවතින රජයට.. ප්‍රායෝගිකව සහාය දිය දීම අපගේ වගකීම ලෙස මම දකිමි..
ජනපති තුමනි.. අගමැති තුමනි.. ඔබ දෙදෙනා පිළිබඳ සැකයකින් තොරවම රටේ බහුතරයක් විශ්වාසය තබා ඇත.. එම විශ්වාසය පළුදු නොකිරීම ඔබ සතු යුතුකමකි.. ඒ පමණටම.. ඔබගේ ඇමති මණ්ඩලය ගැන විවිධ.. සැක සංකා අපට ඇත.. දින සියයේ වැදගත්ම කටයුත්ත ලෙස මා දකින්නේ.. වඩාත් ප්‍රායෝගික.. වඩාත් කාර්යක්ෂම මැතිවරණ ක්‍රමයක්.., පාර්ලිමේන්තු ව්‍යූහයක්, ස්වාධීන වූ අධිකරණයක් සහ පොලීසියක්.. නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම සහ සමාජ වටපිටාව නිර්මාණය කිරීමයි.. ඒ මතින්.. දින සියයෙන් පසුව.. බොහෝ යහපත් දෑ රටට දායාද කළ හැකි වනු ඇත.. ඒ සඳහා පුරවැසියන් වූ අපට ඇති වගකීම නම්.. නායකත්වයේ යහපත් සංකල්ප මත පිහිටා.. රටේ දියුණුව හා සංවර්ධනය සඳහා.. අවශ්‍ය ආකල්පමය වෙනස සක්‍රීය කිරීමත්.. කිසි ලෙසකින්.. තෝන් ලනුව අත නොහැරීමත් ය..
වෛරී දේශපාලනය තුරන් වෙමින් තිබීම.. රටේ වාසනාවකි.. මරා කඳවුරේ අනාතයින් ඉතා සුළු පිරිසක් පමණක් බියකරු සිහින දකිද්දී.. මුළු රටම.. ජනතා ජයග්‍රහණයක් වෙනුවෙන් පෙළ ගැසී සිටීම.. අගය කළ යුතු අතර.. එම ක්‍රමය.. පෝෂණය කරමින් ශක්තිමත් කළ යුතුය..

3 comments:

  1. ජනතාවට සහනය දුන් බව හැබෑ මුත් කිසිවක් කියන්නට තවමත් කල් වැඩි යැයි සිතේ. තවම ආරම්භය පමණි. ඒ ගැන විශලේෂණය කිරීම වූ කලී තරග දෙක තුනකට පමණක් සහභාගී වූ ක්‍රිකට් ක්‍රීඩකයකුගේ ප්‍රහාරක වේගය ගැන ප්‍රශස්ති ගැයීමක් හා සමාන වනු ඇත.

    ReplyDelete
    Replies
    1. අනිවා.. ඒත්.. මුල සිටම අවධානයෙන් සිටීම වටිනවා.. අපි එල්ලිලාම හිටියොත්.. හොඳ ප්‍රතිඵල ගන්න තියෙන චාන්ස් එක වැඩියි.. නේද?

      Delete
  2. නව රජය කරන්න ඕන ප්‍රධානම දේ තමයි ඉංග්‍රීසි සහ පරිඝනක ප්‍රවර්ධනය කිරීම.දැනට කෙරෙන සිංහල දෙමළ දෙගොල්ලන්ට ඉගැන්වීමේ විකාරය නවත්වල දෙගොල්ලන්ටම ඉංග්‍රීසි සුපිරියටම උගන්වන්න ඕන.
    අනික තමා රටේ පරිඝනක සාක්ෂරතාව වැඩිකරල ප්‍රායෝගිකව හැම දේකටම තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම.දැනට රිප්ලේස් වෙලා තියෙන්නෙ ටයිප් රයිටරේ විතරයි,එහෙම බෑ නෙට්වර්කින් වලට යන්න ඕන. වැඩ ප්‍රෝග්‍රැමින් කරන්න ඕන.අන්ද්‍රා ප්‍රදේශ් වල චන්ද්‍ර බාබු නායිදු එහෙම උදාහරණෙට අරන් මිලින්ද ගොයිය ඒකාලෙ කතා පොජ්ජක් දැම්ම .දැන් ඉන්න අය ඒ ගැන කොහොම හිතනවද මන්ද

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..