Friday, February 6, 2015

තවම කල් මදිය..


මෛත්‍රී.. වෙනුවෙන් අයියා කෙනෙක් බඩ ගාලාය.. අතන මෙතන නෙමෙයිය.. කිලෝ මීටර් වලින්ම තුනක් ය.. අපේ යාලු මිත්තරයො හුඟ දෙනෙකුට වගේ උන්දැ ගෙ මොළේ ගැන මගෙ පපු කැනැත්තත්.. හෝස් ගානවාය.. ඒ අස්සෙ මට මෙහෙමත් හිතෙනවාය..  උන්දැ කරන්ට ඇත්තේ උන්දැට තේරෙන හොඳම දේ ය.. මටත් මගේ සතුට කියා පාන්ට ඕනෑ ය..  ඒත් උන්දැට වගේ මට කොරමයක් නැත්තේය.. ඒ අතින් උන්දැ.. මට වඩා පොරක් ය..

දැං ඉතිං ඔහෙලා මට සතුටු මක්කටදැයි අහනවාය.. වෙන මක්කටවත් නෙවෙයිය.. මෛත්‍රී ලොක්කට වඳුරු කුණුහරුප කියලා බැන්නත්.. සුදු වෑන් එන්නෙ නැති එකම ඇතිය... මහතැන වෙලා මේ ගත උනු දවස් ඩිංගට.. උන්දැ හුඟක් දේ කොළා ය.. කොළේ නැතත්.. නොකර ඉඳලා.. රටට ඉතුරු කොළාය..

උන්දැ කරපු දේවල් වලිං .. පත් කොරපු ලේකං කාරයො ටික නං ටිකක් අවුල් වගේය.. ඒත්.. උන්දැ කියන්නෙ.. පතිවත තියෙන එක ලේකං කාරයෙක් හොයා ගන්න එක ට වඩා කලු නික හොයන එක මාර ෆන් කියා ය..

උන්දැගෙ අගමැතිත්.. නරකම නැතිය.. ඒත්.. නායකයෙක් විදිහට හරි මදි ය.. අඩු ගානේ බණක් අහද්දි.. බීන් මහත්තයා වගේ නොහිටියානං ඇති ය.. ඒ මදිවට.. අරවින්ද ද සිල්වා ට වගේ දක්ෂ කම අස්සෙ හැංගිච්ච... මොකද්දෝ හිතුවක්කාර කමක් තියේය.. එවුවා හරි යන්නෙ නෑ.. ය.. කාටවත් සූප්පුවෙන් කිරි පොවන්ට ඕනෑ නැති ය. ඒත්.. කවුරු කවුරුත් යාප්පුවෙන් තියා ගන්ට ඕනෑ ය..

ඉස්සර එපා වෙලා හිටියත්.. සජියා.. මරු ය.. මෛත්‍රී ඇරුණම ගේම් එක හරියට සෙල්ලං කරන්නේ සජියා විතර ය..

ලොකු විස්තරයක් කොරන්ට තවම කල් මදිය.. ඔවු..! තවම කල් මදිය..